එන්නත්කරණයේ යම් ගැටලු කිහිපයක් තිබුණ ද මේ මොහොතේ ඇති එකම විසඳුම එන්නත්කරණය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශිල්ඩ් එන්නත සාපේක්ෂව අතුරු ආබාධ ඉතා අවම මට්ටමක පවතින බවයි.
‘ප්‍රශ්න තියෙනවා එන්නතේ. ප්‍රශ්න තිබුනත් යම් එළියක් දැල්විලා තියෙනවා නම් මෙතනින් එළියට එන්න, ගොඩ එන්න, ඒ තමයි එන්නත. තාමත් අපි එන්නත සම්බන්ධයෙන් නොදන්න දේවල් තියෙනවා. අතුරු ආබාධ සම්බන්ධයෙන් ගත්තාම නිශ්චිතවම තහවුරු නොවිච්ච කාරණා තියෙන්න පුළුවන්. අතුරු ආබාධ පිළිබඳව, තව තව අතුරු ආබාධ එන්නත්කරණයත් එක්ක තමයි වාර්තා වෙන්නේ.
මොකද මේ ලෝකයේ අඩුම කාලයකින් නිෂ්පාදනය කරපු එන්නත් තමයි මේ පාවිච්චි කරන්නේ. සාමාන්‍යයේන් අපි එන්නතක් අවසන් අදියරට ගිහිල්ලා අවසන් අනුමැතිය එන්න තුන, හතර, පහ ගිහිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් එන්නතකට. මීට කලින් කම්මුල්ගාය එන්නත තමයි අඩුම කාලයකින් හදලා තියෙන්නේ. ඒකටත් අවුරුදු තුනක්, හතරක්, පහක් ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අවුරුද්දක් ඇතුළත එන්නතක් ආවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක ඉදිරි කාලය තුළදී අපිට යම් නිරීක්ෂණත් එක්ක තමයි මේ හදිසි අනුමැතිය දීලා තියෙන්නේ.
නමුත් අපි මේ දෙකම, වාසි අවාසි තරාදියක දාලා කිරුවොත් එහෙම වාසි පැත්ත බර වැඩි නිසා තමයි අපි එන්නත්කරණය කඩිනම් කරන්න ඕනේ කියලා දිගටම අවධාරණය කරන්නේ. මට එන්නතක් දුන්නට, මට ආරක්ෂාව ලැබුනාට, මං හරහා සමාජයට ව්‍යාප්ත වීම වළක්වන්න එන්නතෙන් පුළුවන්ද කියන එක තාම ප්‍රශ්නයක්. හැබැයි ඒ ලැබෙන ආරක්ෂාව කොච්චර කාලයක් රැඳිලා තියෙනවා ද කියන එක තාම ප්‍රශ්නයක්. මාස 5ක් ද 6ක් ද අවුරුද්දක් ද අධ්‍යයන මට්ටමේ තියෙන්නේ.
එහෙම තිබුනත්, එන්නත සඳහා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මොකද අපිට ගැලවෙන්න තියෙන මේ මොහොතේ පේන්න තියෙන එකම මඟ තමයි එන්නත්කරණය.’
මීට අමතරව, එන්නත ලබා ගැනීමේ දී දැනට වාර්තා වී ඇති අතුරු අබාධ සම්බන්ධයෙන්ද වෛද්‍යවරයා පැහැදිලි කිරීමක් සිදු කළා.
‘මොකද එන්නත සම්බන්ධයෙන්, මේ වෙනකොට සෞඛ්‍ය වෘත්තිකයන්ට විදලා, අපිට තියෙන අත්දැකීම තමයි ඒ අතුරු ආබාධ සැලකිය යුතු අතුරු ආබාධ, ඒ කියන්නේ දරුණු ගණයේ අතුරු ආබාධ ඉතාම අවම මට්ටමක තියෙනවා.
විදපු යම් සැලකිය යුතු පිරිසකට ඇඟට තෙහෙට්ටු ගතියක්, ලා උණක්, ඇඟපත වේදනාවක්, හන්දි වේදනාවක් ඒ වගේ රෝග තත්ත්වයන් ඇතිවෙලා තියෙනවා. අතුරු ආබාධයන් ඇති වෙලා තියෙනවා. නමුත් ඒක තාවකාලිකයි. දවසක් දෙකක් ඇතුළත සාමාන්‍යයෙන් පැරසිටමෝල් දෙකක් වගේ බිව්වාම අඩුවෙලා යන ඉතාම විවේක තත්වයකුත් එක්ක දියර වැඩියෙන් පානය කිරීමත් එක්ක ඒ කාලය ගත කිරීම හරහා ඒ අතුරු ආබාධවලින් ගොඩ එන්න පුළුවන්.
ඊට වඩා දරුණු ගණයේ කලන්තේ ගතියක් ඇතිවෙන, වමනය ඇතිවෙන, cramp මස්පිඬුවල ඇතිවන ඒ වගේ රෝග ලක්ෂණ අඩුවෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ.’
එමෙන්ම, එන්නත්කරණයට ලක් විය නොහැකි පුද්ගලයින් පිළිබඳව වෛද්‍ය හරිත අලුත්ගේ මෙලෙස පැහැදිලි කළා.
‘ඊළඟට අපි ගත්තාම එන්නත විදින්න බැරි කාටද කියලා ගත්තාම සාමාන්‍යයෙන් නොයෙක් දෙනා ප්‍රශ්න කරනවා. ඉතාම අඩු කාරණා ගණනාවක් තමයි තියෙන්නේ එන්නත විදින්න බැරි වෙන්න. අපි ප්‍රතිපත්තියක් විදියට මේ වන විට හෙළිදරව් වෙලා තියෙන තොරතුරුවලට අනුව අවුරුදු 18ට අඩු අයට එන්නත විදින්නේ නැහැ. ඒක නිශ්චිතයි. ඊළඟට ගර්භණී අම්මලාට සහ කිරිදෙන මව්වරුන්ට එන්නත විදින්නේ නැහැ.
ඊළඟට වඩාත්ම වැදගත් වෙන්නේ, දෙවැනි මාත්‍රාව දෙනකොට පළවෙනි මාත්‍රාව දුන් අය අතරින් කෙනෙකුට දරුණු ආසාත්මිකතාවයක් ඇති වුනොත්, දරුණු ප්‍රතික්‍රියා තත්ත්වයක් ඇති වුනොත් එහෙම ඒ වගේ අයට අපිට දෙවැනි මාත්‍රාව දෙන්න බැරිව යනවා.
ඒ වගේම එන්නතේ යම්කිසි රසායන ද්‍රව්‍යයක් තියෙනවා, රසායනික සංඝටක ඒවාට ප්‍රතික්‍රියා දක්වනවා කියලා මිට කලින් allergy history එකක් තියෙනවා නම් ඒ වගේ අයට අපිට එන්නත විදින්න වෙන්නේ නැහැ. ඒ හැරුණාම අනිත් ඕනම කෙනෙකුට එන්නත ලබා දෙන්න පුළුවන් තත්ත්වෙ තියෙන්නේ.’
