Connect with us
Advertise with Giraya

NEWS

මගෙයි ඉරාජ්ගෙයි කිසිම සම්බන්ධයක් නෑ – යෝෂිත රාජපක්ෂ, ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව යළි මතුවෙයි

Published

on

ජනප්‍රිය සංගීතඥයෙකු වන ඉරාජ් වීරරත්නට පහ ර දුන් බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදිනී ජමිලා හුසේන් සමග පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ පවසා තිබෙනවා.

එසේම, තමන්ට ඉරාජ් වීරරත්න සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව ද යෝෂිත රාජපක්ෂ පවසා තිබෙනවා. “මම ඔහුව අවසන් වරට දුටුවේ මා කලකට පෙර සහභාගී වූ උත්සවයකදී ය. මම ඔහු සමඟ කිසිසේත් සම්බන්ධ වී නැත. ඔහුගේ ඉල්ලා අස්වීමට මගේ කිසිඳු සම්බන්ධයක් නෑ” යෝෂිත පැවසීය.

ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා සභාවේ තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දැනුම් දෙමින් පසුගිය බදාදා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබුණි. පෙර යොදාගෙන තිබූ පෞද්ගලික වැඩකටයුතුවලට සහභාගී වීමට සිදු වූ බැවින් මෙම තීරණය ගත් බව ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා තිබුණි.

Giraya News Alerts

කෙසේ වෙතත්, අදාළ සිදුවීම් මාලාව සමග ඉරාජ්ගේ නිල ෆේස්බුක් පිටුව ද හදිසියේ අතුරුදන් වී තිබූ අතර ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ පවසා තිබුණේ තමන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් කිරීම පිළිබඳ තමන් ෆේස්බුක් ආයතනය වෙත පැමිණිලි කළ බවත් මේ වනවිට එම පිටුව නැති වී තිබෙන බවත් ය. නමුත් එම ප්‍රකාශයෙන් පැය කිහිපයක් ඇතුළත යළිත් ඉරාජ්ගේ නිල ෆේස්බුක් පිටුව ඔහුගේ ඡායාරූපයක් ද සහිතව යාවත්කාලීන කර තිබුණි. එසේම එහි පැරණි පළ කිරීම් සියල්ල ඉවත් කර ඇති බව ද පෙනෙන්නට ඇත.

NEWS

අජිත් රෝහණ දකුණට, ඇමති ටිරාන් අලස් වැඩ අරඹයි

Published

on

By

ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා තිබෙනවා. ඔහු අපරාධ සහ රථවාහන දිසාව, සංවිධානාත්මක අපරාධ, කාන්තා සහ ළමා අපචාර කාර්යාංශය, මත්ද්‍රව්‍ය දිසාව, මැතිවරණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි එම්.ඩී.ආර්.එස්. දමින්ද නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති අතර නැගෙනහිර පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද ස්ථාන මාරුවීම් කර ඇති බව වාර්තා වේ.

Giraya News Alerts

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් පසු එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එස්. හෙට්ටිආරච්චි පත්වීම් ලැබුවා. ඒ අනුව, අමාත්‍යාංශ ලේකම්ගේ 2022.05.27 දිනැති ලිපියට අනුව රාජ්‍ය්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් නියෝගය නිකුත් කරන බව පොලිස්පතිවරයා පවසනවා.

බත්තරමුල්ලේ, සුහුරුපායේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ බ්‍රහස්පතින්දා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් තමන් වෙත පැවරී ඇති රාජකාරිය නීත්‍යානුකූලව සිදු කළ යුතු අතර එලෙස කටයුතු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම ඇමතිවරයා ලෙස තමන් රැකවරණය ලබාදෙන බවයි.

Continue Reading

NEWS

#Breaking ශෂි වීරවංශට වසර දෙකක සිර දඬුවමක්

Published

on

By

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිද වන ශෂි වීරවංශට වසර දෙකක සිර දඩුවමක් ලබා දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මැයි 27 වැනිදා නියෝග කර ඇත.

කොළඹ පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල එම නියෝගය ලබා දී ඇති අතර අද ( 27) එම නියෝගය ලබා දීම සිදු කළේය.

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත් දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට වරදකරු වීම හේතුවෙන් මෙම දඩුවම් පමුණුවා තිබෙනවා.

Giraya News Alerts

Continue Reading

NEWS

රනිල්ගේ යෝජිත අයවැය තුළ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් නෑ – අගමැති කාර්යාලය නිවේදනය කරයි

Published

on

By

මුදල් විෂයභාර අමාත්‍යවරයා ද වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත අන්තර්කාලීන අයවැය ඔස්සේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට පුවත්පත් හා සමාජ මාධ්‍යවල පළ වී තිබූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව, එහි සඳහන් වන්නේ ඉදිරියේ දී ගෙන ඒමට නියමිත අන්තර්කාලීන අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් පිළිබඳ කිසිඳු යෝජනාවක් අනතර්ගත නොවනු ඇති බවයි.

එසේම, සෞඛ්‍ය සහ අධ්‍යාපන හැර අනෙකුත් අමාත්‍යංශ සඳහා ලබා දී තිබූ ප්‍රතිපාදන කප්පාදු කිරීමට අන්තර්කාලීන අයවැය තුළින් අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. ඒ මගින් ඉතිරි කරගැනීමට අපේක්ෂිත මුදල් රජයේ අත්‍යවශ්‍ය වියදම් සඳහා යොදා ගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Giraya News Alerts

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub