Connect with us
Advertise with Giraya

TECHNOLOGY

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නව නිර්මාණකරුවන් දිරි ගැන්වීමේ විශේෂ වැඩපිළිවෙලක්

Published

on

සෞඛ්‍යයට අදාළ නව නිර්මාණ බිහිකිරීම සඳහා තාක්ෂණික සම්බන්ධීකරණය හා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ විශේෂ වැඩපිලිවෙලක් සකස් කර ඇති බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ,කොවිඩ් -19 තත්වය මැද සියගණනක් නව නිර්මාණ බිහිවීම දක්නට ලැබුණු බවත් එබඳු නව නිර්මාණකරුවන් දිරිගන්වා ස්වදේශීය නිෂ්පාදන මෙරට සෞඛ්‍ය සේවාවට වැඩි වැඩියෙන් ලබා දීම සඳහා මෙම වැඩපිළිවෙල සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ආරම්භ කර ඇති බවයි.

මෙහිදී නව නිර්මාණ යටතේ උපකරණයක්,තාක්ෂණයක්,සන්නිවේදන මෙවලමක් හෝ මෙහි සඳහන් නොවන ඕනෑම අදහසක් සලකා බලනු ලබන අතර නිර්මාණයේ අවසන් ප්‍රතිඵලය ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව විධිමත් කිරීමට එනම් ගුණාත්මක භාවය දියුණු කිරීමට කිරීමට හෝ සවිබල ගැන්වීමට දායක විය යුතුය. එබඳු අදහස් පිළිබඳව ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට දන්වන්නේ නම් එම අදහස වැඩිදියුණු කර ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන අවස්ථාව දක්වා ගෙන ඒමටත් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමටත් සූදානම් බවත් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

Giraya News Alerts

මෙසේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නව නිර්මාණ බිහි කිරීමට කැමති පුද්ගලයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk වෙත හෝ ව්‍යාපෘතියේ වෙබ් අඩවිය වන www.pssp.health.gov.lk (එහි innovation තීරය click කරන්න) ප්‍රවේශ වී ව්‍යාපෘතියට එක් වීමට අභිලාෂය පල කිරීමේ ලිපිය අයදුම් පත්‍රය සමග බාගත (download) කරගත යුතුය. එසේත් නොමැතිනම් psspmoh.lk@gmail.com වෙත පණිවුඩයක් යොමු කිරීමෙන් විස්තර හා අයදුම්පත් ලබාගත හැකිවෙයි. අයදුම්පත සම්පූර්ණ ඒ සමග ඇති විස්තර අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය වෙත යොමු කිරීමෙන් ඉදිරි කටයුතු පිළිබඳව දැනුම් දෙන බවත් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

මේ පිළිබඳව වැඩි විස්තර ඉමේෂා අබේසේකර මහත්මිය, ව්‍යාපෘති නිලධාරී , ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය 0112680549 / 0718123858 යන දුරකථන අංක ඔස්සේ ලබා ගත හැකිය.

NEWS

අධික මිල නිසා වාහන ගැනීමෙන් පාරිභෝගිකයින් වැළකෙයි, ගන්න කලින් අනිවාර්යෙන් කියවන්න

Published

on

By

වසංගත තත්වය හමුවේ ආණ්ඩුව විසින් ආනයන අත්හිටුවීමට ගත් තීරණයත් සමග දේශීය වාහන වෙළෙඳපොලේ වාහන මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබුණි. නමුත් මේ වනවිට කෘතීම ලෙස ඉහළ දැමූ මිල යම් ස්ථාවර කෘතීම මිලක පවතින බව වෙළෙඳපොල නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි.

වාහන ආයනයකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ ද පවසන්නේ වාහන මිල ස්ථාවර තත්වයකට පත්ව ඇති බවයි. නමුත් එලෙස ස්ථාවර වී ඇත්තේ කෘතීම ලෙස ඉහළ දැමු මිලක වන අතර මේ වනවිට පාරිභෝගිකයින් වාහන මිල දී ගැනීම බොහෝ දුරට අඩු කර තිබීම හේතුවෙන් වාහන විකිණීම දැඩි ලෙස මන්දගාමී වී තිබෙනවා. එය වාහන අලෙවිකරුවන්ට හා වාහන අලෙවිකරණයේ යෙදෙන සමාගම්වලට දැඩි ලෙස බලපෑම් කර ඇති බව ද පෙනෙන්නට තිබෙනවා. එම තත්වය සමනය කර ගැනීම සඳහා වෙළෙඳ සංගම් විසින් වාහන මිල පහළ ගොස් ස්ථාවර වී ඇති බව මහජනතාවට ඇඟවීමට උත්සාහ කරන අයුරු මාධ්‍ය වාර්තා මගින් පෙනී යනවා.

කෙසේ වෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව, ලියාපදිංචි වාහන පැවරීම බොහෝ දුරට අඩු වී ඇති අතර වාහන මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් වාහන මිල දි ගැනීම පමා කර ඇති බව එමගින් පෙනෙන්නට තිබෙනවා. මහබැංකු අධිපතිවරයා විසින් වාහන ආනයනය කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව පැවසූ අතර දෙසැම්බර් මාසය වනවිට එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවෙනු ඇතැයි මහබැංකු ආරංචි මාර්ග පෙන්වා දෙනවා. එම තත්වය මත විශ්වාසය තබා වාහන මිල දී ගැනීම ප්‍රමාද කිරීම සිදුවී ඇති අතර එම තත්වය හේතුවෙන් ලියාපදිංචි වාහන විකිණීම අතිශයින් මන්දගාමී වී තිබෙනවා.

Giraya News Alerts

මේ අතර පාරිභෝගිකයින් චෝදනා කර සිටින්නේ කුලියට දීමට තිබූ වාහන විකුණා දමමින් සිටින බව තමන්ට නිරීක්ෂණය වූ බවයි. එසේම එම තත්වය සමග වාහන කුලියට ගැනීම පවා අසීරු වී ඇති අතර කුලිය ද ඉහළ දැමීමට කුලී සමාගම් කටයුතු කර ඇති බවට ඔවුන් චෝදනා කර සිටිනවා. එම වාහන මිල දී ගත් පාරිභෝගිකයින් අනාගතයේ දී අසරණ වනු ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා. එම වාහනවල ධාවන සටහන් වෙනස් කර විකුණා ඇති බව බොහෝ දෙනෙකු සැක පළ කරනවා.

ඔබ වාහනයක් මිල දී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එම වාහනය මිල දී ගැනීමට පෙර නිවැරදි ස්ථානයකින් රථය පරීක්ෂා කිරීමට වග බලා ගත යුතුය. එසේම පහත කරුණු කෙරෙහිද අවධානය යොමු කිරීමෙන් හොඳ වාහනයක් ලබා ගැනීමට හැකියාව පවතී.

  1. වාහනය නිවැරදි ස්ථානයකින් තත්ව පරීක්ෂණයක් සිදු කිරීම
  2. වාහනය රක්ෂණය කර ඇති සියලු සමාගම් මගින් ලබාගෙන ඇති වන්දි පිළිබඳ සොයා බැලීම හා ඒ ඒ රක්ෂණ සමාගමේ සඳහන් ධාවන දුර පරීක්ෂා කිරීම
  3. වාහනය නඩත්තු කර ඇති සමාගම් මගින් සිදුකර ඇති නඩත්තු කටයුතු හා ධාවන දුර පිළිබඳ පරීක්ෂා කිරීම
  4. දුම් සහතික පරික්ෂා කිරීම

Continue Reading

BUSINESS

කොළඹ කොටස් වෙළඳපොළ ලබන 17 වන දා සිට සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය වෙයි

Published

on

By

නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්‍රමෝපායක් යටතේ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්මත ආරම්භ වුනා. ඒ අනුව, සැප්තැම්බර් 17 දින සිට කොටස් වෙළඳපොළෙහි සියලු කටයුතු ඩිජිටල්කරණය වීමට නියමිතයි.

සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න හා අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් අග්‍රාමාත්‍යතුමා මුණගැසී ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ්-19 හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු අඩපණ වුවද, සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණ වූ පසු කොටස් වෙළඳපොළ නව මුහුණුවරකින් ලොවට පියනැඟීමට නියමිත බවයි.

කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම් දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියෝජිතයෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබෙනවා.

Giraya News Alerts

එහිදී ලෝකය සමඟ ගණු දෙනු කිරීමේදී මෙන්ම රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් සමඟින් සුවපහසු මෙන්ම කාර්යක්ෂම සේවයක් කොළඹ කොටස් වෙළඳපොළ තුළින් ලබාදීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණ බව ද අග්‍රාමාත්‍යවරයා හමුවූ නියෝජිතයන් පවසා තිබෙනවා.

Continue Reading

NEWS

දළඳා මාලිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ නිල වෙබ් අඩවියට ඊයේ (31) දිනයේ දී සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කරයි.

‘හැකර්වරු’ විසින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවත් ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ හෙළි කරගැනීම සඳහා පරීක්‍ෂණ සිදුකරන බවත් පැවසු දියවඩන නිලමේවරයා සයිබර් ප්‍රහාරයට ලක්වූ දළදා මාලිගාවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්වයට පත්කරගෙන යන බව ද වැඩිදුරටත් පැවසීය.

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට අද (31) පෙරවරුවේ මුල්ම සයිබර් ප්‍රහාරය එල්ල වූ බවත් ඉන් අනතුරුව පස්වරුවේ තවත් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Giraya News Alerts

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub