බලයට පත් වූ විගස පොරොන්දු ඉටු කිරිමට නොහැකි බවත් පාලන කාලය තුළ දී ජනතාව බලාපොරොත්තු වන සංවර්ධනය සිදු කරන බවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවට එක්වෙමින් ය.
“නව රජය බලයට පත් කරගන්නකොට ඔබතුමන්ලාගේ හිතේ බොහෝ බලාපොරොත්තු තිබුනා. ඒ මොකද අපි හැමදාමත් ආණ්ඩුවක් හදලා පළාත් සභාවක් හදලා ප්‍රාදේශීය සභාවක් හදලා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවන මට්ටම අපි ඉන්න තත්වෙන් තවත් උසස් කර ගන්න එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව තියෙන්නේ.
අද වෙනකොට මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ තැනට මේ රට අපිට ගමන් කරවන්න ආරම්භ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඡන්දෙ දුන්න අය නම් එච්චර සතුටු නැතුව ඇති. ඒ මොකද කතිරය ගහපු ගමන් බලාපොරොත්තු වෙනවා ප්‍රතිඵලය.
කතිරය ගහපු ගමන් රස්සාව නැති එක්කෙනා බලනවා රස්සාව හම්බෙයි කියලා. ලයිට් නැති එක්කෙනා බලනවා ලයිට් ටික ලැබෙයි කියලා. වතුර නැති එක්කෙනා බලනවා වතුර ටික ලැබෙයි. වැව හදාගන්න ඉන්න ගොවි සංවිධානේ බලනවා අපේ වැව තමයි ඉස්සෙල්ලාම හදන්නේ.
අපි ඔබතුමන්ලාගේ බලාපොරොත්තු එකක්වත් සුන් වෙන්න දෙන්නේ නෑ. එකක්වත් අපි නොකෙරෙන තැනට නෙමෙයි ගෙනියන්නේ. මේ සියල්ලම කළ යුතු දේවල්. හැබැයි අපි අවුරුදු 05 තුළ මේ වැඩසටහන හදාගත්තාම මොකද්ද පළවෙනියාට කරන්නේ දෙවැනියාට කරන්නෙ කියන ලැයිස්තුවක් අපිට හදාගන්න වෙනවා.
එහෙම නැතුව අපිට අවුරුදු පහක වැඩ පළවෙනි අවුරුද්දෙ කරන්න බෑ. පළවෙනි මාස 06 කරන්න බෑ. ඒ නිසා සියලුම අමාත්‍යාංශ අද ඔබතුමන්ලාට අවශ්‍ය කරන සංවර්ධන වැඩ ටික ගමේ කරගෙන යනවා.”
තවද, එම අවස්ථාවේ දී අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගේ බෙදී යාම සම්බන්ධයෙන් ද අදහස් පළ කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ ඇතැම් පිරිස් පක්ෂය හැරදා ගියත් වැරදි තේරුම් ගිය විට නැවතත් පක්ෂය සමඟ අත්වැල් බැඳ ගන්නා බවයි. එසේ පැමිණෙන සියලුදෙනා මහගෙදරට සාදරයෙන් පිළිගන්නා බව අමාත්‍යවරයා පැවසුවා.
“අපි සේරම එකම පක්ෂයේ කලින්. දැන් තමා පක්ෂ දෙකකට බෙදිලා ඉන්නේ. අද අපි හැමෝගෙම ආරම්භ කොහෙද? මහින්ද මහත්තයාගේ ඇතුළු දුමින්ද දිසානායක ඇතුළු ඔබතුමන්ලා හැමෝගෙම ඇතුළු බහුතරයකගේ ආරම්භය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.
අපි පක්ෂ දෙකකට හිටියාට අද අපේ මුල ආරම්භය අපි වැඩි කොටසක් කැපකරලා තියෙන්නේ වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගෙන තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. අපි මහගෙදරින් පොඩ්ඩක් ඈත්වෙලා ඉන්නවා කියන එක ඇත්ත. හැබැයි අපිට මහ ගෙදර සාමාජිකයෙක් කියන එක අමතක කරන්න බෑ.
සාමාන්‍යයෙන් ගෙදර අම්මා තාත්තා එක්ක තරහාවෙලා ළමයෙක් ගියා කියලා අම්මා තාත්තා තරහාවෙන්නේ නෑ. හැබැයි පුළුවන් තරම් අනුකම්පා කරනවා, උදව් කරනවා හැබැයි අවසාන ප්‍රතිඵලය කවදාහරි වැරැද්ද තේරිච්ච දවසක නැවත වතාවක් මහගෙදරට එනවා. අපිත් ඒක ඔළුවෙ තියාගෙන අපි කාත් එක්කවත් අමනාප වෙලා නෑ.
අපිට කතිරෙ ගැහුවාද නැද්ද ? අපේ රැස්වීමට ආවද? අපිට බාධා කරා ද? අපිට මනාපයක් දෙන්න එපා කිව්වාද ? මේ කිසි දෙයක් අපි හිතේ කහටක් තියාගෙන නැ. අපි දන්නවා අපිට උවමනා කරන්නේ මොකද්ද? අපි හැමෝම එකතු වෙලා මේ රට ලස්සන කරන එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව.”