දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වලට පවතින වැසි සහිත කාලගුණ තත්වය ඉදිරියටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනූව බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් මිලි මීටර් 150 ඉක්මවූ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශ වලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තද සුළං අනතුරු අවම කරගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
අද පෙරවරුවෙන් අවසන් වූ ගතවු පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙනි. ඒ මිලිමීටර් 215ක් ලෙසය.
ඉදිරි පැය 6 ක කාලය තුළ අත්තනගලූ ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කළ යුතුයි.
මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 07 කට හෙට පස්වරු 02 දක්වා නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර / ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කුරුවිට, ඇහැලියගොඩ / ඇලපාත / රත්නපුර / කිරිඇල්ල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද මෙම නිවේදනය බල පැවැත්වෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටද මෙම නායයාම බලාත්මකයි.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කුකුලේ ගග බුලත්සිංහල ප්‍රදේශයෙන් පිටාර ගැලීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් බුලත්සිංහල – මෝල්කාව ප්‍රධාන මාර්ගය ස්ථාන තුනකින් ජලයෙන් යටවී ඇතැයි සඳහන්.
අත්තනගලූ ඔය, කැලණි ගග, කළු ගග, ගිං ගග, නිල්වලා ගග ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ගංවතුර තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර පවතින අයහපත් කාළගුණය සමග දිවයින පුරා අතුරු මාර්ග බොහොමයක් ජලයෙන් යට වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍යය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.
ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් වඩාත් අවදානයෙන් කටයුතු කරන ලෙසද ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියා.