Connect with us
Advertise with Giraya

ENTERTAINMENT

‘මම තාම පණපිටින්’ ප්‍රසන්නජිත් පිළිතුරු දෙයි

Published

on

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය, ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මිය ගිය බවට පැතිරී ඇති කටකතා සියල්ල අසත්‍ය බව ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. මේ දිනවල විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ ‘මාස්ටර්’ ගේ චරිතය නිරූපණය කරන අතර ඒ සඳහා ඇති අතිවිශාල ජනප්‍රියත්වය හේතුවෙන් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය වන්නට ඇති බවයි කලා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසන්නේ.

ප්‍රසන්නජිත් අබේසූරිය විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කළ සටහන පහතින්.

මම තාම පණපිටින් ………….. කවුරු හරි මොළේ අමාරුව තියන කෙනෙක් මේ වගේ post එකක් හදල දාල… ඊයෙ රාත්‍රී සිට අද පන්දර මේ දක්වාත් මට කතා කරමින් මේ ගැන බොහෝ දෙනෙක් විමසුව.. මිනිස්සුත් නිකන් කලබල වෙනව…… ඒ සියලු දෙනාට ස්තුතියි 🙏 මේ වගේ අතිශයින්ම බාල වැඩ කරන අය ඒකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියන එකයි මට තියන ප්‍රස්නෙ…

Giraya News Alerts

කෙසේ වෙතත්, එම පෝස්ටුව පළ කළ පුද්ගලයා විසින් තම වරද පාපොච්චාරණය කර තිබෙන බවත් සමාව අයැද සිටි බවත් ප්‍රසන්නජිත් අබේසුරිය විසින් එම පෝස්ටුව තම ගිණුමෙහි පසුව සටහන් කර ඇත.

Advertisement Giraya News Alerts
Click to comment

Leave a Reply

Your email address will not be published.

ENTERTAINMENT

පියුමිගෙන් හා චන්දිමාල්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ?

Published

on

නිරෝධායන නීති කඩ කරමින් ෂ්‍රැංගිලා හෝටලයේ උපන්දින සාදයකට සහභාගී වුණැයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප හිමිවී තිබියදී, තමන් ඇතුළු 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීම සම්බන්ධයෙන්, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී ඔවුන්ගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ‘ලංකාදීප’ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පියුමි සහ චන්දිමාල් යන දෙදෙනාම අත්අඩංගුවට ගත් නමුත් ඇප ලැබීමෙන් පසු ඔවුන් නිදහස් කරන ලදී.

කෙසේ නමුත්, චන්දිමාල් සහ පියුමි ඇතුළු උපන් දින සාදයට සහභාගී වූ 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි.

Giraya News Alerts

නිරෝධායන මධ්‍යස්ථානයේ දී චන්දිමාල්, පියුමි හංසමාලි ඇතුළු පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බවත්, ඔවුන් කිසිවකුට වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් වාර්තා වේ. ඒ අනුව පිරිස (16) අද දිනයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යෑමට නියමිතයි.

සිදුවුණු ඇන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන්නැයි බොහෝ මාධ්‍ය තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පියුමි හංසමාලි ඩේලිමිරර් පුවත්පත සමඟ පවසා ඇත. තමන් සහ චන්දිමාල් නීතියට අනුව කටයුතු කරමින්, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සූදානම් බව පියුමි හංසමාලි ‘ඩේලිමිරර්’ පුවත්පත සමඟ පවසා ඇත්තේ එම අවස්ථාවේදී බව ද ‘ලංකාදීප’ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

Continue Reading

ENTERTAINMENT

‘ඇඩ්‍රස් නෑ’ ගීතයේ ගැටලුව සාමකාමීව විසඳා ගැනීමට දෙපාර්ශවය එකඟ වෙයි

Published

on

‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටය සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කරන ලද, රෝහණ වීරසිංහ විසින් තනු නිර්මාණය කරන ලද ගීතයක් සන්තුෂ් වීරමන් හා භාතිය ජයකොඩි වාණිජ කටයුත්තක් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව සාමකාමීව විසඳා ගැනීමට දෙපාර්ශවය එකඟ වූ බව ඔස්කා සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුව විසින් සඳහන් කරනවා.

එමෙන්ම, එම සිදුවීම ගීත මංකොල්ලයක් නොවන බව ද එම කමිටුව විසින් තහවුරු කර තිබෙනවා.

මෙම කමිටුව විසින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කර ගනිමින් ගීත නිර්මාණ කේන්ද්‍රයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ, භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් වෙත ඒ බව ලිඛිතව දන්වා යවා තිබෙනවා.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Continue Reading

ENTERTAINMENT

මුතුරාජවෙල පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් නිවේදනයක්

Published

on

අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු සපයමින් මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ මුතුරාජවෙල ආශ්‍රිත පරිසරය ඇතුළු ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය උපරිමයෙන් මැදිහත් වන බවයි.

මුතුරාජවෙල පරිසර කලාපය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා සහ වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දු කඩකිරීම පිළිබඳව කාදිනල් හිමියන් ඊයේ (01) දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් සිය අප්‍රසාදය පළ කර තිබුණි.

මුතුරාජවෙල සහ ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ යෝජනාවට තමන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරන බව ද එහි දැක්විය.

Giraya News Alerts

එම කලාපය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මස 21 වනදා මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ අගරදගුරු නිල නිවසේදී සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

එහිදී මෙහි කිසිදු ව්‍යාපෘතියක් සිදුනොකරන බවට අමාත්‍යවරුන් තමා වෙත පොරොන්දු වූ බව කාදිනල් හිමිපාණන් පෙන්වා දී තිබුණි.

එහෙත් එම සාකච්ඡාවේ දී අමාත්‍යවරුන් ඉදිරියේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ එදින සාකච්ඡාවට භාජනය කළ අතිරේක හා ඉදිරි යෝජිත කමිටුව ක්‍රියාත්මක වී අවශ්‍ය තීන්දු ගන්නා තුරු කිසිදු හේතුවක් නිසා කිසිදු ආයතනයකට තාවකාලික හෝ ස්ථීර බලපත්‍ර ලබා නොදෙන බව යැයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

වැඩිදුරටත් ඔවුන් දක්වා ඇත්තේ, එම සාකච්ඡාවෙන් පසු මේ දක්වා කිසිදු අයුරකින් තාවකාලික හෝ ස්ථිර බලපත්‍ර ලබා දී නොමැති අතර අවම වශයෙන් අයදුම්පතක් හෝ භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඔවුන් සඳහන් කර තිබේ.

මේ පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සහ අනෙක් කාර්යාල වෙත පෞද්ගලිකව ම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් දැනුම්වත් කළ බවත් මුතුරාජවෙලට අදාළව කිසිදු අයදුම්පතක් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වේ.

ඉදිරියේ දී දැනට සාකච්ඡා වී අති පරිදි අන්තර් අමාත්‍යාංශ කමිටුව මඟින් ගන්නා තීරණයකට අනුව මිස වෙනත් කිසිදු යෝජනාවක් මත තනි ආයතනයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා නොකරන බවත් මුතුරාජවෙල ආශ්‍රිත පරිසරය ඇතුළු ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය උපරිමයෙන් මැදිහත් වන බවත් එම නිවේදනයේ අවධාරණය කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub