Connect with us
Advertise with Giraya

Health

කොරෝනා වැළඳුන අය ගැන නවතම පර්යේෂණයකින් හෙළි වූ දේ

Published

on

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී සුව වූ සෑම තිදෙනෙකුගෙන් එක් අයෙකුට ම දීර්ඝ කාලීන රෝගාබාධ ඇති වීමේ අවදානමක් පවතින බව නවතම පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.

කොවිඩ් වෛරසය වැළඳී සුව වූ පුද්ගලයින්ගෙන් 17%ක් ආතතියෙන් පෙළෙන බවත් 14%ක් ක්ෂණික ඉරියව් වෙනස්වීම්වලට ලක්වන බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව, කොවිඩ් – 19 වෛරසය වැළඳුන පුද්ගලයින් මානසික ආබාධ හා ස්නායු ආබාධ ලක්ෂණ ඇති විය හැකි බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී සුව වූ පුද්ගලයින් 236,000කගේ තොරතුරු ආශ්‍රයෙන් මෙම පර්යේෂණය සිදු කර ඇත.

Health

මේ මොහොතේ පේන්න තියෙන එකම මඟ තමයි එන්නත්කරණය – GMOA

Published

on

එන්නත්කරණයේ යම් ගැටලු කිහිපයක් තිබුණ ද මේ මොහොතේ ඇති එකම විසඳුම එන්නත්කරණය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශිල්ඩ් එන්නත සාපේක්ෂව අතුරු ආබාධ ඉතා අවම මට්ටමක පවතින බවයි.

‘ප්‍රශ්න තියෙනවා එන්නතේ. ප්‍රශ්න තිබුනත් යම් එළියක් දැල්විලා තියෙනවා නම් මෙතනින් එළියට එන්න, ගොඩ එන්න, ඒ තමයි එන්නත. තාමත් අපි එන්නත සම්බන්ධයෙන් නොදන්න දේවල් තියෙනවා. අතුරු ආබාධ සම්බන්ධයෙන් ගත්තාම නිශ්චිතවම තහවුරු නොවිච්ච කාරණා තියෙන්න පුළුවන්. අතුරු ආබාධ පිළිබඳව, තව තව අතුරු ආබාධ එන්නත්කරණයත් එක්ක තමයි වාර්තා වෙන්නේ.

මොකද මේ ලෝකයේ අඩුම කාලයකින් නිෂ්පාදනය කරපු එන්නත් තමයි මේ පාවිච්චි කරන්නේ. සාමාන්‍යයේන් අපි එන්නතක් අවසන් අදියරට ගිහිල්ලා අවසන් අනුමැතිය එන්න තුන, හතර, පහ ගිහිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් එන්නතකට. මීට කලින් කම්මුල්ගාය එන්නත තමයි අඩුම කාලයකින් හදලා තියෙන්නේ. ඒකටත් අවුරුදු තුනක්, හතරක්, පහක් ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අවුරුද්දක් ඇතුළත එන්නතක් ආවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක ඉදිරි කාලය තුළදී අපිට යම් නිරීක්ෂණත් එක්ක තමයි මේ හදිසි අනුමැතිය දීලා තියෙන්නේ.

නමුත් අපි මේ දෙකම, වාසි අවාසි තරාදියක දාලා කිරුවොත් එහෙම වාසි පැත්ත බර වැඩි නිසා තමයි අපි එන්නත්කරණය කඩිනම් කරන්න ඕනේ කියලා දිගටම අවධාරණය කරන්නේ. මට එන්නතක් දුන්නට, මට ආරක්ෂාව ලැබුනාට, මං හරහා සමාජයට ව්‍යාප්ත වීම වළක්වන්න එන්නතෙන් පුළුවන්ද කියන එක තාම ප්‍රශ්නයක්. හැබැයි ඒ ලැබෙන ආරක්ෂාව කොච්චර කාලයක් රැඳිලා තියෙනවා ද කියන එක තාම ප්‍රශ්නයක්. මාස 5ක් ද 6ක් ද අවුරුද්දක් ද අධ්‍යයන මට්ටමේ තියෙන්නේ.

එහෙම තිබුනත්, එන්නත සඳහා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මොකද අපිට ගැලවෙන්න තියෙන මේ මොහොතේ පේන්න තියෙන එකම මඟ තමයි එන්නත්කරණය.’

මීට අමතරව, එන්නත ලබා ගැනීමේ දී දැනට වාර්තා වී ඇති අතුරු අබාධ සම්බන්ධයෙන්ද වෛද්‍යවරයා පැහැදිලි කිරීමක් සිදු කළා.

‘මොකද එන්නත සම්බන්ධයෙන්, මේ වෙනකොට සෞඛ්‍ය වෘත්තිකයන්ට විදලා, අපිට තියෙන අත්දැකීම තමයි ඒ අතුරු ආබාධ සැලකිය යුතු අතුරු ආබාධ, ඒ කියන්නේ දරුණු ගණයේ අතුරු ආබාධ ඉතාම අවම මට්ටමක තියෙනවා.

විදපු යම් සැලකිය යුතු පිරිසකට ඇඟට තෙහෙට්ටු ගතියක්, ලා උණක්, ඇඟපත වේදනාවක්, හන්දි වේදනාවක් ඒ වගේ රෝග තත්ත්වයන් ඇතිවෙලා තියෙනවා. අතුරු ආබාධයන් ඇති වෙලා තියෙනවා. නමුත් ඒක තාවකාලිකයි. දවසක් දෙකක් ඇතුළත සාමාන්‍යයෙන් පැරසිටමෝල් දෙකක් වගේ බිව්වාම අඩුවෙලා යන ඉතාම විවේක තත්වයකුත් එක්ක දියර වැඩියෙන් පානය කිරීමත් එක්ක ඒ කාලය ගත කිරීම හරහා ඒ අතුරු ආබාධවලින් ගොඩ එන්න පුළුවන්.

ඊට වඩා දරුණු ගණයේ කලන්තේ ගතියක් ඇතිවෙන, වමනය ඇතිවෙන, cramp මස්පිඬුවල ඇතිවන ඒ වගේ රෝග ලක්ෂණ අඩුවෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ.’

එමෙන්ම, එන්නත්කරණයට ලක් විය නොහැකි පුද්ගලයින් පිළිබඳව වෛද්‍ය හරිත අලුත්ගේ මෙලෙස පැහැදිලි කළා.

‘ඊළඟට අපි ගත්තාම එන්නත විදින්න බැරි කාටද කියලා ගත්තාම සාමාන්‍යයෙන් නොයෙක් දෙනා ප්‍රශ්න කරනවා. ඉතාම අඩු කාරණා ගණනාවක් තමයි තියෙන්නේ එන්නත විදින්න බැරි වෙන්න. අපි ප්‍රතිපත්තියක් විදියට මේ වන විට හෙළිදරව් වෙලා තියෙන තොරතුරුවලට අනුව අවුරුදු 18ට අඩු අයට එන්නත විදින්නේ නැහැ. ඒක නිශ්චිතයි. ඊළඟට ගර්භණී අම්මලාට සහ කිරිදෙන මව්වරුන්ට එන්නත විදින්නේ නැහැ.

ඊළඟට වඩාත්ම වැදගත් වෙන්නේ, දෙවැනි මාත්‍රාව දෙනකොට පළවෙනි මාත්‍රාව දුන් අය අතරින් කෙනෙකුට දරුණු ආසාත්මිකතාවයක් ඇති වුනොත්, දරුණු ප්‍රතික්‍රියා තත්ත්වයක් ඇති වුනොත් එහෙම ඒ වගේ අයට අපිට දෙවැනි මාත්‍රාව දෙන්න බැරිව යනවා.

ඒ වගේම එන්නතේ යම්කිසි රසායන ද්‍රව්‍යයක් තියෙනවා, රසායනික සංඝටක ඒවාට ප්‍රතික්‍රියා දක්වනවා කියලා මිට කලින් allergy history එකක් තියෙනවා නම් ඒ වගේ අයට අපිට එන්නත විදින්න වෙන්නේ නැහැ. ඒ හැරුණාම අනිත් ඕනම කෙනෙකුට එන්නත ලබා දෙන්න පුළුවන් තත්ත්වෙ තියෙන්නේ.’

Continue Reading

Health

කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ ගැන අවධානයක් යොමු කළ යුතුයි

Published

on

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් සමඟ ඇති වන නව රෝග ලක්ෂණයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

එමෙන්ම, සෞඛ්‍ය බලධාරීන් විසින් වෙනස් මතයන් ප්‍රකාශ නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ජනතාවට අවදානම නිසි පරිදි සන්නිවේදනය කළ යුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකදී ය. එහිදි, වෛද්‍යවරයා පළ කළ අදහස් පහතින් දැක්වේ.

‘සෞඛ්‍ය අමාත්‍යාංශයට මේකෙ තියෙන බරපතල වගකීම ජනතාවට මේකෙ ඇත්ත අවදානම, ජනතාවට හරි අවදානම නිසි පරිදි සන්නිවේදනය වුනොත් තමයි ජනතාව වගකීම් සහගතව හැසිරෙන්නේ. එතකොට ලෝකේ අනිත් රටවල් ඒ අවදානම සන්නිවේදනය කිරීම සඳහා වැදගත් තැනක් දීලා තියෙනවා කොවිඩ් මර්දන ක්‍රියාවලියේ.

එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය කියන දේ ජනතාව විශ්වාස කළොත් ඒ අවදානම හරියට නිරූපණය වුනොත් එතකොට තමයි ජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශය කියන දේවල් පිළිපදින්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි යෝජනා කරන්නේ, සෞඛ්‍ය බලධාරීන් විසින් එක එක ප්‍රකාශ වෙන වෙනම කරන්නේ නැතිව සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ එක මතයක්, එක අවදානමක් රටේ සියළු ප්‍රදේශවල අවදානම ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය පිළිබඳව ජනතාවට නිසි සන්නිවේදනයක් කළොත් විතරයි.

අපි කොතරම් ජනතාවට ඇඟිල්ල දික් කළත්, කොතරම් පන්දුව පාස් කරන්න උත්සහ කළත් ජනතාව වගකීම් සහගත ලෙස හැසිරෙන්නේ අපේ උපක්‍රමශීලි ප්‍රවේශයේ, අපි මේ ඇඩ්‍රස් කරන සිස්ටම් එකේ, එහෙම නැත්නම් ජනතාවට පණිවිඩේ ගෙනියන ක්‍රමවේදයේ වෙනස්කමක් ඇති කර ගත යුතුයි කියලා අපි අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා’

විශේෂයෙන්ම එංගලන්තයෙන් වගේ, අලුත් රෝග ලක්ෂණ මේ රෝගයෙන් මතුවෙමින් තියෙනවා. මේ රෝගය ගැන තාම දන්නේ ටිකයි. දැන් 2020 මාර්තු වෙනකොට අපි දැනන් හිටියෙම නැති ගානයිනේ. ඒ හින්දානේ අපි ඕවර් රියැක්ෂන් වලට ගියේ. දැන් අපි සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි තාම දන්නේ නැති දේවල් සහ අලුතෙන් මතුවෙන තත්ත්වයන් තියෙනවා.

විශේෂයෙන්ම දිව ආශ්‍රිතව, සම ආශ්‍රිතව මතුවෙන්න පුළුවන් රෝග ලක්ෂණ තියෙනවා. විශේෂයෙන්ම දිව රතු වෙලා දිවේ බිබිළි දාලා දිවේ තුවාල දාලා, දිවේ ප්‍රදාහ තත්ත්වයන්, හමේ ඇතිවෙන්න පුළුවන් තත්ත්වයන් ගැන වාර්තා වෙනවා. එතකොට අනෙක් රෝග ලක්ෂණ සහිතව මේ අනෙකුත් රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. එතකොට මේ අලුත් ප්‍රබේදත් එක්ක මතුවෙච්ච තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒ නිසා කොවිඩ් දිව කියන සායනික තත්ත්වය පිළිබඳව ඉදිරි කාලයේ දී, විශේෂයෙන් ම අපි දැක්කා වාර්තා වෙච්ච රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් හතළිස් ගානක් එකවර විදේශයන්ගෙන් එන රෝගීන් වාර්තා වුනා. අපි දන්නෑ ඒ අය ලංකාවට ආවෙ මොන ප්‍රභේදය ඇඟේ තියාගෙන ද කියලා’

Continue Reading

FEATURES

ධම්මික පැණිය බිව් අයටත් කොරෝනා හැදුනේ කොහොමද?

Published

on

ධම්මික පැණිය පානය කළ පුද්ගලයින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි සමාජ මාධ්‍ය තුළ පුවතක් නිර්මාණය වී තිබෙන පුවත සම්බන්ධයෙන් අද(19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කිහිපයක් යොමුකරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියේ, පැණිය පිළිබඳ තවත් තොරතුරු අධ්‍යයනය කළ යුතුව ඇති බවය.

ප්‍රශ්නය – ධම්මික පැණිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වුණා. දැන් සායනික පරික්ෂණය සඳහා සති දෙකකට කලින් අවසරයත් ලැබිලා තිබෙනවා. මේ වන තෙක් කිසිම ප්‍රතිඵලයක් පිළිබඳව සඳහනක් කරලා නැහැ රජයෙන්. ඒ වගේම වාර්තා වනවා මේ සම්බන්ධයෙන් කරන සායනික පරීක්ෂණවලට විවිධ බාධාවන් තිබෙනවා කියලා. විශේෂයෙන්ම රෝගීන් යොමුකිරීමේදී යම්කිසි ආකාරයකින් ප්‍රමාදයන් සහ විවිධ බාධාවන් සිද්ධවෙනවා කියලා. මොකක්ද තීරණය ?

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල – “ ඒ සම්බන්ධයෙන් අපිට නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ මේ මොහොතේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ සම්බන්ධයෙන් වගකීම භාරගත්තා. මම විශ්වාස කරනවා ඉදිරියේ දී සායනික හා අනෙකුත් ප්‍රතිඵල ඔවුන්ගේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අපිට දැනුම් දුන්නොත් අපි කථා කරන්නම්. මේ මොහොත වෙනවිට ඒ සම්බන්ධයෙන් වාර්තා වෙලා නෑ.“

ප්‍රශ්නය – මේ දිනවල පුවත්පත්වල දකිනවා ධම්මික පැණිය පානය කළ පියල් නිශාන්ත අමාත්‍යවරයා මේ වෛරසයට ගොඳුරුවෙලා තියෙනවා කියලා, ඒ වගේම කෑගල්ලේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ ඔහුගේ පවුලම මේ පැණිය භාවිත කරලා වුණත් කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා?

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල – “එන්නතේ පවා අපි බැලුවොත් ගැටලු මතුවෙලා තියෙනවා. එන්නත ලබාගත් පිරිසගෙන් යම් ප්‍රතිශතයක් ගැටලුවලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා පැහැදිලි සාක්ෂියක් කොහෙවත් නැහැ මේ වෛරසයට පිළියම් යොදපු. ඒ කියන්නේ ඔබ එන්නත ලබාගත්තොත් ඒ වගේම තමා. ඒ අනුව බැලුවම මේ පැණිය හොඳයි. මේ පැණිය ගැන වුණත් තව තොරතුරු හොයන්න ඕන මම හිතන්නේ නැහැ රජය විසින් මේක ප්‍රවර්ධනය කරනවා කියලා. නමුත් ඕනම කෙනෙක්ට පෙර සූදානම් වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. කොහොම වුණත් රජය නිල වශයෙන් භාවිත කරන්න කියලා තවමත් කියලා නැහැ ඒක තමයි ස්ථාවරය.”

-Ada Derana-

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub