Connect with us
Advertise with Giraya

POLITICS

රාජ්‍ය සේවක වැටුපෙන් 50%ක් කම්කරු වැටුපෙන් 30%ක් ආර්ථිකයට දායක කරගන්න – ඇමති ප්‍රසන්න ජනපතිගෙන් ඉල්ලයි

Published

on

රට අඟුලු දා තිබෙන කාලසීමාවේදී රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ වැටුපෙන් 50%ක් හා සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් රටේ ආර්ථිකයට දායකත්වය දැක්වීමට තමා යෝජනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සංචාරක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අගෝස්තු 20 දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් ද 75%ක් ඊට දායක කරගන්නා ලෙසයි.

එම සම්පූර්ණ ලිපිය පහතින්.

Giraya News Alerts

අතිගරු ජනාධිපතිතුමනි,

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි

රට තීරණාත්මක මොහොතකට එළඹ තිබේ. එම තීරණාත්මක මොහොතේ ඔබ වෙත යොමු කරන මෙම ලිපිය ජනතාවගේ දැනුවත් වීම උදෙසා මාධ්‍ය වෙතද යොමු කරමි. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන පුද්ගලයෙක් වශයෙන් මේ අවස්ථාවේ මා දරන ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව තිබේ. මා මේ ලිපිය ලිවීම නිසා බොහෝ අයගේ අප්‍රසාදයට ලක්විය හැක. සමහරු මට බැණවැදීමටත්, මඩ ගැසීමටත් ක්‍රියාකරනු ඇත. එදිනෙදා ආදායම් ලබන අති බහුතරයක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙනුත්, සමස්ත රට වැසියා වෙනුවෙනුත් ඒ සියලු ඇනුම් බැනුම් චෝදනා භාර ගැනීමට සූදානම් වී මගේ ස්ථාවරය ප්‍රකාශ කරමි.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ රට වසා දමන්නැයි විපක්ෂය ගෙන යන ප්‍රචාරාත්මක වැඩපිළිවෙළට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් ද, සම්බන්ධ වෙමින් පවතියි. නිසි අරමුණක් නොමැතිව,අනාගත දැක්මක් නොමැතිව වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන විපක්ෂය බලා සිටින්නේ වසංගතයට මුවාවී හෝ බලය ලබා ගැනීමටයි. කැඩුණු විසුරුණු විපක්ෂය වසංගත තත්වය හමුවේ සංවේදීව සිටින ජනතාවගේ මනස බලය පෙරලීම දක්වා ක්‍රමානුකූලව හැඩගස්වන වැඩපිළිවෙළක් අපූරුවට ක්‍රියාත්මක කරමින් සිටියි. වසංගතය යම්තාක් දුරට පාලනය කරගෙන තිබුනු අවස්තාවේ විපක්ෂයේ අනුදැනුම ඇතිව උද්ඝෝෂණ පෙළපාලි රැසක් සංවිධානය කෙරිණි. සීඝ්‍ර පැතිරීමක් ඇති ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් වාර්තා වී තිබියදීත් සෞඛ්‍ය උපදෙස් නොපිලිපදිමින් ජන ඒකරාශිවීම් සංවිධානය කලේ ජන ජීවිතවල වටිනාකම නොතකමිනි.මෙවර වසංගත ව්‍යාප්තියට විපක්ෂය සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ලෝකයම වසංගතයකට මුහුණ දී, ඊට නිසි විසඳුමක් නොමැතිව සිටින අවස්ථාවක වගකීම් විරහිතව කටයුතු කරන විපක්ෂය වසංගතය පාලනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේද නැත.

මේ අභියෝගාත්මක අවස්ථාවේ බලය රැකගැනීමට වඩා ජන ජීවිත ආරක්ෂා කර ගැනීම රජයේ වෑයමයි.මාධ්‍ය ඉදිරියේ සංදර්ශන පවත්වමින් ජනතාව තුළ සෘණාත්මක අදහස් ව්‍යාප්ත කරනවා වෙනුවට ජනතාවට සත්‍ය පැහැදිලි කර දෙමින් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ භාරදූර වගකීමක් ආණ්ඩුව සතුව ඇත.

මා නියෝජනය කරන සංචාරක ක්ෂේත්‍රයේ ඇද වැටීම සිදු වන්නේ ඉකුත් යහපාලන රජය සමයේ පාස්කු ප්‍රහාරයත් සමඟයි. පසුව කොරොනා වසංගතය සමඟ සංචාරක ව්‍යාපාරය කිසිදා නොවූ ලෙස ඇද වැටිණි. සංචාරක හෝටල් හිමිකරුවාගේ සිට මහමග තැඹිලි විකුනන පුද්ගලයා දක්වා ක්ශ්‍රේෂ්ත්‍රය ට අදාල සෑම කෙනෙක්ම ජීවත්වීමේ ගැටළු රැසකට මුහුණ දී සිටී. සංචාරක ක්ශ්‍රේතයේ ගැටලු වලට එකින් එක විසඳුම් ලබා දෙමින්, සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ප්‍රයත්න දරන අවස්ථාවක රට අඟුලු දැමීමට විපක්ෂය ගෙන යන උත්සහය නිසා රට කබලෙන් ලිපට වැටීමක් සිදුවේ.

රට අඟුළු දමන ලෙස යෝජනා කරන වෘත්තීය සමිතිවල අයට රට අඟුලු දැමුවත් වැටුප් ලැබෙන නිසා කිසිදු ආර්ථික අපහසු තාවයක් ඇති නොවේ.මා ද ඇතුළුව ඔවුන්ට පඩි ගෙවීමට අති විශාල මුදලක් වෙන්කිරීමට රජයට සිදු වේ. මේ වැටුප් ගෙවන්නේ ජනතාවගේ බදු මුදලිනි. රට අගුළු දැමූ විට මාසික වැටුපක් නොලැබෙන පවුල් දැඩි අසීරුතාවකට ලක්වේ. ඒ ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා අප නිවසට වී කා බී දොරඟුලු ලාගෙන සිටින විට ඔවුන්ගේ නිවෙස් වල බතක් නොයිදෙන්නේ නම් රට අඟුලු ලා පලක් තිබේද. මෙවැනි අවස්ථාවක රට අඟුලුලන්නේ නම් හෘද සාක්ෂියට එකඟව ජනතා බදු මුදලින් වැටුප් ලැබීමේ හැකියාවක් නැත.

මීට ප්‍රථම කිහිප වතාවක් රට අගුළු දා තිබියදී ගම්පහ දිස්ත්‍රික් නායකයා වශයෙන් දිස්ත්‍රික්කයේ කොවිඩ් කමිටු රැස්වීම්වලට මා ඇතුළු දේශපාලන නායකත්වයත්, දිස්ත්‍රික්කයේ නිලධාරී යාන්ත්‍රණයත් නොකඩවා සහභාගි වූහ. රෝහල් වල අවශ්‍යතා සපුරාලීම, නව රෝහල් වාට්ටු ඉදිකිරීම, රෝගීන්ට අවශ්‍ය පහසුකම් ඇති කිරීම, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීම ආදිය මෙන්ම රට අඟුළු ලෑම නිසා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නිවෙස් අසලටම වෙළඳුන් යැවීම, ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 5000 දීමනාව ගෙවීම, නිරෝදායනය වන පවුල් වලට ආහාර ද්‍රව්‍ය ලබාදීම ආදී කටයුතු සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අපගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඒ අතරතුර රට විවෘත කරන ලෙස රජයට බලපෑම් කිරීමද ඒ සෑම අවස්ථාවකම සිදුවිය. සෞඛ්‍යය හා ආරක්ෂක සේවයේ නියුතු වූවන් මෙන්ම දිස්ත්‍රික් ලේකම් , ප්‍රාදේශීය ලේකම් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සිය ජීවිත අවදානම නොතකා වසංගතය පවතින මේ මොහොතේත් දක්වන සහය විශේෂයෙන් අගය කළ යුතුයි. රට සම්පූර්ණයෙන් අඟුලුලෑ විට මෙම නිලධාරීන්ගේ සේවය බලහත්කාරයෙන් ලබා ගැනීමට ද නොහැක.

වසංගත තත්වය මදක් සමනය වීමත් සමඟ රට විවෘත කළ හැටියේ ජනතාව පාලනයකින් තොරව හැසිරීම නිසා නැවතත් වසංගත තත්ත්වය ව්‍යාප්ත වේ. මද කලකට රට අඟුරු ලෑම වෙනුවට සෞඛ්‍යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යාම සුදුසුම ක්‍රමවේදයයි. ආර්ථික අතින් ශක්තිමත්, සිය රටේ ජනතාවගේ සියලු වියහියදම් දැරිය හැකි රටවල් කිහිපයක් හැරෙන්නට අනෙක් සෑම රටක්ම දැඩි සංචරණ නීති යටතේ සෞඛ්‍යය උපදෙස් අනුව රට පවත්වාගෙන යයි. යම් කාලයකට රට වසා දැමුවා කියා වසංගතයට නිසි විසඳුමක් ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ තහවුරු කර නැත.

ආසියාවේ අනෙකුත් අනිකුත් රටවලට වඩා සාර්ථකව එන්නත්කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවත් විපක්ෂය උලුප්පා දක්වන්නේ එහි අඩුපාඩු පමණි. සයිනොෆාම් එන්නත මෙරටට ගෙන ආවත් විපක්ෂයේ දැඩි විවේචන හේතුවෙන් ඊට අනුමැතිය ලබා ගැනීමට මාසයකට වැඩි කාලයක් ගත විය. කොරෝනා ආසාදිත මරණවලින් වැඩි ප්‍රමාණයක් එන්නත්කරනය නොවූ පුද්ගලයන්ය. නිසි කලට එන්නත් වැඩපිළිවෙළ ආරම්භ කිරීමට හැකි වූවා නම් මේ වන විට එන්නත් කරන වැඩපිළිවෙල අවසන්ය. ජනතාව ද වෛරසයට ඔරොත්තු දෙන අන්දමේ ප්‍රතිශක්තිකරණයක් සහිතය. කවදත් දුරදිග නොබලා කටයුතු කළ විපක්ෂය තවමත් වසංගතය සම්බන්ධයෙන් තීරණ ගන්නේ දේශපාලන කෝණයකිනි.

ආණ්ඩු බලය තිබියදී මහබැංකු වංචාව සිදු කළ විපක්ෂය හිස් වූ භාණ්ඩාගාරයක් වත්මන් රජයට භාරදුන් බව මේ වන විට අමතක කර තිබේ. රජයේ ආදායම් අහිමි වූ විට එන්නත්කරනය, වෛරස පාලනය, සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීම ආදිය සඳහා වැයකිරීමට තරම් මුදලක් යහපාලන රජය ඉතිරි කර නැත.

මේ මොහොතේ වඩාත් තාර්කික හා විද්‍යාත්මක තීරණයකට ඔබතුමා එළඹෙන බව මම විශ්වාස කරමි. රට අඟුලු ලෑමට යෝජනා කරන කිසිවෙක් ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවලට විසදුම් ඉදිරිපත් නොකරයි. අති බහුතරයක් වූ කුලී නිවැසියන් ප්‍රමාණයක් සිටින බවද අපට අමතක කළ නොහැක. යම් හෙයකින් රට වසා දැමීමට ඔබතුමා තීරණය කරන්නේ නම් මාසික වේතනයක් නොලබන ජනතාව රැක ගැනීම වෙනුවෙන් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. මෙම වැඩපිළිවෙල සකසන විට වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන සෞඛ්‍යය ආරක්ෂක ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර හඳුනාගෙන ඔවුන්ට විශේෂයෙන් සැලකීමේ හැකියාව ඇත.

එවැනි ක්ෂේත්‍ර වල නිලධාරීන් අතහැර රට අඟුලු දා තිබෙන කාලසීමාවේදී මා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සේවකයන්ගේ වැටුපෙන් 50%ක් සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් දායකත්වය දැක්වීමට යෝජනා කරමි. එම වැඩපිළිවෙළ සඳහා මගේ දායකත්වය ලබාදීමට මම සූදානම් බවද අවධාරණය කරමි.

ස්තූතිය, මෙයට – සේවයට කැපවූ ප්‍රසන්න රණතුංග (සංචාරක අමාත්‍ය)

POLITICS

ස’ෆේල් කියන මතයේ අදටත් ඉන්නවා, අප්පිරියාවේන් අහක බලන් ඇමතිකම ගත්තේ – ඇමති හරීන් කියූ කතාව ඡායාරූපයෙන් එළියට

Published

on

By

ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර අහක බලාගෙන පත්වීම ලබාගත් බවත් ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු ඉකුත් 20 වැනිදා ප්‍රකාශ කළේය.

ඇමතිධූරය ලබාගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ තමන් අමාත්‍යධූරය ලබාගන්නා අවස්ථාවේ ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා බවයි.

ස’ ෆේල් කියන මතයේ තවදුරටත් සිටින බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට වන තම ස්ථාවරය වෙනස් වී නැති බවයි.

Giraya News Alerts

තමන් ගොඩනැගූ පක්ෂය වන සමගි ජනබලවේගය සමග තමන් අදටත් ඉන්නා බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂයේ දුරකතනය ලෝගෝව ප්‍රසිද්ධ කිරීමේ සිට අවසන් මැයි රැලිය දක්වා වූ සියලු අවස්ථා සංවිධානය කළේ තමන් බවයි. එබැවින් තමන් එරෙහිව විනය පරීක්ෂණ කිරීම පිළිබඳ තමන් සතුටු වන බව ද ඔහු සඳහන් කළා.

Continue Reading

POLITICS

නව ඇමතිවරු 10 දෙනෙකු කැබිනට්ධූරවල දිවුරුම් දීමට සියල්ල සූදානම්

Published

on

By

දිගින් දිගටම පත් කිරීම කල් ගිය කැබිනට් මණ්ඩලය සඳහා තවත් කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙකු මැයි 20 වැනිදා පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර, පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස්, පොහොට්ටුවේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොන්ඩමන්, ඊපීඩීපී පක්ෂයේ නායක හා යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද, සමගි ජන බලවේගය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු හා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද පෙරවරුවේ දී දිවුරුම් දීමට නියමිත බව “ගිරය”ට වාර්තා වේ.

මෙහිදී ටිරාන් අලස් පොලීසිය භාර අමාත්‍යවරයා ලෙසත්, විජයදාස රාජපක්ෂ අධිකරණ විෂය භාර අමාත්‍යවරයා ලෙසත්, සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපනය විෂය භාර අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

Giraya News Alerts

එසේම නිමල් සිරිපාල ද සිල්වා සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙසත්, මහින්ද අමරවීර කෘෂිකර්ම විෂයභාර අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දීමට නියමිත අතර ජීවන් තොන්ඩමන් වතු යටිතල පහසුකම් විෂය භාර අමාත්‍යවරයා ලෙසත් ඩග්ලස් දේවානන්ද ධීවර විෂය භාර අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

හරීන් ප්‍රනාන්දු තරුණ, ක්‍රීඩා හා ඩිජිටල් විෂය භාර අමාත්‍යවරයා ලෙසත්, මනූෂ නානායක්කාර ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

මේ අතර නව කැබිනට් ඇමතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් සූදානමක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

Continue Reading

POLITICS

“මාව යෝජනා කළ බව දැනගත්තේ සජිත්ගේ tweet එකෙන්” – රෝහිණී කවිරත්න කළ සම්පූර්ණ ප්‍රකාශය

Published

on

By

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසුව සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න කවිරත්න සඳහන් කළේ තමන්ව මෙම තනතුරට යෝජනා කොට ඇති බව දැනගත්තේ සජිත් ප්‍රේමදාස තැබූ ට්විටර් සටහනකින් බවයි.

එසේම අද ආණ්ඩුව මෙහෙයවන්නේ කළු පාට කුරුල්ලෙකු විසින් බව ද ඇය සඳහන් කළා. නියෝජ්‍ය කථානායක තෝරාගැනීම සඳහා පැවති රහස් ඡන්දයේ දී ඇය ලබා ගත්තේ ඡන්ද 78ක් පමණයි. ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ අජිත් රාජපක්ෂ ඡන්ද 109ක් ලබාගෙන තිබුණා.

මන්ත්‍රීවරිය සිදුකළ සම්පූර්ණ කතාව පහතින්.

Giraya News Alerts

ගරු කතානායකතුමනි,
නව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මැතිතුමාට මම සුබ පතනවා. මේ පුටුවේ හරි මැද ඉදගෙන කටයුතු කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කේන්තියකින් නෙවෙයි, උපහාසයෙන් කියන්නේ, මම පාර්ලිමේන්තුවේ වාචික හිංසනයට යොමු වන විට කතානාය පුටුවේ හිටපු අජිත් රාජපක්ෂ සමඟ මට තරඟ කරන්නට සිදුවීම දෛවයේ සරදමක් විදිහට මට සලකනවා.

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායක, නියෝජ්‍ය කතානායක පමණක් නෙවෙයි නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුරටවත් කාන්තාවක් පත්වී නැහැ. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිකරපු රටේ, විධායක ජනාධිපති ධූරයට කාන්තාවක් පත් කර ගත් රටේ, පාර්ලිමේන්තුවේ මුල් පුටුවලට තවමත් කාන්තාවකට පත් වෙන්නට අවස්ථාවක් නෑ.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මිසක්, මේ පාර්ලිමේන්තුවේ නොවෙයි.

ගරු කථානායකතුමනි, නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමට ඡන්දයක් පවත්වලා, මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් කාබාසිනියා කළා. මේ පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත් වුණා.

2004 පැය 9 ක් පුරා දිග් ගැසුණු ඡන්දයකින් පසුව වී.ජ.මූ. ලොකුබණ්ඩාර මැතිතුමා කතානායක තනතුරට පත් වූ අවස්ථාව මට සිහි වෙනවා. මේ පාර්ලිමේන්තුවේ 225 ම එපා කියන කතාව මට මුලින්ම ඇහුනේ, ලොකුබණ්ඩාර මැතිතුමන් කථානායක තනතුරට පත් 2004 අප්‍රේල් 4 දිනයි.

පසුගිය දා, ආයෙත් රටම ගිණිගත්තේ නියෝජ්‍ය කථානායක තනතුරේ අස්වීම, අස්වීම කල්ගැනීම, ඡන්දය, නැවත ඉල්ලා අස්වීම නිස යි. 2004 ඡන්දයෙන් පාර්ලිමේන්තුව ගිණිගත්තා. 2022 රටම ගිණිගත්තා. මම ලංකා පාර්ලිමේන්තුවේ මේ අවසනාවන්තම සිදුවීම් දෙක ඇසින් දැක්කා. තුන්වන අවස්ථාවේ පාර්ශවකරුවෙකු වෙන්නටත් සිදුවුණා. මම මේ බල දේශපාලනයේ පාර්ශවරුවෙකු බවට පත්වීම පිළිබඳ කණගාටු වෙනවා.

ගරු කථානායකතුමනි, ජවහල්ලාල් නේරු තුමන් පැවසූ දෙයක් මට සිහිවෙනවා Every little thing counts in a crisis ‘අර්බුදයක දී සෑම කුඩා දෙයක්ම ගණන් ගැනෙනවා’ කියලා නියෝජ්‍ය කතානායක ධූරය සඳහා වු ඡන්දය ලංකා පාර්ලිමේන්තු අර්බුදයේ දැවැන්ත බිදවැටීමක් ලෙස ඉතිහාසයට එක් වෙනවා.

1975 ඇමරිකානුවේ බිහිවූ සුවිශේෂම කතානායකවරයෙකු වන කාර්ල් බී. ඇබර්ට් ගේ කතාවක් මට මතක් වෙනවා. I don’t twist arms. I shake hands ‘මම කාගේවත් අත අඹරන්නේ නෑ. මම අතට අත දෙනවා’ මට මේ තනතුර වෙනුවෙන් කාගෙවත් අත අඹරන්නට ගියේ නෑ. මම ඒ වෙනුවට, මේ රටේ සියළුම ජනතාවට, අරගල භුමියෝ සිටින තරුණයින්ට, සහෝදරත්වයේ, මිත්‍රත්වයේ, ශිෂ්ඨත්වයේ දෑත දිගු කරනවා.

රොහිණී කවිරත්න කවුද කියලා පසු පෙළේ මන්ත්‍රීවරයෙක් ඇහුවා. අහගන්න. මාගේ නම මේ තනතුරට යෝජනා කළ බවට විපක්ෂ නායකවරයාගේ ටුවිටර් පණිවුඩය දකින තුරු මම ඒ බව දැන සිටියේ නෑ. මම අභියෝගවලින් පැනලා ‌නොයන බව දන්න නිසා එතුමා මා කෙරෙහි විශ්වාසය තියන්න ඇති.
මට අභියෝගයක් බාර දුන්නාම එය බාරගන්නවා. අභියෝගයක් බාරගත් පසු එයින් පැනලා යන්නේ නෑ.

මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මගේ අත්තා මුතුබණ්ඩා මැතිතුමා, මගේ පියා විජේරත්න බණ්ඩා, මගේ මාමා පි.බී.කවිරත්න, මගේ ස්වාමියා සංජීව කවිරත්න වත් අභියෝග හමුවේ පැනලා ගියේ නෑ. ඊයේ හවස වෙනක් තිබ්බ එකඟතාවය ඊයේ රූ විනාශ වුණා. ඒ රාජපක්ෂවරුන්ට මාව එපා වුණා. ඒ රාජපක්ෂවරුන්ගේ හොරකම් වංචා මම හෙළිකරපු නිසයි. හැබැයි මිනිස්සුන්ගේ බදු සල්ලි විනාශ කරමින්, ඔවුන්ගේ කෝපයට, වෛරයට ගොදුරු වෙන තැනට මේ පාර්ලිමේන්තුව අදත් පත්වීම ගැන මා කණගාටුවෙනවා.

අපේ තරුණයින් ගෝල්ෆෙස් පිටියේ, ගාල්ල, මහනුවර, අනුරාධපුර දැන් දවස් 39 ක් අරගල කරනවා. ගොල්ෆේස් අරගලයට පහරදුන් දේශපාලනඥයින්, මැරයින් තවමත් නීතිය හමුවට පමුණුවා නෑ. එයට මාවත සකසා දුන් පොලිස් නිලධාරීන් තවමත් අත්අඩංගුවට ගෙන නෑ.

ගෑස් පොලීම්, ඉන්ධන පොලීම් මැදින් හමුදා බෆල් රථ ගමන් කරනවා. මේක හදිසි නීතිය දැමූ රටක්. අද අපි අවදි වුණේ ඇඳිරි නීතිය තිබුණු රටක. රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ නෑ. මිනිස්සුන්ගේ රස්සා නැතිවෙලා. දරුවන්ට අධ්‍යාපනය නෑ.
ලබන සතියේ සා.පෙ. විභාගයට ලියන ළමයින්ට විභාග මධ්‍යස්ථානයට යන්න බස් රථයක් තියේදැයි සැකයි.

රටම බලාගෙන ඉන්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුද කියන ඒක නෙවෙයි. මේ රටේ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුව දෙන උත්තර මොකක්ද කියන එකයි. මතක තියාගන්න මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ මේක නෙවෙයි.අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි. තරුණයෝ මැරුණේ, ඔළු පලාගත්තේ මේකට නෙවෙයි.
මම ඉන්නේ අරගල බිමේ තරුණ්‍යයක් ඒකක් මිසක් අවස්ථාවාදී බලලෝභි දේශපාලනයත් එක්ක නෙවෙයි.

නියෝජ්‍ය කතානායක ධූරයට මාගේ නම යෝජනා කළ, ස්ථිර කළ සැමට මගේ ස්තුතිය පිරිණමනවා. මම මේ තනතුරට සුදුසු යැයි ප්‍රසිද්ධියේ කියූ අරගල භුමියේ තරුණ තරුණියන්ට ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන්ට මම ස්තුතිය පළ කරනවා. එහෙම කිව්ව උගත් බුද්ධිමත් සැමටම මම ස්තුතිවන්ත වෙනවා.

පාර්ලිමේන්තුව සම්බන්ධ අගමැතිතුමාගේ පළමුවෙනි යෝජනාව කාන්තාවකට මේ තනතුර ලබාදීමයි. අගමැති ගේ පළමු යෝජනවා අද පාර්ලිමේන්තුවේ පරාජය වෙලා තියෙනවා. අගමැති ගත්ත පළවෙනි ප්‍රතිප්තිය අද පරාජය වී තිබෙනවා. සමහරවිට මෙය අගමැතිවරයා ලබන පරාජයන් වැලක පළමුවැන්නයි. අද සිට මේ ආණ්ඩුවේ පරාජයන් වැල ආරම්භ වෙනවා. රාජපක්ෂවරු තමන්ගේ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වන බව පැහැදිලියි. මෙවැනි සුළු කටයුත්තකට වත් අගමැතිවරයාට එකඟත්වයක් ලබා ගැනීමට අගමැතිවරයාට බැරි වෙලා නෑ.

අද ආණ්ඩුව කරන්නේ ජනපති හෝ අගමැති නෙවෙයි කළුපාට කුරුල්ලෙක් පමණයි. මතක තියාගන්න, මිනිස්සු කියන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලයි. ඒ ඉල්ලීම ඉටු වනු තුරු අරගලය ඉදිරියට යනවා. ඒ ඉල්ලීම ඉටුවන තුරු පාර්ලිමේන්තුවේ අපගේ අරගලයත් ඉදිරියට යනවා. අගමැතිතුමා ඊයේ ජාතික අමතා කළ කතාවේ කියූ කරුණු අතිශයින්ම වේදනාත්මකයි.

හැබැයි, අද නියෝජ්‍ය කතානායක තනතුර සඳහා ඇතිකර ගත්ත ඒකඟතාව රකින්නට බැරුව රටට දෙන පොරොන්දු ඉටු කරන්න බැරි වෙයි. ගෝල්ෆේස් සහ මහනුවර අරගලයට පහරදීමෛ ඓතිහාසික වරදක්. එය නිවැරදි කළ යුතුයි. ඒ වරද සිදුකළ සැමට දඩුවම් ලැබිය යුතුයි. ප්‍රහාරය සිදු කළ, දායක වුණු සියළු දෙනා අත්අඩංගුවට ගත යුතුයි.

තරුණයිනි, ඔබලාගේ අරගලයේ ජයග්‍රහණය කරන දවසේ, අදට වඩා යහපත් පාර්ලිමේන්තුවක් මේ රටේ අනිවාර්යෙන්ම බිහිවේවි. කන්තාවකට පාර්ලිමේන්තු කතානායක ධූරයට පත්වීමට අවස්ථාවක් සැලසෙන රටක් බිහිවේවි. ඒ දවස උදා කරන්නට, මේ පාර්ලිමේන්තුව අදට වඩා ශිෂ්ඨ හා ගෞරවනීය තැනත් කරන්නට මම කැපවෙනවා.

ස්තුතියි,

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub