නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අමෙරිකාවේ වොෂිංටන් නුවර තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා මරණ සංඛ්‍යාව 02 ක්. එම පුද්ගල මරණ දෙකම වාර්තා වූයේ අමෙරිකාවේ වොෂිංටන්වලින්.
මේ අතර ඉකුත් දින 10 තුළ පමණක් ලොව රටවල් 37 ක් සිය පළමු නව කොරෝනා ආසාදිතයා වාර්තා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මේ වන විට ලොව පුරා රටවල් 67 ක් තුළ මෙම වෛරසය පැතිර පවතින බව නවතම වාර්තා පෙන්වා දෙයි.
කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ලොව පුරා පුද්ගල මරණ 3,057 ක් සිදුව තිබෙනවා. ඉන් මරණ 2,912 ක්ම වාර්තා වන්නේ චීනයෙන්. චීනයට පසු කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දකුණු කොරියාවටයි.
අද දිනය වන විට කොරෝනා නිසා දකුණු කොරියාවෙන් වාර්තා වන සමස්ථ පුද්ගල මරණ සංඛ්‍යාව 26ක්. ආසාධිතයින් පමණක් 4,212 ක් වනවා.
ඉරානයෙන් කොරෝනා මරණ 54 ක් වාර්තා වන අතර ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 41 ක්.
මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ලොව පුරා ළමුන් මිලියන ගණනකගේ පාසල් ගමන අඩාල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ පාසල් වසා දමා තිබෙනවා. ඒ අනුව චීන ළමුන් මිලියන 180 ක් පමණ මේ වනවිටත් සිටින්නේ පාසල් අධ්‍යාපනයක් නොමැතිව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට අමතරව ජපානය, ඉරානය, ඉරාකය, පාකිස්තානය, හොංකොං, වියට්නාමය, මොංගෝලියාව හා ඉතාලිය ඇතුළු රටවල් රැසක පාසල් බොහෝමයක් මේ වන විටත් වසා දමා තිබෙනවා.
එසේම අමෙරිකාව බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් කිහිපයක ඇතැම් පාසල්වල ගුරුවරුන් අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක‍්‍රමයට නිවෙස්වල සිටින ළමුන් වෙත ඉගෙනුම් කටයුතු සිදු කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.