මුතුරාජවෙල අභය භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා අනුමැතිය ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වන විට කෙටුම්පත් කර ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ රජයේ ගිණුම් කාරක සභාවට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, කෝපා කමිටුව මඟින් පෙර රැස්වීමේ දී නිර්දේශ කළ පරිදි මුතුරාජවෙල අභය භූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කර ඇති බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ රජයේ ගිණුම් කාරක සභාවට දැනුම් දී තිබෙනවා.
එම කමිටුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පරිසර අමාත්‍යාංශය සහ වනජීවි අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලෙක්ම්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව ක්‍රියාත්මක වන බව වෛද්‍ය ද අනිල් ජාසිංහ පවසයි.
එම කමිටුව බලාත්මක කිරීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වා කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇති අතර, එය අනුමත වීම සමඟ ක්‍රියාත්මක වීම ආරම්භ කළ හැකි බවත්, එම කමිටුවට සහාය වීම සඳහා අදාළ සියලු ආයතන සහ පරිසර සංවිධානවල නියෝජිතයන්ගෙන් සමන්විත ක්‍රියාකාරි කමිටුවක් පත් කිරීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කර තිබෙනවා.