Connect with us
Advertise with Giraya

NEWS

ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Published

on

ලොව සෑම රටකටම අද දිනය වනවිට කොරෝනා එන්නත් යම් පමනකින් හෝ ලබා දීමට තිබූ ඉලක්කය සපුරා ගැනීමට නොහැකිවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ධනවත් රටවල් සහ දුගී රටවල් අතර එන්නත් බෙදීයාමේ විශාල පරතරයක් තිබීම ඊට හේතුව වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩනම් පෙන්වා දෙන්නේ.

ලොව සෑම රටකටම ජනගහන අනුපාතය අනුව කොරෝනා මර්දන එන්නත් සමානව බෙදී යායුතු බව ආරම්භයේ සිටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය වී තිබු අතර ඒ අනුව කොවැක්ස් පහසුකම යටතේ දිළිඳු රටවලට එන්නත් ලබා දීමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ අද වනවිට ධනවත් රටවල සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් අයෙක් කොරෝනා එන්නත් ලබා ගනිද්දිී, දිළිඳු රටවල එම අනුපාතය පුද්ගලයින් 500කට එක් අයෙක් ලෙස විශාල පරතරයක් ඇති බවයි.

කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටවව් 100ක් සඳහා මේවනවිට බෙදා හැර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 38ක්. රටවල් 190ක් සඳහා එන්නත් බිලියන 2ක් ලබා දීමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය වී ඇත්තේ.

NEWS

විදෙස්ගතව සිට පැමිණෙන්නන්ට බලපාන නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

Published

on

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන්නන් හට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සියළු ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, විදෙස් ජාතිකයින් හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දින 14ක් නිරෝධායනය වීම අනිවාර්ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කරයි.

එහි දැක්වෙන පරිදි වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන් රටට පැමිණි පළමු දිනයේදී පී සී ආර් පරීක්ෂණයකට යොමු වීම ද අනිවාර්ය වනවා.

එමෙන්ම දින 11 ත් 14 ත් අතර කාලයේදී ඔවුන් දෙවන පී සී ආර් පරීක්ෂණයට යොමු විය යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කල නිවේදනයේ දක්වා ඇත්තේ.

එහිදී සෘණාත්මක පී සී ආර් පරීක්ෂණයක් ප්‍රථිඵලයක් ලැබුණහොත් පමණක් ඔවුන් නිරෝධායනයෙන් මුදා හැරිය යුතු බවයි එහි සඳහන් වන්නේ.

මෙලෙස නිරෝධායනයට ලක්වන්නන් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් යැයි හඳුනාගත හොත් ඔවුන්ගේ නිරෝධායන කාල සීමාව දීර්ඝ කල හැකියි.

මෙම නියමයන් ලබන 31 වනදා දක්වා බලාත්මක වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ.

Continue Reading

NEWS

හරිත සමාජ – ආර්ථිකයක් උදෙසා බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්

Published

on

By

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

“දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය” ලෙස එය නම් කර තිබේ.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකායට කැබිනට් අමාත්‍යවරු 05 දෙනෙක්, ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ද ඇතුළත් වන අතර දිලිත් ජයවීර ප්‍රමුඛ ව්‍යාපාරිකයින් ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් සමග සාමාජිකයෝ 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත් වෙති.

අමාත්‍ය ආර්.එම්.සී.බී. රත්නායක, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, මහින්දානන්ද අළුත්ගමගේ, රමේෂ් පතිරණ, ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, අරුන්දික ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, කනක හේරත්, ජානක වක්කුඹුර, මොහාන් ද සිල්වා, විමලවීර දිසානායක, කාංචන විජේසේකර, සදාසිවම් වියාලේන්ද්‍රන්, ඩි.බී. හේරත්, ශෂේන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, සීතා අරඹේපොල, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මංජුලා දිසානායක, ආචාර්ය එම්.ඩබ්.එන්, ධර්මවර්ධන, ජයම්පති මොල්ලිගොඩ, ජයන්ත වික්‍රමසිංහ, මහාචාර්ය සුදිරා රන්වල, ආචාර්ය ජී.ඒ.එස්. ප්‍රේමකුමාර, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, ආචාර්ය ඩී.එම්.ජේ.බී. සේනානායක, මහාචාර්ය එස්. ආනන්ද කුලසූරිය, ආචාර්ය ටී.එල්. ගුණරුවන්, මහාචාර්ය පී.අයි. යාපා, ආචාර්ය එච්.එම්.ජී.එස්.බී. හිටිනායක, ආචාර්ය අසීස් මුබාරක්, ආචාර්ය යසන්තා මාපටුන, ආචාර්ය ක්‍රිෂ් ධර්මකීර්ති, සචිත්‍ර යාපා, විකී වික්‍රමතුංග, හර්මන් ගුණරත්න, ධම්මික කොබ්බෑකඩුව, දේවක වික්‍රමසූරිය, ජීවක අතපත්තු, දිල්ශාන් ප්‍රනාන්දු, මොහොමඩ් අනීස් ජුනයිඩ්, දිලිත් ජයවීර, විජිත් වැලිකල යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුමක් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අප්‍රේල් මස 27 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ අන්තර්ගත සමස්ත ප්‍රතිපත්ති රාමුව සහ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අවධාරණය කර ඇති පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, වායු ගෝලය, අපද්‍රව්‍ය, කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය, ජනාවාස හා නගර සහ පාරිසරික අධ්‍යාපනය යනාදී අංශ පිළිබඳ කරුණු සැලකිල්ලට ගනිමින් එම අභියෝග ජය ගැනීමට ජනාධිපතිතුමාට විශාල ජනවරමක් ලැබී ඇත.

වර්තමානය වන විට රසායනික පොහොර, වල් නාශක හා පලිබෝධ නාශක සඳහා අතිවිශාල ජාතික වියදමක් දැරීමට සිදුව තිබේ. එමගින් ගංගා, වැව් අමුණු ජලය දූෂණය වීම හා පස දූෂණය වීම නිසා ජනතාවට ඇතිවන රෝගාබාධ හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවනෝපාය මාර්ග අහිමි වීම දක්නට ලැබේ. වස විසෙන් තොර ආහාර ලබා ගැනීමේ දුෂ්කරතා වර්ධනය වෙමින් පවතී.

රටින් පිටට ගලා යන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීම, නැගී එන ගෝලීය ආර්ථික රටාව තුළ එහි ඉහළ වාසිදායක තත්ත්වයක් රටට හිමිකර ගැනීම පරිසර හිතකාමී සමාජ ආර්ථික රටාවකට ජනතාව පෙළගැස්වීම ඇතුළු පරිසර හිතකාමී කාරණා රැසක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කර තිබේ. පරිසරය සුරැකීම වෙනුවෙන් ගොනු කළ තවත් කරුණු 24ක් කෙරෙහි විශේෂ අවධානයෙන් ක්‍රියා කිරීම කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීමකි.

කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන භාවිතා කරමින් පූර්ණ වශයෙන් රසායනික ගොවිතැනින් ස්වභාවික ගොවිතැනට පරිවර්තනය වීම සඳහා මාර්ග සිතියමක් පිළියෙල කිරීම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමකි.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය සහ “ගම සමග පිළිසඳර” ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බවට මෙම කාර්ය සාධක බලකායට ජනාධිපතිතුමා නියම කර තිබේ.

Continue Reading

NEWS

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනියගේ රාජකාරි අවසන්

Published

on

By

2021 මැයි 24 දින සිට බලපැවැත්වෙන පරිදි නීතිපති දප්පුල ද ලිවේරාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කළ රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්නගේ සම්බන්ධීකරණ නිලධාරිනී තනතුරේ රාජකාරි අවසන් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (පරිපාලන) විකුම් ද ආබෲ විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් වෙත නිකුත් කළ චක්‍රලේඛයක් මගින් මේ බව අනාවරණය වී තිබෙනවා.

රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරමින් සිටිය දී මෙරට රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨතම තනතුරක් වන ජනාධිපති අතිරේක ලේකම් (නීති) වශයෙන් ද රාජකාරි සිදුකළා. එම ධූරයට පත් ලාබාලතම තැනැත්තිය ඇයයි.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub