Advertise with Giraya
ENTERTAINMENT

නඩරාජා ශිවම් මහතා අභාවප්‍රාප්ත වෙයි

ජේෂ්ඨ මාධ්‍යවේදියකු, සිනමා හා ටෙළි නළුවෙකු මෙන්ම රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදකයෙකු වූ නඩරාජා ශිවම් මහතා ඊයේ (24) රාත්‍රියේ පෞද්ගලික රෝහලකදි අභාවප්‍රාප්ත වේ. මිය යන විට ඔහු 74 වන වියේ පසු විය.

ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් අපට සමීපවු ජ්‍යෙෂ්ඨ නිවේදක සින්නයියා නඩරාජසිවම් මහතා වඩාත් ප්‍රකට වූයේ ජාතික රූපවාහිනියේ “ආයුබෝවන්” ඇතුළු වැඩසටහන්වල ස්වර්ණමය යුගයේ දී දායක වීමෙනි.

ජාතික රූපවාහිනියේ සහ ජාතික ගුවන්විදුලියේ දමිළ අංශයේ කටයුතු කර තිබෙන ඔහු විශේෂයෙන් දමිළ පුවත් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් වසර ගණනාවක් සේවය කොට තිබේ. 1998 වසරේ සූරියන් එෆ්.එම් හි ආරම්භක වැඩසටහන් කළමනාකරු හා උපදේශකවරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කළේය.

ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගනයට ද එක් වූ සිවම් මහතා විශේෂයෙන්ම යුද සමයේ විකාශය වූ ටෙලිනාට්‍ය හා චිත්‍රපට වල, සහජීවනය නිරූපණය කරන චරිත බොහොමයක් නිරූපණය කරන ලදි. ඒ අතරින් සුදු අක්කා (1997), යුද ගිණි මැද (1998), ඉර හද යට (2010) , සෙල්වම් (2011) , යන චිත්‍රපට විශේෂ වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Giraya News Alerts

Trending

පුවත් ලෙලි ගසා සත්‍ය දැනගන්න

Copyright © 2016 Giraya News. Powered by Digital Hub

To Top