Connect with us
Advertise with Giraya

POLITICS

උවිඳු විජේවීරගෙන් ජවිපෙට අභියෝගයක්

Published

on

තම පියාගේ අභාවයෙන් පසුව තමාගේ පවුලේ සාමාජිකයින් සහ පක්ෂය අතර සිදු වූ දේවල් සම්බන්ධයෙන් විවෘතව කතා කිරීමට එන්නැයි රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර විසින් ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ, “U Turn with නල්ලෙ” යූ ටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ය.

එහිදී, තමන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් නිවසක් සාදා දීමට එකතු කරන ලද මුදල් වලට සිදුවූයේ කුමක්දැයි ප්‍රශ්න කර සිටියා.

එමෙන්ම, තමන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ දේශපාලනය නොකරන බවත් බැසිල් රාජපක්ෂ සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් සඳහන් කරයි.

එම සම්මුඛ සාකච්ඡාව මෙතැනින්.

POLITICS

මට වැඩක් කරන්න දුන්නේ නෑ, කකුලෙන් ඇද්දා – සජිත් ප්‍රේමදාස

Published

on

තමාගේ දේශපාලන කටයුතු වලට බාධා කරමින් කකුලෙන් ඇදීමට තම පක්ෂයේ කිසිවෙකුට ඉඩ දෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

එමෙන්ම, තමාට ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට උදව් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවත් සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන්, හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමින්ය.

“මම මෙතෙක් කල් දේශපාලනය කළේ විවිධ ප්‍රශ්න මැද්දේ. මට වැඩක් කරන්න දුන්නේ නෑ. මගේ කකුලෙන් ඇද්දා. මට අවහිර කළා. මං පැහැදිලිවම එක දෙයක් කියන්න ඕනේ. ඔය මොන ප්‍රශ්න තිබුණත් මට ජනතාවට වැඩ කරන්න උදව් කරපු එක මනුස්සයෙක් හිටියා. ඒ තමයි හිටපු ජනාධිපතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි මට පුළුවන් තරම් හයිය දුන්නේ. දැන් මගේ පක්ෂය ඇතුළත කාටවත් බෑ මගේ කකුලෙන් අදින්න. එහෙම ඉඩ දෙන්නෙත් නෑ. එහෙම කකුලෙන් අදින කට්ටියට පුළුවන් පිටතට ගිහිල්ලා තම තමන්ගේ දේවල් ටික කරගන්න.”

Continue Reading

POLITICS

කළ වැරදි තේරුනාම හැමෝම මහගෙදර එයි – දුමින්ද දිසානායක

Published

on

බලයට පත් වූ විගස පොරොන්දු ඉටු කිරිමට නොහැකි බවත් පාලන කාලය තුළ දී ජනතාව බලාපොරොත්තු වන සංවර්ධනය සිදු කරන බවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවට එක්වෙමින් ය.

“නව රජය බලයට පත් කරගන්නකොට ඔබතුමන්ලාගේ හිතේ බොහෝ බලාපොරොත්තු තිබුනා. ඒ මොකද අපි හැමදාමත් ආණ්ඩුවක් හදලා පළාත් සභාවක් හදලා ප්‍රාදේශීය සභාවක් හදලා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවන මට්ටම අපි ඉන්න තත්වෙන් තවත් උසස් කර ගන්න එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව තියෙන්නේ.

අද වෙනකොට මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ තැනට මේ රට අපිට ගමන් කරවන්න ආරම්භ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඡන්දෙ දුන්න අය නම් එච්චර සතුටු නැතුව ඇති. ඒ මොකද කතිරය ගහපු ගමන් බලාපොරොත්තු වෙනවා ප්‍රතිඵලය.

කතිරය ගහපු ගමන් රස්සාව නැති එක්කෙනා බලනවා රස්සාව හම්බෙයි කියලා. ලයිට් නැති එක්කෙනා බලනවා ලයිට් ටික ලැබෙයි කියලා. වතුර නැති එක්කෙනා බලනවා වතුර ටික ලැබෙයි. වැව හදාගන්න ඉන්න ගොවි සංවිධානේ බලනවා අපේ වැව තමයි ඉස්සෙල්ලාම හදන්නේ.

අපි ඔබතුමන්ලාගේ බලාපොරොත්තු එකක්වත් සුන් වෙන්න දෙන්නේ නෑ. එකක්වත් අපි නොකෙරෙන තැනට නෙමෙයි ගෙනියන්නේ. මේ සියල්ලම කළ යුතු දේවල්. හැබැයි අපි අවුරුදු 05 තුළ මේ වැඩසටහන හදාගත්තාම මොකද්ද පළවෙනියාට කරන්නේ දෙවැනියාට කරන්නෙ කියන ලැයිස්තුවක් අපිට හදාගන්න වෙනවා.

එහෙම නැතුව අපිට අවුරුදු පහක වැඩ පළවෙනි අවුරුද්දෙ කරන්න බෑ. පළවෙනි මාස 06 කරන්න බෑ. ඒ නිසා සියලුම අමාත්‍යාංශ අද ඔබතුමන්ලාට අවශ්‍ය කරන සංවර්ධන වැඩ ටික ගමේ කරගෙන යනවා.”

තවද, එම අවස්ථාවේ දී අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගේ බෙදී යාම සම්බන්ධයෙන් ද අදහස් පළ කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ ඇතැම් පිරිස් පක්ෂය හැරදා ගියත් වැරදි තේරුම් ගිය විට නැවතත් පක්ෂය සමඟ අත්වැල් බැඳ ගන්නා බවයි. එසේ පැමිණෙන සියලුදෙනා මහගෙදරට සාදරයෙන් පිළිගන්නා බව අමාත්‍යවරයා පැවසුවා.

“අපි සේරම එකම පක්ෂයේ කලින්. දැන් තමා පක්ෂ දෙකකට බෙදිලා ඉන්නේ. අද අපි හැමෝගෙම ආරම්භ කොහෙද? මහින්ද මහත්තයාගේ ඇතුළු දුමින්ද දිසානායක ඇතුළු ඔබතුමන්ලා හැමෝගෙම ඇතුළු බහුතරයකගේ ආරම්භය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.

අපි පක්ෂ දෙකකට හිටියාට අද අපේ මුල ආරම්භය අපි වැඩි කොටසක් කැපකරලා තියෙන්නේ වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගෙන තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. අපි මහගෙදරින් පොඩ්ඩක් ඈත්වෙලා ඉන්නවා කියන එක ඇත්ත. හැබැයි අපිට මහ ගෙදර සාමාජිකයෙක් කියන එක අමතක කරන්න බෑ.

සාමාන්‍යයෙන් ගෙදර අම්මා තාත්තා එක්ක තරහාවෙලා ළමයෙක් ගියා කියලා අම්මා තාත්තා තරහාවෙන්නේ නෑ. හැබැයි පුළුවන් තරම් අනුකම්පා කරනවා, උදව් කරනවා හැබැයි අවසාන ප්‍රතිඵලය කවදාහරි වැරැද්ද තේරිච්ච දවසක නැවත වතාවක් මහගෙදරට එනවා. අපිත් ඒක ඔළුවෙ තියාගෙන අපි කාත් එක්කවත් අමනාප වෙලා නෑ.

අපිට කතිරෙ ගැහුවාද නැද්ද ? අපේ රැස්වීමට ආවද? අපිට බාධා කරා ද? අපිට මනාපයක් දෙන්න එපා කිව්වාද ? මේ කිසි දෙයක් අපි හිතේ කහටක් තියාගෙන නැ. අපි දන්නවා අපිට උවමනා කරන්නේ මොකද්ද? අපි හැමෝම එකතු වෙලා මේ රට ලස්සන කරන එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව.”

Continue Reading

POLITICS

පුරප්පාඩු වූ රන්ජන්ගේ මන්ත්‍රී අසුන අජිත් මාන්නප්පෙරුමට

Published

on

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී අසුන පුරප්පාඩු වී ඇති බව අද (07) දිනයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුව වෙත නිවේදනය කළා. ඒ අනුව, නීති උපදෙස් සැලකිල්ලට ගනිමින් රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බවට මැතිවරණ කොමිසමට දන්වා යැවූ බව ද කථානායකවරයා පැවසුවා.

පසුගිය වසරේ අගෝස්තු 05 වන දින පැවති මහමැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමි වූ මන්ත්‍රී ධූර ගණන 04ක් වේ.

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී අසුන පුරප්පාඩු වීමත් සමඟ එම අසුන සඳහා මීළඟට සුදුසුකම් ලබන්නේ මනාප ලැයිස්තුවේ 05 වන ස්ථානයේ සිටින හිටපු පරිසර අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමයි. ඔහු ලබා ගෙන තිබූ මනාප සංඛ්‍යාව 47, 212ක් ය.

ඒ අනුව, ඉදිරියේ දී තමාගේ නම මැතිවරණ කොමිසම මඟින් ගැසට් කළ පසුව මන්ත්‍රී ධූරයේ දිව්රුම් දීමට තමන් සූදානම් බව අජිත් මාන්නප්පෙරුම පවසයි.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub