නිරෝධායන නීති කඩ කරමින් ෂ්‍රැංගිලා හෝටලයේ උපන්දින සාදයකට සහභාගී වුණැයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප හිමිවී තිබියදී, තමන් ඇතුළු 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීම සම්බන්ධයෙන්, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී ඔවුන්ගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ‘ලංකාදීප’ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පියුමි සහ චන්දිමාල් යන දෙදෙනාම අත්අඩංගුවට ගත් නමුත් ඇප ලැබීමෙන් පසු ඔවුන් නිදහස් කරන ලදී.
කෙසේ නමුත්, චන්දිමාල් සහ පියුමි ඇතුළු උපන් දින සාදයට සහභාගී වූ 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි.
නිරෝධායන මධ්‍යස්ථානයේ දී චන්දිමාල්, පියුමි හංසමාලි ඇතුළු පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බවත්, ඔවුන් කිසිවකුට වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් වාර්තා වේ. ඒ අනුව පිරිස (16) අද දිනයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යෑමට නියමිතයි.
සිදුවුණු ඇන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන්නැයි බොහෝ මාධ්‍ය තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පියුමි හංසමාලි ඩේලිමිරර් පුවත්පත සමඟ පවසා ඇත. තමන් සහ චන්දිමාල් නීතියට අනුව කටයුතු කරමින්, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සූදානම් බව පියුමි හංසමාලි ‘ඩේලිමිරර්’ පුවත්පත සමඟ පවසා ඇත්තේ එම අවස්ථාවේදී බව ද ‘ලංකාදීප’ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.