Connect with us
Advertise with Giraya

POLITICS

“පාස්කු කොමිසමේ අය මවුලවීලා එක්ක බුරියානි කාපු අය” – රාජ්‍ය අමාත්‍ය දයාසිරි

Published

on

පාස්කු පරීක්ෂණ මේ වනවිට වෙනත් පැතිවලට යොමු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඔක්තෝබර් 24 දින කුරුණෑගල බතික් අත්යන්ත්‍ර ඇඟලුම් පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“පාස්කු සිද්ධිය පැහැදිලිවම වෙන වෙන පැතිවලට දැන් කැරකිලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඕන ඕන පුද්ගලයෝ ඇතුළට දාන්න බැහැ. මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා මේකට වගකිව යුතුයි කියනවා නම් ඒකට පැහැදිලි සාක්ෂි තිබිය යුතුයි. කොමිෂන් සභාවේ. එහෙම සාක්ෂි නැහැ. මම පැහැදිලිවම කියනවා මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා, මේ සිද්ධිය ගැන දැනුවත් වුණා කියලා සාක්ෂි නැහැ. මේ කොමිෂන් සභාවේ අය මවුලවිලා එක්ක සාකච්ඡා කරලා එකට බුරියානි කෑව අය. ඒකෙ තීන්දු ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. මේකේ ඇත්ත මොළකාරයෝ අනිවාර්යයෙන් රට දැනගත යුතුයි.”

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළා.

Giraya News Alerts

“ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු කියන ඒවා එතරම් ගණන් ගතයුතු නැහැ. ඒ අය එක්ක එකතු වෙලා නෙමෙයි මේ ආණ්ඩුව හැදුවේ. අහක ඉන්න අය කෑගැහුවා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ආණ්ඩුව ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. හැමදේම හරි කියන අන්ධානුකරණයෙන් වැඩ කරන්න අපි සූදානම් නැහැ. අන්ධානුකරණයෙන් ආණ්ඩුව රකින අයත් ඉන්නවා ආණ්ඩුව තුළ.”

POLITICS

තිස්සකුට්ටිආරච්චිගේ ටිකිරි මොලෙන් ගෑස් ප්‍රශ්නය ඇති තැන හඳුනාගනී

Published

on

By

දිනෙන් දින ඉහළ යන ගෑස් අනතුරු සම්බන්ධයෙන් සමාජය තුළ විශාල භීතිකාවක් පැතිරගොස් ඇති මොහොතක මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි පවසන්නේ ගැටළුව ඇත්තේ ගෑස් සංයුතියේවත් ගෑස් ටැංකියේවත් නොව ගෑස් ළිපේ බවයි.

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙසැම්බර් 01 දින මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ “විශේෂඥයින් විද්වතුන් අතර චූටි ස්ථානයක සිටින” තම “ටිකිරි මොලයට” තේරුම්ගත හැකි පරිදි ගැටළුව ඇත්තේ ගෑස් ළිප් තුළ බව තමන් විශ්වාස කරන බව යි. වීදුරුවක් සහිත ගෑස් ළිප් වෙළෙඳපොලේ අඩු මිලට පවතින බව කියන මන්ත්‍රීවරයා පවසන්නේ එවැනි ප්‍රමිතියකින් තොර ලිප් හේතුවෙන් මෙය සිදුවන බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්.

Giraya News Alerts

“වැරදි දැන් හැම තැනම කතා වෙනවා. මේ වැරදි කතාවක් කියනවා මේ ගෑස් පිපිරෙනවා, ගෑස් පිපිරෙනවා කියලා. මං අභියෝගයක් කරනවා මේ කිසිම තැනක ගෑස් පිපිරිලා නෑ, ගෑස් ටැංකියක් පිපිරිලා නෑ. ඉතා පැහැදිලිව මතක තියාගන්න, මේ පිපිරෙන්නෙ ගෑස් ලිප. මේක හරියට බඩේ කැක්කුම තියෙනකොට කකුලෙ කැක්කුම ගැන කියනවා වගේ. කකුලට බේත් බඳිනවා වගේ. පුන පුනා කියනවා ගෑස් සංයුතියේ ප්‍රශ්නයක් නෑ කියලා, ගෑස් සිලින්ඩරයේ ප්‍රශ්නයක් නෑ කියලා, ඉතා පැහැදිලිව මතක තියා ගන්න. අපි පරීක්ෂණ කරන්න ඕනෙ ගෑස් සංයුතිය ගැනවත් ටැංකිය ගැනවත් නෙවෙයි. දැන් හොයන්න ඕනේ ගෑස් ලිප සම්බන්ධව.”

– රිවිර

Continue Reading

POLITICS

225 අඩුව පුරවන්න කළුතරින් ආ මංජු

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා මනාප ලැයිස්තුවේ මීඟට සිටි මංජු ලලිත් වර්ණ කුමාර මහතා කතානායකවරයා ඉදිරියේ අද (01) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

2020 මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කළුතර දිස්ත්‍රික්කයට තරග වැද මනාප 46,361ක් ලබා ගනිමින් ඡන්ද ලේඛනයේ මීළඟට වැඩිම මනාප ලබා සිටියේ ලලිත් වර්ණ කුමාර මහතා යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බුලත්සිංහල ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරන ලලිත් වර්ණ කුමාර මහතා දිගු කලක් බස්නාහිර පළාත්සභාවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර තිබේ.

Giraya News Alerts
May be an image of text

Continue Reading

POLITICS

ජනපතිගේ ෆේස්බුක් ඡායාරූපයට ජනතාව දුක කියයි

Published

on

By

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ගිණුම් ඡායාරූපය නොවැම්බර් 07 දින යාවත්කාලීන කර තිබෙන අතර 30,000කට අධික පිරිසක් ඊට අදහස් දක්වමින් තමන් මුහුණ දී සිටින අසීරු තත්වය පිළිබඳ ජනාධිපතිවරයා වෙත තම අප්‍රසාදය පළ කර තිබෙනවා.

ලක්ෂයකට අධික පිරිසක් එම ඡායාරූපයට “රැඇක්ට්” කර තිබෙන අතර ඉන් 61,000කට අධික පිරිසක් “හාහා” ප්‍රතිචාරය දමමින් සිය අප්‍රසාදය පළ කර තිබීම විශේෂත්වයකි. ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ ඉහළ ප්‍රසාදයක් ලබාගෙන සිටි ජනාධිපතිවරයා වෙත මෙලෙස දැඩි අප්‍රසාදයක් පළ වීමට හේතුව වත්මන් ආර්ථික හා සමාජ අර්බුධ හමුවේ ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා බව විචාරකයින්ගේ අදහසයි. ගෑස්, කිරිපිටි, සිමෙන්ති, හාල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය දෑ ගැනීමට දිගු පෝලිම්වල රැඳී සිටීමට මේ වනවිට ජනතාවට සිදුව තිබෙනවා.

මේ අතර, වාහන මිල අතිශයින් ඉහළ යාම, සියලුම විද්‍යුත් උපකරණ මිල ඉහළ යාම සහ සියලු සුඛෝපභෝගී ආනයනික භාණ්ඩ සීමා කිරීම හේතුවෙන් ජනතාවගේ ජීවන තත්වය දැරිය නොහැකි ලෙස පහළ වැටෙමින් තිබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.

Giraya News Alerts

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub