Connect with us
Advertise with Giraya

BUSINESS

රජයේ නිවාඩුවක් වුවත් හෙට සියලු බැංකු විවෘතයි

Published

on

හෙට (12) දිනය රජයේ නිවාඩු දිනයක් වුවද සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විවෘතව පවතින බව මහ බැංකුව නිවේදනය කරයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි,

“10,11 සෙනසුරාදා නිවාඩුවක් තිබුණේ ඒ වාගේම 13, 14 අවුරුද්දට නිවාඩු තියෙන නිසා සඳුදා විතරයි මැද දවසක් වශයෙන් රජයේ කාර්යාල වැඩකරන දිනයක් විදිහට තිබුණේ. ඉතින් ඒ නිසා විශේෂ ඉල්ලීමක් තිබුණා රජයේ අයට පහසුවක් සැලසෙන්න. රාජ්‍ය සේවකයින් මේ කාර්යාල ඇරලා තියෙනවාට වඩා නිවාඩුවක් දුන්නම් වැඩිය හොඳයි කියලා. ඒ නිසා තමයි අපි සඳුදා දින විශේෂ නිවාඩු දිනයක් ලෙස පත්කරේ. සඳුදා බැංකු සහ අනෙක් අවශ්‍යතාවයන් තියෙනවා. ඒ නිසා හෙට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළද, එය බැංකු හෝ වෙළෙඳ නිවාඩු සඳහා අදාළ වන්නේ නැහැ. “

මේ අතර, අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අලුත් අවුරුද්ද සඳහා ලබා දෙන රු.5000 දීමනාව ද සමෘද්ධි බැංකු හරහා ලබා දීමට ද හෙට (12) සහ අනිද්දා (13) දෙදින තුළ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Advertisement
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BUSINESS

වසර පහක් තුළ ට්‍රිලියන 1.2ක වාහන ලංකාව ආනයනය කරලා

Published

on

2015 වසරේ සිට 2019 වසර දක්වා වසර 05ක කාලයක් තුළ දී මෙරටට ආනයනය කළ වාහන ගණන 25,15546ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවා(ර්)ඩ් කබ්රාල් පාර්ලිමේන්තුවේදී අද (05) සඳහන් කළා.

එම වාහන ප්‍රමාණය ආනයනය කිරීම සඳහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1,239ක් බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසීය.

එම කාලය තුළ දී ශ්‍රී ලංකාවට රටවල් 103 කින් වාහන ආනයනය කර තිබේ.

Continue Reading

BUSINESS

රුපියල ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙලක්

Published

on

මේ වන විට, පහත වැටී ඇති රුපියල යළි ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී නව වැඩපිළිවලක් සකස් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙදපොළ සහ රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

‘2014 දී අපිට ලැබිච්ච චෝදනාව තමයි රුපියල ස්ථාවරයි කියලා. ඒ කාලේ මම මහ බැංකු අධිපතිවරයා හැටියට චෝදනා ලැබුවා බොහෝ දෙනෙකුගෙන්. අපි මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යන්නේ ඇයි. රුපියල මේ වගේ ස්ථාවර තබා ගන්න අවශ්‍ය නෑ. විවිධ ආර්ථික ඔස්තාර්ලා අපිට දේශනා දුන්නා.

ඒ උනාට ඒ අය ආණ්ඩුව ගත්තට පස්සේ අපි දැක්කා රු. 131 ඉඳලා රු.185 දක්වා ඉතාම සීඝ්‍රයෙන් අවුරුදු පහක් තුළ දී රටේ මීට පෙර නොතිබූ ආකාරයට රුපියල අවප්‍රමාණය වී තිබුණා. දැන් අපි දකින්නේ ඒ රුපියල අවප්‍රමාණය වීමේ තවත් එක් අදියරක්. අපි ඒකට දැනටමත් කටයුතු කරගෙන යනවා ඒ තත්ත්වය වෙන පැත්තකට හරවන්න.

ඒ වුනත් අපි දැක්කා රුපියලේ අගය පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලිකම සාධකය තමයි රටේ සංචිත ප්‍රමාණය. 2014 අගදී තිබුනා අපේ රටේ සංචිත හැටියට ඩොලර් බිලියන 8.2ක්. අපි පුරෝකථනය කෙරුවේ 2019 වෙනකොට ඩොලර් බිලියන 15 දක්වා අපිට වැඩි කරගන්න පුළුවන් වේවි කියලා.

ඒ වුනාට 2015 වන විට අපිට ඩොලර් බිලියන 8.2ක්වත් ඉතුරු වෙලා තිබුනේ නෑ. තිබුනේ 7.4ක් පමණයි. ඒ වුනත් අපි නොබෝ දවසකින් නැවත වරක් රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කරන්න පුළුවන් වේවි කියන එක තමයි අපේ විශ්වාසය’ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පැවසීය.

Continue Reading

BUSINESS

ඇමරිකානු ඩොලරය රුපියල් 200 ඉක්මවයි

Published

on

ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200 ඉක්මවා ගොස් තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.06 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනෙහි මේ බව දක්වා ඇත. මෙහිදී ගැනුම් මිල රු. 195.28 ක් ලෙසින් වාර්තා වේ.

මේ අතර ලංකා බැංකුවට අනුව අද දින ඩොලරයක විකුණුම් මිල රු. 201.28 කි. එසේම ආනයන සඳහා ඩොලරයක විකුණුම් මිල රු. 202.14 ක් ලෙසින්, ලංකා බැංකු නිල වෙබ් අඩවියෙහි සඳහන් වේ.

කෙසේ වෙතත් මහජන බැංකුවට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 205.98 ක් ලෙසින් දැක්වේ.

මීට අමතරව ජාතික ඉතිරි කිරීමේ බැංකුව රු. 200.50 ක්, සම්පත් බැංකුව රු. 201.00 ක්, කොමර්ෂල් බැංකුව රු. 201.50 ක් ආදී වශයෙන් අද දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මීට පෙර 2020 අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ දී පමණක් ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub