මෙරට සංගීත ක්ෂේත්‍රයේ නියැලී සිටින ගායක ගායිකාවන්, සංගීතඥයන්, ගීත රචකයන් රැසක් නියෝජනය කරන ප්‍රමුඛතම සංවිධානය වන ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉවත් වීමට ප්‍රවීන ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ප්‍රවීන සංගීතඥ රෝහණ වීරසිංහ තීරණය කර තිබෙනවා. ඔවුන් දෙදෙනා පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔස්කා සංවිධානයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදා වෙත යොමුකර තිබෙනවා.
ඔවුන් දෙදෙනා මෙලෙස ඉල්ලා අස් වීමට හේතු වී තිබෙන්නේ, ජැක්සන් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත, රෝහණ වීරසිංහයන් විසින් තනුව හා සංගීතය නිර්මාණය කළ, ගයාන් පෙරේරා විසින් ගායනා කරන ලද ‘ඇඩ්‍රස් නෑ’ ගීතය භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් විසින් අනවසරයෙන් ‘එලිෆන්ට් හවුස්’ ආයතනයේ වාණිජ්‍යය කටයුත්තකට යොදා ගැනීමයි.
එමෙන්ම, මෙහිදි වඩාත් සැලකිල්ලට යොමු වී ඇති කරුණක් වන්නේ, භාතිය ජයකොඩි ද ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කිරීමයි.
අදාළ ගීතය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවේදී භාතිය-සන්තුෂ් දෙදෙනා රුපියල් මිලියනයක වන්දියක් ලබාදීමට එකඟ වී ඇති නමුත් මේ දක්වා එම මුදල ලබා දී නොමැති බවත් විවිධ අන්දමින් හෙට්ටු කිරීමට උත්සාහ දරන බවත් සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ විසින් භාර දී තිබූ ලිපියේ සඳහන් වේ.
සංගීත ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකුගේ අයිතීන් එම අධ්‍යක්ෂක මණ්ඩලයම නියෝජනය කරන කණිෂ්ඨයෙකු අතින් පැහැර හැරීමක් සිදු වන්නේ නම් එවැනි අධ්‍යක්ෂක මණ්ඩලයක තවදුරටත් කටයුතු කළ නොහැකි බව සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ සිය ලිපියෙන් අවධාරණය කරයි.
අදාළ ලිපිය පහතින් දැක්වේ.
රෝහණ වීරසිංහයන්ගේ පුත් කළිඳු වීරසිංහ මේ පිළිබඳව තම ෆේස්බුක් පිටුවේ සටහනක් ද තබමින් අදාළ සිදුවීම ගැන පැහැදිලි කර තිබුනේ මේ අයුරින්.
ඇඩ්‍රස් නැති වෙන්නට හේතුව…
මගේ මිතුරන් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුශ් ගේ production company එකක් වන SGM productions තුලින් ජැක්සන් ඇන්තනී මහතාගේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයට නිර්මාණය කල ගයාන් පෙරේරා ගායනා කරපු ඇඩ්‍රස් නෑ ගීතය elephant house marketing project එකකට යොදාගෙන තිබුනා. මේ ගැන මට සෑහෙන පිරිසක් කතාකරල මගෙන් ඇහුවෙ මම තාත්තගේ සියලුම නිර්මාණ වල copyright සහ digital rights ගැන බලා ගන්න නිසාත් මගේ පියා ඒ පිලිබදව මට නීත්‍යානුකූලව පවරා ඇති නිසාත්ය. මම මේ ගැන තාත්තගෙන් ඇහුවම ඔහු මේ ගැන කිසිවක් දැන සිටියෙ නෑ.
තාත්ත ගීතය රචනා කල මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ජැක්සන් ඇන්තනී මහත්වරුන්ගෙන් මේ ගැන විමසුවත් ඒ අය මේ ගැන දැනුවත් වෙලා තිබුනෙත් නැහැ. පසුව මම කෙලින්ම සන්තුශ්ගෙන් මේ ගැන විමසුවේ ඔහුගේ නම executive producer කියල සදහන් වී තිබුන නිසා. ඔහු මට පවසා සිටියේ ‘ මචo ඒක uncle ගෙද? මම දැනගෙන හිටියෙ නැහැනෙ. මම මොකද වෙලා තියෙන්නෙ කිගල බලල call එකක් දෙන්නනම්’ . නමුත් YouTube song description එකේ සියලුම නම් සදහන්ව තිබ්බා. ඔහු මට ආයි කතා කරල කිව්වා’ මචo අපි film එකේ producer ට රුපියල් 60,000 දීල copyright ගත්ත’ කියල. මම කිව්ව මගේ පියාවත් මාහාචාර්‍ය තුමාවත් කිසිම විදිහකින් නිර්මාණයක අයිතිය producer ට පවරල නැහැ සහ කවදාවත් පවරන්නෙත් නැහැ කියල. ඊට පසුව සන්තුශ් මට කිව්ව ඒ ගැන සොයා බලල මම ආයි කතා කරන්නම් කියල. නමුත් මට දින කීපයක් යන තුරුම කතා කරේ නැහැ.
පසුව මගේ පියා ඔස්කා සoවිදානයට මේ ගැන කියල තිබ්බ. ඒ අය භාතියට සහ සන්තුශ්ට මේ ගැන නැවත කියල. සන්තුශ් මගේ පියාට කතා කල අවස්ථාවේ ටිකක් කතා බහ උනුසුම් වෙලා තිබ්බ. මගේ පියාව වැඩියෙන්ම ලගින් ආස්‍රය කලේ භාතිය නිසා ඔහු තාත්තට කතා කරන්න උත්සහ කරත් තාත්තාගේ හිත හොදටම රිදිල තිබුන නිසා එය ප්‍රතික්ෂේප කරා.
මගේ තාත්තා ගොඩක් ප්‍රවීනයන්ට වඩා වෙනස්. හුග දෙනෙක් ඔවුන්ගේ නිර්මාණ වලට බනිද්දි මගේ පියා ඒව අගය කලා. ඔහු භාතියලත් එක්ක නිර්මාණ පවා කල කෙනෙක්. ගොඩක් අය තාත්තට කිව්ව භාතිය සහ සන්තුශ් කියන්නෙ businessman ල ඒ නිසා ඔස්කා සoවිදානය තුලත් ඒ අය වෙනුවෙන ඒ අයගේ අදහස් වෙනුවෙන් තාත්තට පෙනී සිටින්න එපා කියල. ඒත් ඒ කිසිවක් නොතකා තාත්තා භාතිය සමග ඒ අද්‍යක්ශක මන්ඩල වල හිටියා. ඔවුන්ගේ අදහස් වෙනුවෙන් පෙනී සිටියා. නමුත් ඔවුන් මෙවැනි දෙයක් තමන්ගේ නිර්මාණයකට කරයි කියා මගේ පියා කිසි සේත් හිතුවෙ නැහැ. ඒකයි ඔහුට තිබෙන සිත් තැවුල.
භාතිය මට සෑහෙන වරක් කතා කරල ඔවුන්ගේ පැත්තෙන් උන දේ පැහැදිලි කරන්න මගේ පියාගෙන් වෙලාවක් අරන් දෙන්න කියල ඉල්ලීම් කරා. ඒත් මගේ පියා කිව්ව කොච්චර කතා කරත් කියන්න තියෙන්නේ ඔච්චරයි. වැඩේ කරන්න කලින් මට එක call එකක් දීල uncle මේක අපේ වැඩකට ගන්න පුලුවන්ද කියල අහුව නන් ඕක වෙන්නෙ නැහැ කියල. තාත්ත ඒ බව සදහන් කරල sms එකකුත් යවල තිබුනා.මීට කලින් භාතිය එහෙම අහපු ඒවට තාත්තා ඕනෑ තරම් හා කියල තියනව. අනික producers ල ඒ අයට අයිතිය තියනව කියල නිර්මාණ මුදලට විකුණන දේවල් ගැන සහ එයට විරුද්දව කතා කලයුතු බව භාතියම මගේ පියාට පහදා දී තිබුන මීට කලින්. නමුත් ඒ අයම producer කෙනෙක් ගෙන් මේ ගීතයට අවසර අරන් තිබීම ගැන මගේ පියා කනගාටු උනා. අවසර ගැනීම ඔවුන්ගේ සමාගමේ සේවකයෙකු අතින් උනා වෙන්න පුලුවන් නමුත් එම සමාගමේ අයිති කරුවකු හැටියටත් ඔස්කා සoවිදානයේ අද්‍යක්ශක කෙනෙක් හැටියටත් මෙවැනි දෙයක වගකීමෙන් භාතියටවත් සන්තුශ්ටවත් මිදිය නොහැක.
පසුව ඔස්කා සන්විදානයට සියලුම පාර්ශවයන් ගෙන්වල මේ ගැන කතා කරා. භාතියල ඒ අයගෙන් වරදක් උන බව පිලිගත්ත. පසුව මගේ පියාත් මහාචාර්ය තුමාත් රුපියල් මිලියනයක් වන්දියක් හැටියට ඉල්ලුවා සහ මීලග ඔස්කා රැස්වීමෙදි මේ ගැන වරද පිලිගෙන සමාව ගත යුතු බව පැවසුවා. මේ ඉල්ලීම් ලිකිතව ඔස්කා සoවිදානයවෙත බාර දුන්න. පසුව ඔස්කා සoවිදානයේ උසස් නිලයක් දරන කෙනෙක් මගේ පියාට කතාකරල ගනන කේවල් කරන්න උත්සහ කරා. භතිය සහ සන්තුශ් සමාගම දෙන්න කැමති රුපියල් ලක්ශ 5 බව අපිට දැනුම් දුන්න. මෙතන මුදල් පිලිබද මගේ පියාටත් මහාචාර්ය තුමාටත් අබමල් රේනුවක තරම් වත් වටිනා කමක් තිබ්බෙ නැහැ. නමුත් මේ වගේ නිර්මාණ අනවසරයෙන් පාවිච්චි කිරීමට දඩුවමක් සහ අනාගතයේ මෙවැන්නක් සිදු නොවීමට ගත් තීරනයක් මේක. මෙතරම් නිර්මාණ රැසක් ලoකාවට දායාද කල ප්‍රවීනයන් දෙදෙනෙකු සහ තම අද්‍යක්ශක මන්ඩලයේ දෙදෙනෙකුට ඔස්කා සoවිදානය සලකන්නෙ මෙහෙම නම් අනිත් ශිල්පීන්ගේ අයිතීන් ගැන ලොකු ප්‍රශ්නයක් මෙතන තියනව. එම හේතුවෙන් මගේ පියාත් මහාචාර්ය තුමාත් එම මුදල ප්‍රතික්ෂේප කර ඔස්කා සoවිදානයේ අද්‍යක්ශක තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා එම සoවිදානයේ සභාපතිට භාර දුන්න.
මමත් මේ සිදුවීමේ කොටස්කරුවකු වන නිසා සම්පූර්ණ විස්තරය ඔබට කියන එක මගේ යුතුකමක්. මේ ගැන අප අතර හුව මරු උන SMS පනිවුඩ මේ පිලිබද අවශ්‍ය උනොත් සාක්ෂි දරාවි.
ස්තුතියි 🙏
කළිදු වීරසිoහ