Connect with us
Advertise with Giraya

NEWS

දක්ෂිණ අධිවේගී මාර්ගයට තවත් විවේක කලාප තුනක්

Published

on

ඉතා කෙටි කලකින්දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් විවේක කලාප (REST AREA) තුනක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී.කේ අතලුවගේ පවසයි.

මේ දිනවල එම විවේක කලාප පිහිටුවීමට සුදුසු ප්‍රදේශ හඳුනා ගෙන යන බව ද ඔහු සඳහන් කරයි.

දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇත්තේ එක් විවේක කලාපයක් පමණක් වන අතර එය පිහිටුවා ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේ ය.

Giraya News Alerts

දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට මත්තල ප්‍රදේශය දක්වා (අන්දරවැව) දීර්ඝ කර ඇති තත්වය යටතේ විවේක ප්‍රදේශ එකක් පමණක් ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇතැයි ද විවේක ප්‍රදේශ තවත් තුනක් පිහිටුවීමට සැලසුම් කර ඇත්තේ ඒ අනුව යැයි ද අතලුවගේ ප්‍රකාශ කරයි.

මාතර සිට මත්තල දක්වා වූ මාර්ග කොටසේ ද විවේක කලාපයක් මේ අනුව ඉදිරියේ දී ස්ථාපනය කෙරෙනු ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් විවේක ප්‍රදේශ පිහිටුවන්නැයි මඟින් සහ රියදුරන්ගෙන් ද ඉල්ලීම් රැසක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි

Advertisement Giraya News Alerts
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

NEWS

ඉන්ධන මිල ඉහළ දැමීමට හේතු පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

Published

on

ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා සහ අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලද කරුණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණක් බවය.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

Giraya News Alerts

ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු අග්‍රාමාත්‍යතුමන් හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යාම ඉන් එක් ප්‍රධාන හේතුවකි. මේ වන විට බොර තෙල් බැරලයක මිල ඇ.එ.ජ.ඩො.70 ඉක්මවා ඇති අතර, එය තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළෙඳපොළ ප්‍රවණතා මගින් පැහැදිලි කරයි.

ශ්‍රී‍රී ලංකාව ඉන්ධන ආනයන සඳහා අතිවිශාල විදේශ විනිමයක් දරණ රටක් පමණක් නොව, එම ආනයනයන් මත රටේ ප්‍රවාහන සේවා, විදුලි බල නිෂ්පාදනය හා ඇතැම් කර්මාන්තශාලා ද පවත්වා ගෙන යන රටක් බවට පත්වී ඇත. 2019 වර්ෂයේ පමණක් තෙල් ආනයනය සඳහා වැය කර ඇති විදේශ විනිමය ඇ.එ.ජ ඩො.මිලියන 3,677කි.

වාහන ආනයනය නතර කිරීම හා ජාත්‍යන්තර තෙල් මිල ගණන් 2019 දී බැරලයකට ඇ.එ.ජ.ඩො. 68.80 සිට 2020 දී ඇ.එ.ජ.ඩො. 45.57 දක්වා අඩුවීම නිසා 2020 දී මෙම වියදම ඇ.එ.ජ.ඩො. මිලියන 2,325ට අඩු කර ගැනීමට හැකි වුවද, මේ වන විට පවත්නා මිල ගණන් ඉහළ යාම නිසා 2021 වර්ෂයේ බැරලයක මිල ඇ.එ.ජ.ඩො. 70 ඉක්මවීම තුළ වාහන ආනයනය තහනම පවත්වා ගෙන ගියද, ඛනිජතෙල් ආනයනය සඳහා විදේශ විනිමය ඇ.එ.ජ.ඩො. මිලියන 4,000ක් පමණ වනු ඇත. මෙම වියදම සමස්ත විදේශ විනිමය උපයන අපනයන ආදායමෙන් 1/3කට ආසන්න වියදමකි.

බීජ, පොහොර, ආහාර, ඖෂධ සහ එන්නත් ආදියද, ආනයනය කරන මෙම ආනයන මත රඳා පවතින පරිභෝජන රටාව, නිෂ්පාදනය මත පරිභෝජනය කරන තත්ත්වයට පරිවර්තනය කළ යුතුය.

විදේශ විනිමය වැය කිරීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවතීම නිසා සෑම වර්ෂයකම ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය මත යැපෙන ආයතනයක් වී ඇත. මෙම බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 652ක ප්‍රමාණයක ණය ගෙවීමට ද ඇත. ලංකා විදුලිබල මණ්ඩලය ද රුපියල් බිලියන 85කට ආසන්න ණය මුදල් බැංකු දෙකට ගෙවීමට සිදු වන බැවින් මේ සඳහා රාජ්‍ය බැංකු දී ඇති ණයවලට භාණ්ඩාගාරය විසින් ඇපකරයන් ද නිකුත් කර ඇති අතර, ණය සඳහා අධික පොලියක් ද ගෙවීමට සිදුව ඇත.

පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතුය. එබැවින් ප්‍රවාහනය සඳහා ELECTRIC රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතුය. ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ELECTRIC රථ වාහන භාවිතය ප්‍රචලිත කිරීමත්, ත්‍රීරෝද රථ සඳහා ELECTRIC එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහන පිරිවැය ද ස්ථාවර කර ගත හැකිය.

ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප්‍රදේශවල වාතය අපිරිසිදු වීමත්, ජනතාවගේ පෙනහළු ආශ්‍රිත රෝග වැඩිවීමත් තුළ පරිසර හිතකාමී බලශක්ති මූලාශ්‍රවලට කඩිනමින් පිවිසීම අනිවාර්ය වේ. කැලණිතිස්ස තෙල් විදුලි බලාගාරය LNG විදුලි බලාගාරයක් බවට පත් කර ගැනීමෙන්, විදුලිබල මණ්ඩලය විසින් ඉන්ධන සඳහා ගෙවන අධික මිල ද අඩු කර ගත හැකිය.

දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැලිකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතුය.

එබැවින් මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ජනනය සඳහා සාමාන්‍ය වශයෙන් සියයට 30ක පමණ ඉන්ධන භාවිතා කරන බැවින්, එය වලක්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ජනනය කඩිනම් කිරීමට ද රජය කටයුතු කරමින් සිටී. මේ නිසා සෑම නිවසකටම, පාසැල්, රෝහල් හා රජයේ ගොඩනැගිල්ලක් සඳහා සූර්ය තාප විදුලි නිෂ්පාදන කට්ටල ලබා දීම මගින් ජනතාව පිට පැටවෙන අධික මිල ගණන් වල පීඩනය අඩු කිරීම පමණක් නොව, එම විදුලි ඒකක විදුලිබල මණ්ඩලයට ලබාදීම මගින් ආදායම් මාර්ගයක් ද ඇති කළ හැකිය.

එබැවින්, මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් පමණි. එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩු කර විනිමය අනුපාතය ශක්තිමත් කර ගැනීමටත්, ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය සුරක්ෂිත කර ගැනීමටත්, ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට ගත් තීරණයකි.

Continue Reading

NEWS

බස් ගාස්තු වැඩි නොවන බවට ඇමති සහතික වෙයි

Published

on

ඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් බස් ගාස්තු සියයට 15කින්වත් ඉහළ දමන්නැයි බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කෙටි දුර ධාවනය වන බස් රථයක් සඳහා දිනකට රුපියල් 700 ක මුදලකුත් දිගු දුර ධාවනය කරන බස් රථයක් සඳහා දිනකට රුපියල් 1200 කුත් වැයවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

මෙයට අමතරව සේවා ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් ද පසුගිය දිනවල සීඝ්‍රයෙන් වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අනෙකුත් බස් සංගම් සමගද සාකච්ඡා සිදු කර ඇති බවත් පැවසූ ඒ මහතා සිය ස්ථාවරය ප්‍රවාහන බලධාරීන් වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් සඳහන් කරයි.

Giraya News Alerts

කෙසේවෙතත්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ බස් ගාස්තුවල කිසිදු වැඩි වීමක් සිදු නොකරන බවයි. දැනට ජනතාවට දැරිය හැකි උපරිම ප්‍රමාණයට බස් ගාස්තුව ඉහළ දමා ඇති බව ද අමාත්‍යවරයා පවසනවා.

නමුත්, බස් හිමියන් සඳහා ඉන්ධන හා ලීසිං සහන ඇතුළු සහනාධාර ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පවසයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේ, මහනුවර ප්‍රදේශයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ය.

එහිදී, අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මම ඉතාම පැහැදිලිව කියන්න ඕනේ විෂය භාර ඇමතිවරයා හැටියට රුපියලකින්වත් බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ. මොකද ජනතාවට දැරිය හැකි උපරිම ප්‍රමාණයට අපි බස් ගාස්තුව වැඩි කරලා ඉවරයි.

ඒකට හේතුව පහුගිය කාලේ සංචරණ සීමා නිසා ආසන ගාණට පමණක් මගීන් ගෙනයන්න කියලා අපිට උපදෙස් දෙන්න සිද්ධ වුනා. එතකොට අපි ආසනගත මගීන් සංඛ්‍යාව පමණක් ප්‍රවාහනය කිරීමේ ගාස්තුවට මේ බස්රථ ගාස්තුව අපි සංශෝධනය කෙරුවා. ඒ වෙද්දී ඒක සියයට 20ක බස් ගාස්තු වැඩිවීමක්. ඒ වෙද්දි ඒක අත්‍යාවශ්‍යයි. මොකද නැත්නම් බස් හිමියන්ට ඒ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න බැහැ.

දැනුත් බස් හිමියන්ට ප්‍රශ්නයක් තියෙනවා. සංගම් කියන එක අපි පිළිගන්නවා. අපි හිතමු ගාස්තුව වැඩි කෙරුවා කියලා. වැඩි කෙරුවත් මිනිස්සු යන්නේ නැ බස් රථවල. ඊගාවට අපිට ආයි කවදා වහන්න වෙයි ද දන්නේ නැ. ඒ නිසා පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි. රාජ්‍ය ප්‍රවාහන ක්ෂේත්‍රයෙත් ප්‍රශ්නසහගත තත්ත්වයක් තියෙනවා මේ කොවිඩ් 19 තත්ත්වය නිසා.

අපි පැහැදිලිව ජනතාවට කියන්න ඕනේ බස් ගාස්තු අපි වැඩි කරන්නේ නැහැ. හැබැයි අපි බස් හිමියන්ට යම් සහනයක් සහනාධාරයක් දෙන්න. පසුගිය කාලේ අපි දුන්නා. ලක්ෂ තුනේ ණය දුන්නා. ලීසිං සහනය දුන්නා. දෙන්න පුළුවන් හැමදේම අපි දෙනවා. නමුත් ඒ අයට අපි සහනයක් දිය යුතුයි.” යනුවෙන් පැවසුවා.

Continue Reading

NEWS

සූම් ඔස්සේ රැඳවියන්ටත් ඥාතීන් එක්ක කතා කරන්න අවස්ථාව

Published

on

වැලිකඩ, අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර ඇතුළු බන්ධනාගාර 06ක සූම් තාක්ෂණය ඔස්සේ සිරකරුවන්ට ඔවුන්ගේ ඥාතීන් සමඟ කතා බහ කිරීමට නව ක්‍රමවේදයක් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

“පවතින තත්ත්වයත් සමග අපි සූම් තාක්ෂණය ඔස්සේ රැඳවියන්ට සිය ඥාතීන් සමග සම්බන්ධවීමේ අවස්ථාව සකස්කරලා දීලා තියෙනවා. ඒ වගේම අපගේ වෙබ් අඩවියට ගිහින් සිරකරුවගේ නමයි අංකයයි ඇතුළත් කළාම අපි නම්බරයක් සහ වෙලාවක් ලබා දෙනවා. ඒ වෙලාවට ආපුවාම සිරකරු සමග කතාබහ කරන්න ඒ ඥාතියට අවස්ථාව තියෙනවා.” යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ සියලුම බන්ධනාගාර නිලධාරීන්ට කොවිෂිල්ඩ් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

Giraya News Alerts

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බන්ධනාගාර රැඳවියන්ට එන්නත ලබාදීම ප්‍රායෝගික නොවන බැවින් ඔවුන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර නිරෝධායනයට යොමු කිරීමේ ක්‍රමවේදයක් පමණක් ක්‍රියාත්මක වන බවය.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub