Connect with us
Advertise with Giraya

ENTERTAINMENT

ඉන්දියාවේ ඉඳන් ලංකාවට ඇවිත් ජනප්‍රිය වුන ‘දෙවැනි ඉනිමේ බෝඩිමේ ඇන්ටි’

Published

on

සංගීතා තදානි එහෙම නැත්නම් ගොඩක් අය දන්න දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ ‘බෝඩිමේ ඇන්ටිගේ’ චරිතය හරහා ප්‍රේකෂක ආදරය දිනා ගත්ත දක්ෂ රංගන ශිල්පිනිය මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන හදවතේ කතාව ටෙලිනාට්‍යයෙනුත් ජනප්‍රිය වෙලා තියෙනවා.

ඉතින් එම ටෙලිනාට්‍යයේ බෝඩිමේ ඇන්ටිගේ චරිතය නිරූපණයයෙන් එකතු වුන ඇය පසුගිය කාලයේ තිරගත වුන යශෝධරා චිත්‍රපටයේ මහා ප්‍රජාපති ගෝතමී ලෙසිනුත් ප්‍රේක්ෂක ඔබට දැකගන්න ලැබුණා. සංගීතා කියන විදියට ඇය මුලින්ම ක්ෂේත්‍රයට ඇවිත් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ අවුරුදු 14කට විතර කලින් දූ කුමරියෝ කියන ටෙලිනාට්‍ය හරහායි.

ඉතින් ඊට පස්සේ තමයි ඇය පුංචි තිරයෙන් රිදී තිරයට එන්නේ. ඒ තමයි රන් කෙවිඩ් දෙක චිත්‍රපටයෙන්. ඉතින් ඒ වගේම ඇය වර්තමානයේ ගොඩාක්ම ජනප්‍රිය උනේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය හරහායි.

Giraya News Alerts

ඉතින් ඒ වගේම හැමෝම දන්නේ ඇය ලංකාවේ නිළියක් විදියට උනත් නමුත් සංගීතා තදානි කියන්නේ ඉන්දියාවේ උපන් ඉන්දියානු කාන්තාවක්. සංගීතාගේ මවුපියන් දෙදෙනාම ඉන්දියාවේ දෙදෙනෙක්. සංගීතාගේ පියා ව්‍යාපාර කටයුතු සඳහා නිතරම ලංකාවට එනවාලු. ඉතින් තාත්තත් එක්ක සංගීතත් ලංකාවට ඇවිල්ලා. ඉතින් ඒ ආපු ගමනේ දී ඇයට ලංකාවට ආස හිතිලා තමයි මෙහෙ නැවතිලා තියෙන්නේ.

ඉතින් ඒ විතරක් නෙවෙයි ඇය විවාහ වෙන්නෙත් ලංකාවේ අති දක්ෂ රගර් ක්‍රීඩකයෙක් වන ප්‍රදීප් බස්නායක සමඟයි. විවාහයෙන් පස්සේ තමයි සංගීතා සිංහල ඉගෙන ගෙන තියෙන්නේ. ඇයගේ සිංහල ගුරුවරයා වෙලා තියෙන්නේ ඇයගේ සැමියාම තමයි.

රටවල් අතර විවාහය සිදුවෙද්දී ඔවුන් දෙදෙනාට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නත් සිද්ධ වෙලා තියෙනවා. ජාති, ආගම්, කුල, මල මේ හැමදෙයක්ම ඔවුන්ට බලපෑව නමුත් ආදරේ අන්තිමය ජය ගත් බවයි ඇය පවසන්නේ. ඇයගේ පවුලේ අය සහෝදර සහෝදරියෝ ඉන්දියාවේ ඉන්න නිසා නිතර ඇය ඉන්දියාවට ගොස් ඔවුන්ව බලලා එනවා.

වෘත්තියෙන් ගුරුවරියක් වන ඇයට භාෂා පහක් හයක් පමණ කතා කිරීමේ හැකියාව තියෙනවා. ඉන්දියාව අතහැරලා ලංකාවට ඇවිත් ලංකාවෙන්ම විවාහයක් කර ගත් ඇය දැන් අම්මා කෙනෙක්. ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

Advertisement Giraya News Alerts
Click to comment

Leave a Reply

Your email address will not be published.

ENTERTAINMENT

පියුමිගෙන් හා චන්දිමාල්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ?

Published

on

නිරෝධායන නීති කඩ කරමින් ෂ්‍රැංගිලා හෝටලයේ උපන්දින සාදයකට සහභාගී වුණැයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප හිමිවී තිබියදී, තමන් ඇතුළු 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීම සම්බන්ධයෙන්, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී ඔවුන්ගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ‘ලංකාදීප’ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පියුමි සහ චන්දිමාල් යන දෙදෙනාම අත්අඩංගුවට ගත් නමුත් ඇප ලැබීමෙන් පසු ඔවුන් නිදහස් කරන ලදී.

කෙසේ නමුත්, චන්දිමාල් සහ පියුමි ඇතුළු උපන් දින සාදයට සහභාගී වූ 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි.

Giraya News Alerts

නිරෝධායන මධ්‍යස්ථානයේ දී චන්දිමාල්, පියුමි හංසමාලි ඇතුළු පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බවත්, ඔවුන් කිසිවකුට වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් වාර්තා වේ. ඒ අනුව පිරිස (16) අද දිනයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යෑමට නියමිතයි.

සිදුවුණු ඇන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන්නැයි බොහෝ මාධ්‍ය තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පියුමි හංසමාලි ඩේලිමිරර් පුවත්පත සමඟ පවසා ඇත. තමන් සහ චන්දිමාල් නීතියට අනුව කටයුතු කරමින්, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සූදානම් බව පියුමි හංසමාලි ‘ඩේලිමිරර්’ පුවත්පත සමඟ පවසා ඇත්තේ එම අවස්ථාවේදී බව ද ‘ලංකාදීප’ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

Continue Reading

ENTERTAINMENT

‘ඇඩ්‍රස් නෑ’ ගීතයේ ගැටලුව සාමකාමීව විසඳා ගැනීමට දෙපාර්ශවය එකඟ වෙයි

Published

on

‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටය සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කරන ලද, රෝහණ වීරසිංහ විසින් තනු නිර්මාණය කරන ලද ගීතයක් සන්තුෂ් වීරමන් හා භාතිය ජයකොඩි වාණිජ කටයුත්තක් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව සාමකාමීව විසඳා ගැනීමට දෙපාර්ශවය එකඟ වූ බව ඔස්කා සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුව විසින් සඳහන් කරනවා.

එමෙන්ම, එම සිදුවීම ගීත මංකොල්ලයක් නොවන බව ද එම කමිටුව විසින් තහවුරු කර තිබෙනවා.

මෙම කමිටුව විසින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කර ගනිමින් ගීත නිර්මාණ කේන්ද්‍රයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ, භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් වෙත ඒ බව ලිඛිතව දන්වා යවා තිබෙනවා.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Continue Reading

ENTERTAINMENT

‘මම තාම පණපිටින්’ ප්‍රසන්නජිත් පිළිතුරු දෙයි

Published

on

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය, ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මිය ගිය බවට පැතිරී ඇති කටකතා සියල්ල අසත්‍ය බව ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. මේ දිනවල විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ ‘මාස්ටර්’ ගේ චරිතය නිරූපණය කරන අතර ඒ සඳහා ඇති අතිවිශාල ජනප්‍රියත්වය හේතුවෙන් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය වන්නට ඇති බවයි කලා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසන්නේ.

ප්‍රසන්නජිත් අබේසූරිය විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කළ සටහන පහතින්.

මම තාම පණපිටින් ………….. කවුරු හරි මොළේ අමාරුව තියන කෙනෙක් මේ වගේ post එකක් හදල දාල… ඊයෙ රාත්‍රී සිට අද පන්දර මේ දක්වාත් මට කතා කරමින් මේ ගැන බොහෝ දෙනෙක් විමසුව.. මිනිස්සුත් නිකන් කලබල වෙනව…… ඒ සියලු දෙනාට ස්තුතියි 🙏 මේ වගේ අතිශයින්ම බාල වැඩ කරන අය ඒකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියන එකයි මට තියන ප්‍රස්නෙ…

Giraya News Alerts

කෙසේ වෙතත්, එම පෝස්ටුව පළ කළ පුද්ගලයා විසින් තම වරද පාපොච්චාරණය කර තිබෙන බවත් සමාව අයැද සිටි බවත් ප්‍රසන්නජිත් අබේසුරිය විසින් එම පෝස්ටුව තම ගිණුමෙහි පසුව සටහන් කර ඇත.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub