69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ විශ්ව රූ රැජින ලෙස කිරුළ හිමිකර ගැනීමට මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් විය.
මෙම තරඟාවලිය ඊයේ ෆ්ලොරීඩාවේ දී පැවැත්වුන අතර පසුගිය වර්ෂයේ කිරුළ දිනූ දකුණු අප්‍රිකාවේ සුසාබිනි ටුවන් විසින් ඇන්ඩ්‍රියා හට කිරුළ පැළැඳවීය.
රටවල් 73ක තරඟකාරියන් පරදවමින් ඇන්ඩ්‍රියා මෙලෙස 2020 විශ්ව රූ රැජින ලෙස අභිසෙස් ලැබීය.
මෙම තරඟාවලියේ දෙවන ස්ථානය බ්‍රසීලයට ද තෙවන ස්ථානය පේරු රාජ්‍යයට ද හිමි විය.
ඉන්දියාව හා ඩොමිනිකානු රාජ්‍යය ද අවසන් පස්දෙනා අතර පැමිණි සෙසු තරඟාරියන් අතර වෙනවා.