Connect with us
Advertise with Giraya

Environment

මද්දකට හසු වූ තවත් කඳුකර කොටියෙකුට දිවි අහිමි වෙයි

Published

on

මිනිපේ, හසලක ප‍්‍රදේශයේදී සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ මද්දකට අසුවී තවත් කඳුකර කොටියෙකුගේ දිවි අහිමිවීමක් පෙරේදා (11) වාර්තා විය.

හසලක මහගලඉන්න ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට තම නිවස ආසන්න කැළයේ සතෙකු කෑ ගසන හඬක් ඇසී සිදු කළ සොයා බැලීමේදී මද්දකට හසුවී සිටින කොටියකු පෙරේදා (11) දින අලුයම 5.30ට පමණ දැක ඇත. ඔහු විසින් කඩිනමින් ඒ පිළිබඳව හසලක වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇත.

ගම්වාසීන් පවසන ආකාරයට පැයකට පමණ පසු හසලක වනජීවී කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන් එම ස්ථානයේ සත්වයාගේ ආරක්ෂාව සලසා වනජීවී නිලධෘරීන් රන්දෙනිගල සිටින පශූ වෛද්‍යවරයා කැඳවීම සිදු කර ඇත. පශු වෛද්‍යවරයා රන්දෙනිගල සිට පැමිණිය යුතු වුවත් ඔහුගේ රථයේ ආබාධයක් ඇතිවී ඇති බව දුරකථනයෙන් හසලක නිලධාරීන් දැනුවත් කිරීම හේතුවෙන්, වෙනත් රථයක් වෛද්‍යවරයා රැගෙන ඒමට රන්දෙනිගල දක්වා පිටත් කර යැවීමට සිදුව ඇත. වෛද්‍යවරයා සිද්ධිය වූ ස්ථානයට ළඟා වන විටත් කොටියා මියගොස් සිටි බව ගම්වාසීන් පවසති.

Giraya News Alerts

ගම්වැසියන් චෝදනා කරන්නේ වෛද්‍යවරයාගේ පමාව නිසා කොටියා මියගිය බවයි. ඉන්පසු වනජීවී නිලධාරීන් විසින් කොටියාගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා රන්දෙනිගල වනජීවි කාර්යාලයට රැගෙන යනු ලැබීය.

මහියංගණ – රංජිත් කරුණාවීර (දිවයින)

Advertisement Giraya News Alerts
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Environment

කොවිඩ් වැළඳී ඉන්දියාවේ සිංහ ධේනුවක් මිය යයි

Published

on

ඉන්දියාවේ චෙන්නායි නගරයට ආසන්නයේ පිහිටා ඇති Vandalur සත්වෝද්‍යානයේ විසූ ආසියානු සිංහ ධේනුවක කොවිඩ් වෛරසය ආසාදනය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ සත්වෝද්‍යානයකදී කොවිඩ් වෛරසයෙන් මිය ගිය පළමු සත්වයා ලෙස වාර්තා වන්නේ ‘නීලා’ නමැති මෙම සිංහ ධේනුවයි.

අදාළ සත්වෝද්‍යානයේ සතුන් 09 දෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුදකලා කිරිමට පියවර ගෙන තිබුණු අතර මිය ගිය සිංහයා සමඟ සිටි 23 හා 19 වියැති තවත් සිංහ ධේනුවන් දෙදෙනෙකුගේ තත්ත්වය ද බරපතල බව වාර්තා වේ.

මීට පෙර පාකිස්ථානයෙන් ද සුදු කොටි දෙදෙනෙකු ට වෛරසය ආසාදිත වී ජීවිතක්ෂයට පත් විය. එමෙන්ම, ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පිහිටි සත්වෝද්‍යානයේ ද සිංහයින් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද මීට පෙර වාර්තා විය.

Giraya News Alerts

Continue Reading

Environment

මුතුරාජවෙල අභය භූමිය වනෝද්‍යානයක් බවට පත් කරයි

Published

on

මුතුරාජවෙල අභය භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අනුමැතිය ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වන විට කෙටුම්පත් කර ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ රජයේ ගිණුම් කාරක සභාවට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, කෝපා කමිටුව මඟින් පෙර රැස්වීමේ දී නිර්දේශ කළ පරිදි මුතුරාජවෙල අභය භූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කර ඇති බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ රජයේ ගිණුම් කාරක සභාවට දැනුම් දී තිබෙනවා.

Giraya News Alerts

එම කමිටුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පරිසර අමාත්‍යාංශය සහ වනජීවි අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලෙක්ම්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව ක්‍රියාත්මක වන බව වෛද්‍ය ද අනිල් ජාසිංහ පවසයි.

එම කමිටුව බලාත්මක කිරීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වා කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇති අතර, එය අනුමත වීම සමඟ ක්‍රියාත්මක වීම ආරම්භ කළ හැකි බවත්, එම කමිටුවට සහාය වීම සඳහා අදාළ සියලු ආයතන සහ පරිසර සංවිධානවල නියෝජිතයන්ගෙන් සමන්විත ක්‍රියාකාරි කමිටුවක් පත් කිරීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කර තිබෙනවා.

Continue Reading

Environment

ලංකාවේ පරිසර හානි පිළිබඳව දෙවැනි විත්තිකරුවා මමයි – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

Published

on

“රට බල ගන්වන අමාත්‍යාංශයක් ලෙසට විදුලිබල අමාත්‍යාංශය තමං වෙතින් වෙන පරිසර හානිය අවමකර ගැනීමට උත්සාහ දරනවා. ලංකාවේ පරිසරය පිළිබඳව විත්තිකරුවන්ව විත්තිකූඩුවට නග්ගවනවා නම් විදුලිබල ඇමතිවරයා විදියට මම එහි දෙවැනි විත්තිකරුවා වනවා. පලමුවැනි විත්තිකාරයා වන්නේ ප්‍රවාහන විෂය භාර ඇමතිවරයායි. අපි අපේ බලශක්ති ප්‍රභවයන් වෙනුවෙන් ඩීසල් සහ දැවිතෙල් භාවිතා කිරීම නිසා පරිසරයට කරන උපද්‍රවය තක්සේරු කළ නොහැකියි” විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ මාතර පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

“උදාහරණයක් විදියට කිවුවොත් ඊයේ දවසේ අපි ගිගාවෝට් පැය 45කට වැඩිය ජනනය කළා. මෙයින් ගිගාවෝට් පැය පහලොවක් පමණ ජනනය වුනේ ඩීසල් සහ දැවිතෙල් මත. මේ ගිගාවෝට් පැය 15 ද්‍රව ඉන්දන වලින් ජනනය කිරීමෙන් පසුව අපි පරිසරයට එකතු කරපු කාබන් ඩයෝක්සයිඩ් ප්‍රමාණය ඊයේ විතරක් කිලෝ මිලියන 13යි. කිලෝ මිලියන 13ක් කියන්නේ ටොන් 13000ක්. මෙය කොයි තරම් බරක්ද? ඒ නිසා පරිසරය රැකගැනීම වෙනුවෙන් තමයි අපි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඇතුලේ ඉලක්කයක් දීලා තියෙන්නේ 2025 වන විට මේ රටේ ද්‍රව ඉන්දන වලින් විදුලිය ජනනය කිරීම 5%කට අඩු කරන්නට හා 2030දී එය 1%කට අඩුකරන්නටයි.

Giraya News Alerts

වර්තමාන ලෝකය තමාගේ අනාගත පැවැත්ම මානව සංහතියේ චිරස්තිතිය වෙනුවෙන් තිරසාර සංවර්ධන මාර්ග අනුගමනය කරන්නට පෙළඹී තියෙනවා. මම විදුලි බල අමාත්‍යවරයා විදියට පුනර්ජනනීය විදුලිබල ප්‍රභවයන්ට අනුවර්තනය වීම බලශක්ති සංරක්ශණය, පරිසරයට අහිතකර ක්‍රියාකාරකම් අවම කිරීම වැනි විවිධ ක්‍රියාවලීන් හරහා මානව වර්ගයා ලෙස පරිසර සහජීවනයට හුරුවෙන්නට උත්සාහ දරන්නට අපි කණ්ඩායමක් විදියට ලොකු උත්සාහයක් ගන්නවා.

පරිසරය සමග සහජීවනයක් නොමැති තැනක අන් කිසිදේකට පැවැත්මක් නෑ මිත්‍රවරුනි. මතක තියාගන්න පරිසරය මිලියන හාරදහස් පන්සීයක ඉතිහාසයක් තිස්සේ පරිසරය පවතිනවා. අපි මානවයා තාම පෘතුවියේ ගතකර තිබෙන්නේ වසර ලක්ෂයයි.”

-අද.lk-

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub