Connect with us
Advertise with Giraya

NEWS

රජයට අයත් මෝටර් වාහන සංඛ්‍යාව 82,194යි, 76,661ක් ධාවන තත්වයේ

Published

on

රජයේ ආයතන සතු වාහන පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස අගෝස්තු 23 වැනිදා ඉදිරිපත් කරන ලදී.

එහිදී අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන, රාජ්‍ය ව්‍යාපාර සහ පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව වාහන 82,194ක් පවතින බව අනාවරණය වී ඇත.

ඒ අතුරින්, වාහන 76,661ක් ධාවන තත්ත්වයේ පවතින අතර, වාහන 5,533ක් ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින බව ද අනාවරණය වී ඇත.

Giraya News Alerts

ධාවනය කළ හැකි වාහන අතුරින් අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන සතුව වාහන 33,931ක් ද, රාජ්‍ය ව්‍යාපාර සතුව වාහන 26,395ක් ද, පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව වාහන 16,335ක් ද පවතින බව එම වාර්තාවේ සඳහන් වේ.

එසේම, රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් 8,500කට පමණ මාසික දීමනාවක් ලබා දී ඔවුන්ගේ පෞද්ගලික මෝටර් රථ නිල ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් සලසා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම තොරතුරු සැලකිල්ලට ගෙන දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන අතුරින් අලුත්වැඩියා කළ හැකි වාහන කඩිනමින් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත්, අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් නොපමාව අපහරණය කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ විය.

Advertisement Giraya News Alerts
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BUSINESS

කොරේ පිටට මරේ – ඉන්ධන මිල වැඩි කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථාව කියයි

Published

on

By

රට තුළ සියලුම භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ යමින් ඇති තත්වයක් තුළ ඉන්ධන මිල ද යළිත් වරක් ඉහළ දැමීම අවශ්‍ය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ සංස්ථාව මේ වනවිට රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බවයි. මෙවැනි අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව විෂයභාර අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ බව ද සංස්ථා සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමුවේ 2021 වසරේ ජුනි 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් , ඩීසල් ලීටරයක් රුපියල් 07 කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ,භූමිතෙල් රුපියල් 07 ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළා.

Giraya News Alerts

Continue Reading

NEWS

පහන්තුඩාවේ රූගත කළ නිල් චිත්‍රපටය මගින් හෙළි වූ ශ්‍රී ලංකාවේ ජයටම සිදුවන නිල් චිත්‍රපට කර්මාන්තය

Published

on

By

අද (29) දවස පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ පහන්තුඩාව සම්බන්ධයෙන් කතාබහක් ඇතිව තිබේ. ඊට පාදක වී ඇත්තේ ප්‍රසිද්ධ නිල් චිත්‍රපට වෙබ් අඩවියක ලාංකිකයින් බවට අනුමාන කළ හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ ලිංගික ජවනිකාවක් පළ කර තිබීමත් සමගයි. අදාළ වීඩියෝපටය පළ කළ එම වෙඩ් අඩවියේ චැනලය ද සිංහල නමකින් පවත්වාගෙන යන “සත්‍යාපනය” කළ ගිණුමකි.

එම නිල් චිත්‍රපට වෙබ් අඩවිය තුළ ශ්‍රී ලංකාවේ සිට සිංහල නම්වලින් පවත්වාගෙන යනු ලබන බව බැලූ බැල්මටම පෙනෙන ලිංගික ජවනිකා ඇතුළත් නාලිකා රැසක් පවතී. මෙම වෙබ් අඩවියට පිවිසීම මෙරට බොහෝ සන්නිවේදන ජාල මගින් අවහිර කර නොතිබීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව වැඩි වශයෙන් කතාබහට ලක් නොවන ක්ෂේත්‍රයක් ලෙස ‌ලිංගිකත්වය හා සම්බන්ධ මාතෘකා හඳුනාගත හැකිවුවත් ගූගල් හී ‌”Sex” යන වචනය වැඩිපුරම සෙවුම් කළ රටක් ලෙස ද හඳුනාගත හැකි වේ.

Giraya News Alerts

ශ්‍රී ලංකාවේ දී මෙවැනි ලිංගික ජවනිකා ඇතුළත් අන්තර්ගතයන් “අසභ්‍ය” චිත්‍රපට ලෙස හඳුනාගැනීමට සමාජය කටයුතු කරමින් සිටී. නමුත් අසභ්‍ය චිත්‍රපටයක් හෝ වීඩියෝපටයක් යනු කුමක්දැයි‌ මෙරට නීතිය මගින් නිශ්චිතව නිර්වචනය කර නැත.

යම් ප්‍රකාශනයක් ඇතැමෙකුට අනුව “අසභ්‍ය” විය හැකිවුවත් ඇතැමෙකුට අනුව එය එසේ නොවිය හැකිය. එසේම, නිල් චිත්‍රපට ද මේ වනවිට ලොව බොහෝ රටවල තහනම් නොවන අතර ඇතැම් රටවල කේබල් රූපවාහිනී සේවා සපයන ආයතන මගින් ද ලබාගත හැකි ලෙස පවතී. මේ සම්බන්ධයෙන් දැනට අප රටේ තත්වය අනුව, නිල් චිත්‍රපට “තහනම්” තත්වයක් පවතී.

වරින්වර සංශෝධිත 1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතෙහි හෝ දණ්ඩ නීති සංග්‍රහයෙහි 285,286 සහ 287 වගන්ති යටතේ විස්තර වන වැරදිවලට අදාළව මේ සම්බන්ධයෙන් කිසිඳු අර්ථ නිරූපනයක් නැත.

ඒ අනුව, අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත 1983 අංක 22 දරන පනත මගින් හා 2005 අංක 12 දරන පනත මගින් සංශෝධනවලට ලක්ව පවතින අතර, ඒ යටතේ එකී අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතෙහි විස්තර වන්නා වූ වැරදි මෙසේ ‌දැක්වේ.

i. වෙළඳාම පිණිස හෝ වෙළඳාමක් වශයෙන් හෝ බෙදා හැරීම සඳහා හෝ මහජන ප්‍රදර්ශන සඳහා හෝ දක්වා ඇති හෝ දක්වා නොමැති කාර්ය සඳහා හෝ අසභ්‍ය ලියවිලි, චිත්‍ර, මුද්‍රිත ඡායාරූප, සිතුවම්, මුද්‍රිත ද්‍රව්‍ය, පින්තූර, විශාල දැන්වීම්,ලාංඡන, ඡායාරූප, සිනමාපටි,රූපවාහිනී කැසට්පට හෝ වෙන යම් අසභ්‍ය දේ සෑදීම, නිෂ්පාදනය කිරීම හෝ තමා සන්තකයේ තබා ගැනීම,

ii. ඉහත කී කාර්ය සඳහා එකි අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ අතුරින් කිසිවක් ආනයනය කිරීම, ගෙනයාම හෝ අපනයනය කිරීම හෝ ඒවා ආනයනය කිරීමට,ගෙන යාමට හෝ අපනයනය කිරීමට සැලැස්වීම හෝ කවර ලෙසකින් හෝ ඒවා සංසරණයට පත් කිරීම,

iii. එකී අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ අතුරින් කිසිවක් හා සම්බන්ධ පොදු වූ හෝ පෞද්ගලික වූ හෝ ව්‍යාපාරයක් කර ගෙන යාම හෝ ඊට සහභාගි වීම නැතහොත් කවර ලෙසකින් හෝ එකී ද්‍රව්‍ය හෝ දේ පිළිබඳව කටයුතු කිරීම හෝ ඒවා බෙදා හැරීම හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම හෝ ඒවා අතමාරුවට දීමේ ව්‍යාපාරයක් කිරීම,

iv. එකී දඞුවම් කළහැකි සංසරණය හෝ ‍වෙළඳාම සඳහා අධාර කිරීමේ අදහස ඇතිව දඞුවම් කළහැකි ඉහත කී ක්‍රියාවන්ගෙන් යම් ක්‍රියාවක් හෝ යම් තැනැත්තෙකු යෙදී සිටින බව කවර ලෙසකින් හෝ ප්‍රචාරය කිරීම හෝ දැනුම් දීම හෝ ඉහත කී අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් සම්පාදනය කිරීම සහ,

v. ඉහත කී I,II,III සහ IV යටතේ වන වැරදි සඳහා ශ්‍රී ලංකාව තුල දී හෝ ඉන් පිටත දී අධාර දීම (Abetment) නමැති වැරදි වේ.

දන්ඩ නීති සංග‍්‍රහය – 285 වගන්තිය අනුව,

අසභ්‍ය පොතක්, පත‍්‍රිකාවක්, පත‍්‍රයක්, ඇඳීමක්, චිත‍්‍රයක්, ඡයාරූපයක්, නිරූපනයක් හෝ රූපයක් විකුණන බෙදා හරින පිට රටින් ගෙන්වන හෝ විකිණීම හෝ කුලියට දීම සඳහා මුද්‍රණය කරන හෝ ඕනෑවට ම මහජන දර්ශනයට තබන හෝ එලෙසක් කිරීමට තැත් කරන හෝ ඉදිරිපත් වන තැනැත්තෙකුට තුන්මාසය දක්වා කාලයක, දෙයාකාරයෙන් හෝ එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.

286 වගන්තිය වගන්තිය අනුව,

විකීණීම, බෙදා හැරීම හෝ මහජන ප‍්‍රදර්ශනය සඳහා ඉහතින් වූ වගන්තියෙහි සඳහන් අන්දමේ අසභ්‍ය පොතක් හෝ වෙනත් දෙයක් තම ස්වාමිත්වයෙහි තබා ගන්නා තැනැත්තෙකුට මාස 3 දක්වා කාලයක දෙයාකාරයෙන් හෝ එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.

ඒ අනුව, කාමුකත්වය හෝ ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයේ පළ කිරීම්, එනම්, ඡායාරූපයක්, ලිපියක්, වීඩියෝවක් හෝ එවැනි ආකාරයේ ප්‍රකාශනයක් පළ කිරීමේ දී ආචාරධාර්මික විය යුතු බව සමාජ මතයයි. බොහෝ විට එහිදී ලිංගික ජවනිකා ඇතුළත් වීඩියෝපට නැරඹීමට වයස අවුරුදු 18ට ඉක්මවා තිබීම අවශ්‍ය බව දැක්වීම සිදුවෙයි.

කෙසේ වෙතත්, මෙවැනි ප්‍රකාශනයක් අසභ්‍ය ප්‍රකාශනයක්ද, නැද්ද යන්න තීරණය කිරීම සඳහා පොදු නීති රාමුවක් පැවතීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිවුවහොත් නීති විරෝධී ආකාරයේ ක්‍රියා මගින් එක් පිරිසක් පමණක් මුදල් ඉපැයීම මෙන්ම සමාජ විරෝධී ක්‍රියා සිදු කිරීම ද සිදුවේ.

අන්තර්ජාල අන්තර්ගතයන් සීමා කිරීම හෝ පාලනය කිරීම දැඩි අසීරු කටයුත්තකි. එවැනි තත්වයක් තුළ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීති අනුව, පහන්තුඩාව වීඩියෝපටය වැනි ලිංගික ජවනිකා ඇතුළත් වීඩියෝපට නිෂ්පාදනය කිරීම, ප්‍රදර්ශනය කිරීම වැනි කටයුතු නීති විරෝධී බව පැහැදිලි වේ.

එබැවින් මෙවැනි වීඩියෝපට සම්බන්ධයෙන් නිශ්චිත නීති රාමුවක් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. ඉහත සඳහන් කළ නිල් චිත්‍රපට වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කළ බවට අනුමාන කළ හැකි වීඩියෝපට දහස් සංඛ්‍යාවක් පවතී.

පුද්ගලයින්ගේ කැමැත්තකින් තොරව හොර රහසේ වීඩියෝගත කළ වීඩියෝපටවල සිට පෙනී සිටින පුද්ගලයින්ගේ අවසරයකින් තොරව පළ කළ වීඩියෝපට ද, එම වෙබ් අඩවිය සඳහාම “මුහුණ නොපෙනෙන ලෙස” උසස් තාක්ෂණය ද යොදාගනිමින් නිෂ්පාදනය කර පළ කර ඇති වීඩියෝපට ද ඇති බව දක්නට ඇත. එසේම, එම අන්තර්ගතයන් මගින් එම වෙබ් අඩවි මෙන්ම එම වීඩියෝ පළ කරන පුද්ගලයින් ද අති විශාල මුදලක් උපයන බව ද පෙනී යයි.

එබැවින්, මෙවැනි ලිංගික අන්තර්ගතයන්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය අන්තර්ගතයන් මෙන්ම සියලු ප්‍රකාශන සම්බන්ධයෙන් යාවත්කාලීන හා වර්තමාන වෙළෙඳපොට ගැලපෙන්නා වූ විධිමත් නීති රාමුවක් සකස් වීම අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස හඳුනාගත හැක.

Continue Reading

BUSINESS

Exclusive: කෘතීම වාහන මිල පාලනයට රජයේ අවධානය!

Published

on

By

2020 මාර්තු මස 19 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් මෙරටට මෝටර් රථ ආනයනය කිරීම තහනම් කිරීමට රජය කටයුතු කළා. ඒ රට පළමුවරට ලොක්ඩවුන් කිරීමෙන් සතියකට පසුවයි. ඊට හේතු ලෙස රජය පෙන්වා දුන්නේ අපනයන ආදායම අඩුවී ආනයන වියදම වැඩිවීම නිසා ඒ වනවිට ලංකාව මුහුණ දී සිටි විදේශ විනිමය හිඟයට විසඳුම් ලෙස මෙම තීරණය ගත් බවයි.

ඒ සමගම දේශීය වෙළෙඳපොලේ වාහන මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම ආරම්භ වූ අතර වාහන ‌‌අලෙවිකරුවන් පැරණි වාහන රැස් කිරීම ද ආරම්භ විය.

කෙසේ වෙතත්, එලෙස කෙටි කාලයකට බව පවසමින් පනවා තිබූ වාහන ආනයන තහනම මේ වනවිට වසර එකහාමාරක් දක්වා දිගු වෙමින් පවතින අතර රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාහන ආනයනකරුවන් පවසන්නේ තවත් වසර දෙක තුනකට වාහන ආනයනය සිදු නොවන බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මුදල් අමාත්‍යංශය සඳහන් කළේ එලෙස වසර 2, 3කට වාහන ගෙන්වීමේ තීරණය දීර්ග කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. නමුත් දැනට වාහන ගෙන්වීම සඳහා සූදානමක් නැති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.

Giraya News Alerts

අයවැයෙන් වාහන මිල නියාමනයට නව නීති

මේ අතර, මෙවර අයවැයෙන් වාහන ගෙන්වීමට අවසර දීමට සූදානමක් ඇත්දැයි කළ විමසීමේ දී අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට අවසර දීමට සූදානමක් නොමැති වුවත් දේශීය වෙළෙඳපොලේ වාහන මිල නියාමනය කිරීමට සූදානමක් ඇති බවයි. වාහන මිල දී ගැනීමේ දී ලීසිං පහසුකම් සැපයීම හරහා කෘතීම මිලක් නිර්මාණය කර ලීසිං පහසුකම් ලබාගත් විට වාහන ගෙන්වීමට අවසර දුන් පසු එම ලීසිං ආයතන ද කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළා.

ඒ අනුව, වාහනවල වර්ගය, නිෂ්පාදිත වර්ෂය, ධාවනය කර ඇති දුර ප්‍රමාණය මත එම වාහන සඳහා ලබා දිය හැකි උපරිම ලීසිං පහසුකම තීරණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළා.

මෙමගින් මූල්‍ය වෙළඳපොල ස්ථාවරව පවත්වා ගනිමින් වාහන සඳහා කෘතීම මිලක් නිර්මාණය කිරීම වැළැක්වීමට අපේක්ෂා කරන බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නා.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙලෙස කෘතීම මිලක් නිර්මාණය කරමින් ඒ සඳහා ලීසිං පහසුකම් ලබා දී වැඩි මිලට වාහන අලෙවියට ඉඩ ලබා දුනහොත් ඉදිරියේ දී එම මුදල් ආපසු ගෙවීම පැහැර හැරි විටෙක රටේ මූල්‍ය ස්ථායිතාවයට පවා බරපතල හානියක් සිදුවිය හැකි බවයි. වෙළෙඳපොලේ මිල කෘතීමව ඉහළ දැමීම වැළැක්වීම සඳහා ද උපරිම ලීසිං මුදලක් ඒ ඒ වාහනය මත තීරණය කිරීමේ ක්‍රමවේදය හරහා වාහන මිල නියාමනය කිරීමට රජයට හැකිවනු ඇති බව ද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub