Connect with us
Advertise with Giraya

BUSINESS

Gmail සේවාවේ තාක්ෂණික දෝෂයක්, දහස් ගණන් පරිශීලකයින්ගෙන් පැමිණිලි

Published

on

සුප්‍රකට විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail යෙදවුමේ තාක්ෂණික දෝෂයක් පවතින බවට දහස් සංඛ්‍යාත පරිශීලකයින්ගෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පරිශීලිකයින් සඳහන් කරන්නේ Gmail සේවාව හරහා විද්‍යුත් ඊමේල් යොමු කිරිමටත්, ලිපි ගොනු ඇතුළත් කිරීමටත් නොහැකි වන ආකාරයේ තාක්ෂණික ගැටළුවකට තමන් මුහුණ පාමින් සිටින බවයි. මේ හේතුවෙන් googleDrive පරිශීලකයින්ට ද තම සේවාවන් ලබා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් Gmail සේවයද සටහනක් තබමින් තහවුරු කර සිටින්නේ එවැනි තාක්ෂණික ගැටළුවක් සම්බන්ධයෙන් වන පැමිණිලි තමන් වෙත ලැබෙමින් පවතින බවයි. තවද, සිදු ව ඇති දෝෂය කුමක්ද යන්න පිළිබඳව තවමත් විමර්ශනයන් සිදු කරන බවත් වැඩිදුර තොරතුරු ඉදිරිියේදී දැනුවත් කරන බවත් ඔවුන් එහිදී සඳහන් කර තිබෙ.

Giraya News Alerts

ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව මෙන්ම ලෝකය පුරා තවත් රටවල් ගණනාවකින් gmail සේවාව අක්‍රීය වී ඇති බවට මෙලෙස පැමිණිලි ලැබෙන බව වාර්තා වේ.

BUSINESS

පාන් යළිත් රු 30කින් නගී

Published

on

By

තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් සිය නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි. එසේම මෙම මිල ගණන් මැයි 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ද ඔවුන් සඳහන් කළා.

Continue Reading

BUSINESS

තෙල් නැව්වලට ඩොලර් මිලියන 7කට අධික ප්‍රමාද ගාස්තුවකුත් ගෙවීමට සිදුවෙලා

Published

on

By

පෙර සැලසුමකින් තොරව ඉන්ධන තොග ඇණවුම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අතිවිශාල පාඩුවක්සිදුව ඇති බව වෘත්තීය සමිති අනාවරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ අප්‍රේල් 25 දින පැමිණ ඇති නෞකාවකට ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් 120,000ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.

ඒ අනුව, එම නෞකාව ඇතුළු නෞකා 3කට මැයි 17 දිනය වනවිට ඩොලර් ලක්ෂ 35කට අධික ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බව ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ඔක්ටේන් 92 හා ඔක්ටේන් 95 පෙට්‍රල් අඩංගු නැව මෙරට මුහුදු සීමාව ආසන්නයට පැමිණියේ පසුගිය මාර්තු 28 දින බවත්, එම නැව තුළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,000ක් තිබෙන බවත් එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත අනාරණය කර සිටියා. ඒ අනුව එම නැව සඳහා ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ඩොලර් 18,000ක් ගෙවිය යුතු බවත්, එම නැව “ක්ෂණික මිලදී ගැනීම්” යටතේ මිලදී ගෙන තිබෙන නිසා ලෝක වෙළෙඳ පොළේ මිලට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නා.

Giraya News Alerts

ඊට අමතරව බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් රැගත් තවත් නෞකාවක් පසුගිය අප්‍රේල් 25 දින මෙරටට පැමිණි ඇති අතර එම නැවට ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් ලක්ෂයක් ගෙවිය යුතු බවට මුලින් සඳහන් කළත්, එම මුදල ඩොලර් එක්ලක්ෂ විසිදහසක් දක්වා ඉහළ දමා ඇති බව ද ආනන්ද පාලිත අනාවරණය කර සිටියා.

තුන්වන නෞකාව දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගෙන මැයි 09 දින මෙරටට පැමිණි ඇති අතර එම නැවට ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ඩොලර් 18,000ක් ගෙවිය යුතු බවත් ඔහු අනාවරණය කළා.

එසේම මාර්තු 18 දින වනවිට කොළඹ වරායට ගෙන්වා තිබූ ඉන්ධන නෞකාවලින් නියමිත කාලයේදී තෙල් ගොඩබෑමට නොහැකි වීම නිසා අදාළ කාලය තුළ පමණක් එම නැව් සමාගම්වලට ප්‍රමාද ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් ගෙවා දැමීමට සිදුවූ බව තෙල් සංස්ථා ගිණුම් අංශ නිලධාරියෙක් හෙළිදරව් කර තිබුණා.

ඒ අනුව, මේ වසරේ මුල සිට මැයි 17 දින දක්වා ගෙවීමට සිදුව ඇති ප්‍රමාද ගාස්තු පමණක් ඩොලර් ලක්ෂ 75ක් එනම් ඩොලර් මිලියන 7.5කට අධික මුදලක් බව වෘත්තිය සමිති පෙන්වා දෙනවා.

පසුගිය කාලය පුරාම මෙලෙස තෙල් මිල දී ගෙන ඇත්තේ “හදිසි මිල දී ගැනීම්” යටතේ බැවින් එම ගණුදෙනුවල විනිවිඳභාවය ද ගැටළු සහගත බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා. එසේම මෙලෙස ගෙවීමට ඩොලර් නොමැති බව දනිමින්ම තෙල් ආනයනය කොට ප්‍රමාද ගාස්තු ගෙවීම හරහා ද කොමිස් මුදල් ලබාගෙන ඇත්දැයි සැකයක් ඇති වන බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා.

Continue Reading

BUSINESS

කංසා අපනයනය නීතිගත කිරීමට මාස 3ක් ඇතුළත නව පනතක්

Published

on

By

ඖෂධීය කංසා සඳහා ඇති ගෝලීය ඉල්ලූම පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව කංසා අපනයනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය, නීතිඥ සිසිර ජයකොඩි සඳහන් කළා.

නොවැම්බර් 30 වැනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ කංසා අපනයනය නීතිගත කිරීම සඳහා ඉදිරි මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරන බවයි.

පසුගිය වසර තුළ COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ මරණ අවම කිරීම සඳහා රටේ දේශීය හා ආයුර්වේද පිළිවෙත් භාවිතා කළ බව ද සිසිර ජයකොඩි පාර්ලිමේන්තුවට පැවසීය.

Giraya News Alerts

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub