Connect with us
Advertise with Giraya

Health

මෙරට ‌කොවිඩ් පරීක්ෂණ ධනාත්මකතා අනුපාතය සියයට 15.8ක් – WHO

Published

on

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අගෝස්තු 20 දා ප්‍රකාශයට පත් කළ සතිපතා වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ කොවිඩ් පරීක්ෂණ ධනාත්මක වන අනුපාතය (TPR) 15.8% ක් ලෙස පවතින බව අනාවරණය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි, අඛණ්ඩව පස්වන සතියටත් ශ්‍රී ලංකාව තුළ වාර්තාවන නව රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බව පෙන්නුම් කර ඇත. පසුගිය සතිය හා සසඳන විට මධ්‍යම පළාත හැර අනෙකුත් සියලුම පළාත් වල නව රෝගීන්ගේ වර්ධනයක් වාර්තා විය. පසුගිය සතිය හා සසඳන විට දකුණු සහ වයඹ පළාත්වල නව රෝගීන් වාර්තා වීම 50%කින් ඉහළ ඇති බව ද වාර්තා වේ.

එන්නත ලබා දීමේදී ශ්‍රී ලංකාව දකුණු හා අග්නිදිග ආසියාවේ තුන්වන ස්ථානයේ සිටී. එම වාර්තාවට අනුව 22.3% ක ජනතාවක් මුළුමනින්ම එන්නත ලබාගෙන ඇත. භූතානය රටේ ජනගහනයෙන් 62.8% කට සහ මාලදිවයිනට සියයට 54.3 කට එන්නත් ලබා දී ඇති අතර 3 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවෙයි. (භූතානයේ සමස්ත ජනගහනය 781,352ක් වන අතර මාලදිවයිනේ සමස්ත ජනගහනය 559,441ක් වේ.)

Giraya News Alerts

ඉන්දියාවේ සියයට 8.9 ක ජනතාවකට පූර්ණ එන්නත ලබා දී ඇත.

Advertisement Giraya News Alerts
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

FOREIGN

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා අතර පරතරය වැඩි වීම ගැන අනතුරු අඟවයි

Published

on

කොරෝනා එන්නත් මාත්‍රා අතර කාල විරාමය ඉහළ නැංවීම තුළින් පුද්ගලයෙකු කොරෝනා විකෘති ප්‍රභේදවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බව අමෙරිකාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුචි පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය රජය මගින් කොරෝනා එන්නත් මාත්‍රා අතර පරතරය ඉහළ නැංවීමට ගෙන ඇති තීරණය පිළිබඳව සිදුකළ විමසීමට පිළිතුරු වශයෙන් ය.

වෛද්‍ය ඇන්තනී ෆවුචි සඳහන් කළේ ෆයිසර් සහ මොඩර්නා යන එම්-ආර්.එන්.ඒ. තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන කොරෝනා එන්නත් මාත්‍රා අතර පරතරය ෆයිසර් එන්නත සඳහා සති 03 ක් ද මොඩර්නා එන්නත සඳහා සති 04 ක් ද විය යුතු බවයි.

Giraya News Alerts

කෙසේ නමුත්, සැපයීමේ හිඟයක් පවතින විට එන්නත් මාත්‍රා අතර පරතරය ඉහළ නැංවීම හැර විකල්පයක් නොවන බව ඔහුගේ අදහසයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකක් අතර පරතරය සති 12 ත්, 16 ත් අතර කාලයක් දක්වා ඉහළ නැංවීමට ඉන්දීය රජය පසුගියදා තීරණය කළා.

එලෙස කොවිෂීල්ඩ් එන්නත් අතර පරතරය ඉහළ ප්‍රතිඵල ලබාගැනීම සඳහා දීර්ඝ කළ දෙවන අවස්ථාව එයයි.

ඊට පෙර එම එන්නත් මාත්‍රා අතර පරතරය දින විසි අටේ සිට සති 06 ක් හෝ 08 ක් දක්වා ඉහළ නැංවිය හැකි බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ. ඒ, කොරෝනා එන්නත් සැපයුමේ විශාල හිඟයක් පැවතීම හේතුවෙන් ය.

විශේෂයෙන්ම, ඉන්දියාවෙන් වාර්තා වූ ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය මර්දනය සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත්ව සිදු විය යුතු බව ද වෛද්‍ය ඇන්තනී ෆවුචි සඳහන් කරයි.

Continue Reading

Health

තයිරොක්සින් ඖෂධ හිඟය ගැන ඇමතිගෙන් පිළිතුරක්

Published

on

මේ වන විට තයිරොයික්සින් ඖෂධ හිඟයක් පවතින බවට වාර්තා වෙනවා. අදාළ ඖෂධය ආර්ජන්ටිනාවෙන් මෙරටට ගෙන්වන බව ද වාර්තා වේ. එරට නිෂ්පාදන ප්‍රමාදයක් හේතුවෙන් මෙරටට තයිරොක්සින් සඳහා ලබා දෙන ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකි බව ද සඳහන්.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) දිනයේ දී පැවසුවේ ඉදිරි සති දෙක තුළ එම ඖෂධය මෙරටට ලැබෙන බවයි.

Continue Reading

Health

කොවිඩ් වැළඳුන කෙනෙක්ට ඩෙංගු වැළඳුනත් සංකූලතා වැඩිවෙනවා

Published

on

යම් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් නිවසේ සිට රෝග විනිශ්චය සිදුනොකර වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දී තිබේ.

එයට හේතු වන්නේ, ඇතැම් කොවිඩ් රෝග ලක්ෂණ, ඩෙංගු රෝග ලක්ෂණ හා සමානත්වයක් පෙන්නුම් කිරීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා පවසා සිටියේ, උණ සහ ඇඟපත වේදනාව ඩෙංගු සහ කොවිඩ් යන රෝගී තත්ත්වයන් දෙකෙහි ම දැකගත හැකි බවය.

Giraya News Alerts

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා,

“තීරණය කරන්න හොඳ නෑ නිවසේ දී උණ හැදුනහම මට තියෙන්නේ ඩෙංගු ද? මට තියෙන්නේ වෛරස් උණක් ද? මට තියෙන්නේ කොරෝනා ද කියලා. තීරණය ගැනීමට රෝග ලක්ෂණ තියෙන අයෙක් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත හෝ රෝහලක් වෙත යොමුවන්න. එක රෝග තත්ත්වයක් තියෙන කෙනෙකුට වෙනත් කිසියම් හෝ රෝග තත්ත්වයක් ඇති වුවහොත් සංකූලතාවලට යෑමේ හෝ බරපතළ තත්ත්වයක් ඇති වීමේ හැකියාව වැඩියි. ඒ නිසා කොවිඩ් තියෙන රෝගියෙකුට ඩෙංගු වැළඳුනත් සංකූලතා වැඩිවෙනවා.“

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub