Connect with us
Advertise with Giraya

NEWS

බස් රථ රියදුරන්ගේ වැරදි අල්ලන්න පොලීසිය අද සිට වෙස්වළාගෙන එයි

Published

on

මගී ප්‍රවාහන බස් රථවලට වෙස්වළාගත් පොලිස් නිලධාරීන් අද (05) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එම නිලධාරීන් බස් රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ඔහු පැවසීය.

විශේෂයෙන් අධික වේගයෙන් ධාවනය, රිය ධාවනය කරමින් ජංගම දුරකථන භාවිතය සහ වෙනත් මාර්ග නීති නොපිළිපදිමින් ධාවනය වන්නේ ද පිළිබඳව ද විමසිල්ලෙන් සිටින ලෙස එම නිලධාරීන් ට උපදෙස් දී ලබා දී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

රියදුරෙක් යම් වරදක් කළහොත් එම බස් රථය ආසන්නම පොලිස් ස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර, පසුගිය පැය විසිහතර තුළදී මාර්ග අනතුරු හේතුවෙන් 7 දෙනෙක් මියගොස් තිබෙනවා. ඉන් 5 දෙනෙක් ම යතුරුපැදිකරුවන් වන අතර එක අයෙක් පදිකයෙකි.

මිය ගිය අනෙක් පුද්ගලයා මීට පෙර අනතුරකට මුහුණදුන් පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

Advertisement
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

NEWS

හරිත සමාජ – ආර්ථිකයක් උදෙසා බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්

Published

on

By

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

“දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය” ලෙස එය නම් කර තිබේ.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකායට කැබිනට් අමාත්‍යවරු 05 දෙනෙක්, ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ද ඇතුළත් වන අතර දිලිත් ජයවීර ප්‍රමුඛ ව්‍යාපාරිකයින් ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් සමග සාමාජිකයෝ 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත් වෙති.

අමාත්‍ය ආර්.එම්.සී.බී. රත්නායක, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, මහින්දානන්ද අළුත්ගමගේ, රමේෂ් පතිරණ, ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, අරුන්දික ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, කනක හේරත්, ජානක වක්කුඹුර, මොහාන් ද සිල්වා, විමලවීර දිසානායක, කාංචන විජේසේකර, සදාසිවම් වියාලේන්ද්‍රන්, ඩි.බී. හේරත්, ශෂේන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, සීතා අරඹේපොල, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මංජුලා දිසානායක, ආචාර්ය එම්.ඩබ්.එන්, ධර්මවර්ධන, ජයම්පති මොල්ලිගොඩ, ජයන්ත වික්‍රමසිංහ, මහාචාර්ය සුදිරා රන්වල, ආචාර්ය ජී.ඒ.එස්. ප්‍රේමකුමාර, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, ආචාර්ය ඩී.එම්.ජේ.බී. සේනානායක, මහාචාර්ය එස්. ආනන්ද කුලසූරිය, ආචාර්ය ටී.එල්. ගුණරුවන්, මහාචාර්ය පී.අයි. යාපා, ආචාර්ය එච්.එම්.ජී.එස්.බී. හිටිනායක, ආචාර්ය අසීස් මුබාරක්, ආචාර්ය යසන්තා මාපටුන, ආචාර්ය ක්‍රිෂ් ධර්මකීර්ති, සචිත්‍ර යාපා, විකී වික්‍රමතුංග, හර්මන් ගුණරත්න, ධම්මික කොබ්බෑකඩුව, දේවක වික්‍රමසූරිය, ජීවක අතපත්තු, දිල්ශාන් ප්‍රනාන්දු, මොහොමඩ් අනීස් ජුනයිඩ්, දිලිත් ජයවීර, විජිත් වැලිකල යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුමක් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අප්‍රේල් මස 27 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ අන්තර්ගත සමස්ත ප්‍රතිපත්ති රාමුව සහ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අවධාරණය කර ඇති පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, වායු ගෝලය, අපද්‍රව්‍ය, කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය, ජනාවාස හා නගර සහ පාරිසරික අධ්‍යාපනය යනාදී අංශ පිළිබඳ කරුණු සැලකිල්ලට ගනිමින් එම අභියෝග ජය ගැනීමට ජනාධිපතිතුමාට විශාල ජනවරමක් ලැබී ඇත.

වර්තමානය වන විට රසායනික පොහොර, වල් නාශක හා පලිබෝධ නාශක සඳහා අතිවිශාල ජාතික වියදමක් දැරීමට සිදුව තිබේ. එමගින් ගංගා, වැව් අමුණු ජලය දූෂණය වීම හා පස දූෂණය වීම නිසා ජනතාවට ඇතිවන රෝගාබාධ හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවනෝපාය මාර්ග අහිමි වීම දක්නට ලැබේ. වස විසෙන් තොර ආහාර ලබා ගැනීමේ දුෂ්කරතා වර්ධනය වෙමින් පවතී.

රටින් පිටට ගලා යන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීම, නැගී එන ගෝලීය ආර්ථික රටාව තුළ එහි ඉහළ වාසිදායක තත්ත්වයක් රටට හිමිකර ගැනීම පරිසර හිතකාමී සමාජ ආර්ථික රටාවකට ජනතාව පෙළගැස්වීම ඇතුළු පරිසර හිතකාමී කාරණා රැසක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කර තිබේ. පරිසරය සුරැකීම වෙනුවෙන් ගොනු කළ තවත් කරුණු 24ක් කෙරෙහි විශේෂ අවධානයෙන් ක්‍රියා කිරීම කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීමකි.

කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන භාවිතා කරමින් පූර්ණ වශයෙන් රසායනික ගොවිතැනින් ස්වභාවික ගොවිතැනට පරිවර්තනය වීම සඳහා මාර්ග සිතියමක් පිළියෙල කිරීම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමකි.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය සහ “ගම සමග පිළිසඳර” ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බවට මෙම කාර්ය සාධක බලකායට ජනාධිපතිතුමා නියම කර තිබේ.

Continue Reading

NEWS

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනියගේ රාජකාරි අවසන්

Published

on

By

2021 මැයි 24 දින සිට බලපැවැත්වෙන පරිදි නීතිපති දප්පුල ද ලිවේරාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කළ රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්නගේ සම්බන්ධීකරණ නිලධාරිනී තනතුරේ රාජකාරි අවසන් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (පරිපාලන) විකුම් ද ආබෲ විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් වෙත නිකුත් කළ චක්‍රලේඛයක් මගින් මේ බව අනාවරණය වී තිබෙනවා.

රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරමින් සිටිය දී මෙරට රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨතම තනතුරක් වන ජනාධිපති අතිරේක ලේකම් (නීති) වශයෙන් ද රාජකාරි සිදුකළා. එම ධූරයට පත් ලාබාලතම තැනැත්තිය ඇයයි.

Continue Reading

NEWS

පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මකයි

Published

on

පළාත් අතර සංචරණ සීමා බලාත්මක කිරීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

කෙසේ වෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිවේදනය කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර රටේ පවතින කොවිඩ් -19 තත්ත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමේ හැකියාවක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු ම පළාත් අතර සංචරණ සීමා පැනවීමට ජනාධිපතිවරයා විසින් ඊයේ (10) නියෝග කර තිබුණි.

කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වේ.

ඒ අනුව,

  • සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට
  • පිරිස් එක්රැස් වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමට
  • වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමට
  • ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනකිරීමටත් ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub