අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු සපයමින් මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ මුතුරාජවෙල ආශ්‍රිත පරිසරය ඇතුළු ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය උපරිමයෙන් මැදිහත් වන බවයි.
මුතුරාජවෙල පරිසර කලාපය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා සහ වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දු කඩකිරීම පිළිබඳව කාදිනල් හිමියන් ඊයේ (01) දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් සිය අප්‍රසාදය පළ කර තිබුණි.
මුතුරාජවෙල සහ ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ යෝජනාවට තමන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරන බව ද එහි දැක්විය.
එම කලාපය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මස 21 වනදා මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ අගරදගුරු නිල නිවසේදී සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
එහිදී මෙහි කිසිදු ව්‍යාපෘතියක් සිදුනොකරන බවට අමාත්‍යවරුන් තමා වෙත පොරොන්දු වූ බව කාදිනල් හිමිපාණන් පෙන්වා දී තිබුණි.
එහෙත් එම සාකච්ඡාවේ දී අමාත්‍යවරුන් ඉදිරියේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ එදින සාකච්ඡාවට භාජනය කළ අතිරේක හා ඉදිරි යෝජිත කමිටුව ක්‍රියාත්මක වී අවශ්‍ය තීන්දු ගන්නා තුරු කිසිදු හේතුවක් නිසා කිසිදු ආයතනයකට තාවකාලික හෝ ස්ථීර බලපත්‍ර ලබා නොදෙන බව යැයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
වැඩිදුරටත් ඔවුන් දක්වා ඇත්තේ, එම සාකච්ඡාවෙන් පසු මේ දක්වා කිසිදු අයුරකින් තාවකාලික හෝ ස්ථිර බලපත්‍ර ලබා දී නොමැති අතර අවම වශයෙන් අයදුම්පතක් හෝ භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඔවුන් සඳහන් කර තිබේ.
මේ පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සහ අනෙක් කාර්යාල වෙත පෞද්ගලිකව ම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් දැනුම්වත් කළ බවත් මුතුරාජවෙලට අදාළව කිසිදු අයදුම්පතක් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වේ.
ඉදිරියේ දී දැනට සාකච්ඡා වී අති පරිදි අන්තර් අමාත්‍යාංශ කමිටුව මඟින් ගන්නා තීරණයකට අනුව මිස වෙනත් කිසිදු යෝජනාවක් මත තනි ආයතනයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා නොකරන බවත් මුතුරාජවෙල ආශ්‍රිත පරිසරය ඇතුළු ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය උපරිමයෙන් මැදිහත් වන බවත් එම නිවේදනයේ අවධාරණය කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.