Connect with us
Advertise with Giraya

FOREIGN

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට තහනමක්

Published

on

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින්ට මැයි මස 12 වනදා සිට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය රජය තීරණය කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචාරය කර ඇති පිරිස් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු විම තහනම් කර ඇති බවයි එමීරයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

එම රටවල් වල සීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් එමීර් රජය මෙම තීරණය ගෙන තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Giraya News Alerts

ඒ අනුව, පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට මේ අනුව හෙට සිට එමීරය වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

Advertisement Giraya News Alerts
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

FOREIGN

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා අතර පරතරය වැඩි වීම ගැන අනතුරු අඟවයි

Published

on

කොරෝනා එන්නත් මාත්‍රා අතර කාල විරාමය ඉහළ නැංවීම තුළින් පුද්ගලයෙකු කොරෝනා විකෘති ප්‍රභේදවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බව අමෙරිකාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුචි පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය රජය මගින් කොරෝනා එන්නත් මාත්‍රා අතර පරතරය ඉහළ නැංවීමට ගෙන ඇති තීරණය පිළිබඳව සිදුකළ විමසීමට පිළිතුරු වශයෙන් ය.

වෛද්‍ය ඇන්තනී ෆවුචි සඳහන් කළේ ෆයිසර් සහ මොඩර්නා යන එම්-ආර්.එන්.ඒ. තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන කොරෝනා එන්නත් මාත්‍රා අතර පරතරය ෆයිසර් එන්නත සඳහා සති 03 ක් ද මොඩර්නා එන්නත සඳහා සති 04 ක් ද විය යුතු බවයි.

Giraya News Alerts

කෙසේ නමුත්, සැපයීමේ හිඟයක් පවතින විට එන්නත් මාත්‍රා අතර පරතරය ඉහළ නැංවීම හැර විකල්පයක් නොවන බව ඔහුගේ අදහසයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකක් අතර පරතරය සති 12 ත්, 16 ත් අතර කාලයක් දක්වා ඉහළ නැංවීමට ඉන්දීය රජය පසුගියදා තීරණය කළා.

එලෙස කොවිෂීල්ඩ් එන්නත් අතර පරතරය ඉහළ ප්‍රතිඵල ලබාගැනීම සඳහා දීර්ඝ කළ දෙවන අවස්ථාව එයයි.

ඊට පෙර එම එන්නත් මාත්‍රා අතර පරතරය දින විසි අටේ සිට සති 06 ක් හෝ 08 ක් දක්වා ඉහළ නැංවිය හැකි බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ. ඒ, කොරෝනා එන්නත් සැපයුමේ විශාල හිඟයක් පැවතීම හේතුවෙන් ය.

විශේෂයෙන්ම, ඉන්දියාවෙන් වාර්තා වූ ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය මර්දනය සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත්ව සිදු විය යුතු බව ද වෛද්‍ය ඇන්තනී ෆවුචි සඳහන් කරයි.

Continue Reading

FOREIGN

‘කොරෝනා දේවි’ පුදන ඉන්දියාවේ බැතිමත්තු

Published

on

කොරෝනා වසංගතයෙන් මේ වන විට දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ඉන්දියාවෙන් අපූරු පුවතක් වාර්තා වනවා. ඒ ඉන්දියාවේ‌ කොයිම්බතූර් ප්‍රදේශයේ පිහිටි කෝවිලක ඉදිව ඇති අලුත් දේව රූපයක් පිළිබඳවයි.

ඉන්දියාවේ කොයිම්බතූරු ප්‍රදේශයේ පිහිටි මෙම කෝවිලට ‘කොරෝනා දේවි’ නමින් දේව රූපයක් සාදා ඊට පුද පූජා පැවැත්වීම ආරම්භ කර තිබෙනවා. අඩි 1.5 ක් පමණ උසැති මෙම පිළිරුවට දිනපතා පුද පූජා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ වන විට පවත්නා වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති නීති හේතුවෙන් මහජනතාවට විශේෂ පූජාවන් සඳහා අවසර ලබා දී නොමැති අතර දින 48ක් පුරා මෙම පුජාවන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

Giraya News Alerts

දින 48ක විශේෂ පූජාවන් අවසන් කිරීමෙන් පසුව බැතිමතුන්ට වන්දනා කිරීම සඳහා එම දේවාලය විවෘත කරන බව ද ඉන්දීය පුවත් වාර්තා කරයි.

කොරෝනා වෛරසයෙන් ඉන්දියාව බේරා ගැනීමට මෙලෙස ‘කොරෝනා දේවි’ පිළිරුවක් නිමවා පුද සත්කාර කිරීම සිදු කරන බවයි එම දේවාලයේ පූජකවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත්, කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය සති හතර තුළ පමණක් ඉන්දියාවේ මිය ගොස් ඇති සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Continue Reading

FOREIGN

අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට ෆයිසර් සුදුසු බවට යුරෝපයෙන් අනුමැතියක්

Published

on

යුරෝපා වෛද්‍ය ඒජන්සිය විසින් වයස අවුරුදු 12ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත සුදුසු බවට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, යුරෝපා මහද්වීපය තුළ අදාළ වයස් කාණ්ඩය සඳහා අනුමැතිය හිමි වූ පළමු එන්නත බවට ෆයිසර් පත්වෙනවා.

මහද්වීපයේ එක් එක් රට විසින් ඉදිරියේ දී එන්නත සම්බන්ධයෙන් තීරණ ගත යුතු අතර ජර්මනිය දැනටමත් ඒ සඳහා අවසරය ලබා දී ඇත.

Giraya News Alerts

යුරෝපා මහද්වීපය තුළ එන්නත්කරණ වැඩසටහන් වේගවත් කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (28) ප්‍රකාශ කිරීමත් සමඟ මෙම අනුමැතිය හිමි වීම ද විශේෂත්වයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය අනුව වසංගතය අවසන් වීමට ලොව පුරා ජනගහනයෙන් සියයට 70ක් හෝ එන්නත්කර අවසන් විය යුතු වෙනවා.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub