Connect with us
Advertise with Giraya

NEWS

මහමග දී තරුණයෙකුට පහරදුන් SDIG එම තරුණයාට ලිංගික අඩත්තේට්ටම් කළ බවටත් චෝදනා – ජනපතිට යොමු කළ ලිපියෙන් හෙළිවෙයි

Published

on

පසුගිය ඔක්තෝබර් 25 දින සිය කාර් රථයෙන් පානදුර දෙස සිට රත්නපුර දෙසට යමින් සිටි පුද්ගලයෙකුට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පහරදෙන බව දැක්වෙන වීඩියෝවට අදාළව මේ වනවිට තවත් කරුණු හෙළිදරව් වී තිබෙනවා.

අදාළ සිදුවීමට මුහුණ පෑ කාර් රථයේ රියදුරු වන මිශාර රණසිංහ විසින් නීතිඥ සමාගමක් මගින් ජනාධිපතිවරයා වෙත නොවැම්බර් 01 දිනැතිව යොමු කළ ලිපියක් මගින් තමන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම පිළිබඳ තොරතුරු අනාවරණය කර සිටී. තමන්ව අනීතිකව අත්අඩංඟුවට ගන්නා ලද එම ලිපිය මගින් මිශාර රණසිංහ මහතා පවසන අතර තමන්ට දැඩි වධහිංසා පමුණුවා ලිංගික අඩම්තේට්ටම් කොට මානසික පීඩාවට පත් කළ බවට සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට විරුද්ධව චෝදනා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙබ් අඩවියෙන් උපුටා ගත් එම ලිපියේ අන්තර්ගත කරුණු පිළිබඳ පුවත මෙසේය.

Giraya News Alerts

“මෙම පහර දීම පිළිබඳ වීඩියෝව එදිනම සමාජ ජාල ඔස්සේ පැතිර ගියේය. එම වීඩියෝව මහමඟ ගමන් කරමින් සිටි කවරකු හෝ විසින් ගෙන ප්‍රසිද්ධියට පමුණවන ලද්දකි.

මෙම සිදුවීම උඩ දැනටමත් රන්මල් කොඩිතුවක්කුට ස්ථාන මාරුවීම්ක් ලබා දී තිබේ. ඔහු දැන් වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරයි.

මහමගදී සහ පොලිස් ස්ථානයේදී සිදුවූ මෙම සිදුවීමේ කම්පන සහගත තොරතුරු ජනාධිපතිවරයා වෙත දන්වා යවා තිබේ.

මිශාර රණසිංහ වෙනුවෙන් පෙනී සිටින නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින් ජනාධිපතිවරයාට යවන ලද සවිස්තරාත්මක ලිපියක මෙම වධහිංසා මෙන්ම ලිංගික අතවර ගැන තොරතුරු අඩංගු වේ.

එම ලිපිය කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගන්නා තුරු රන්මල් කොඩිතුවක්කු පොලිස් සේවයෙන් ඉවත් කරන ලෙසයි.

එම ලිපිය අද මාධ්‍ය වෙත ද ලබා දී තිබේ.

රන්මල් කොඩිතුවක්කු රියදුරුට මහමග දී පහරදෙන වීඩියෝව.

එම ලිපියෙහි සදහන් කරන පරිදි මාර්ගයේ සිද්ධියෙන් පසු කිරිඇල්ල පොලිස් ස්ථානයට ගෙන යන ලද රණසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගන්නවා වෙනුවට ස්ථානභාර නිලධාරියාගේ කාමරයට යාබද කාමරයට දමා එහි විදුලි ආලෝකය විසන්ධි කර පොලිස් නිලධාරීන් ගණනාවක් විසින් ඔහුට පහර දෙන්නට පටන් ගෙන තිබේ.

ඉංග්‍රිසි බසින් ඇති එම ලිපියෙහි මෙසේ ද සදහන් වෙයි.

ඉන්පසු නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සිය නිල කබාය ගලවා රණසිංහට පහර දෙන්නට පටන් ගත්තේය. සිය ඇදුම් ගලවන ලෙස රණසිංහ බල කළ කොඩිතුවක්කු ඔහුට නිරුවතින් දණ ගැසීමට බල කර තිබේ‍.

මේ අවස්ථාවෙහි රණසිංහගේ ගෙලට, නිකටට සහ බඩට පහර දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුගේ ගෙල මත සිය බූට්ස් සපත්තු තබා තද කර තිබේ. මේ අවස්ථාවෙහි රණසිංහට කිසිවක් නොපෙනී ගොස් ඇත.

රණසිංහගේ වෘෂණ කෝෂ මිරිකා ඇද ගනිමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුට පහර දී ඇත්තේ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඉදිරිපිටදීය.

සිය ජංගම දුරකථනයෙන් රණසිංගේ නිරුවත් පින්තූර ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා එවා සමාජ ජාල හරහා වයිරල් කර ඔහු නින්දාවට පත් කරන බවට තර්ජනය කර තිබේ.

අනතුරුව නිරුවතින් සිටි රණසිංහගේ පස්සා පැත්ත තමා ළඟට ඇද තද කර ගත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවර රන්මල් කොඩිතුවක්කු “ මම තොගේ #කේ අරිනවා” යැයි බිය ගන්වා තිබේ. ඒ අවස්ථාවෙහිදී ද ඔහුගෙන් මත්පැන් ගඳ වහනය වී ඇත.

මේ වන විට පවුලේ අය පොලිස් ස්ථානයට පැමිණ පිටත සිටි අතර රණසිංහ සමඟ කතා කිරීමට අවසර ඉල්ලා සිටි ඔහුගේ සහෝදරයාට ඉඩක් දී නැත.

කිරිඇල්ල පෙලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයා නියෝජ්‍ය පොලිස්පතිගෙන් සමාව ගන්නා ලෙස රණසිංහට බල කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථානයෙන් ගිය පසු රණසිංහ සිර මැදිරියකට දමා එහි සිටි අන් සියලු සැකකරුවන්ට ඇප දී නිදහස් කර යවා ඇත්තේ ඔහු තනි කිරීම පිනිසය.

මේ අතර දරුණු ලෙස පහර දී සිටි රණසිංහට ඇදුම් අන්දවා පොලිස් ජීප් රථයකට නංවා කොහේ හෝ ගෙන යාමට මේ අවස්ථාවේදී සිවිල් ඇදුමින් සැරසුණූ පොලිස් නිලධාරීන් පිරිසක් උත්සාහ කොට තිබේ. නීතිඥ සමාගමේ ලිපියට අනුව එම උත්සාහය වැළකී ගොස් ඇත්තේ පවුලේ අය ජීප් රථය පසු පසින් යෑමට සූදානම් වූ නිසාය.

ඔහුගේ නීතිඥවරයාගේ මැදිහත් වීම මත රාත්‍රී 11.30ට පමණ කෙටි ප්‍රකාශයක් ලබා ගෙන රණසිංහ කිරිඇල්ල ග්‍රාමීය රෝහලේ වෛදවරයකු වෙත ඉදිරිපත් කර තිබේ.

ඔහුට කර තිබූ පහර දීම් පිළිබඳව රෝහලේ වෛද්‍යවරයා වෛද්‍ය නීති වාර්තාවක්ද පුරවා තිබුණි.

පසුදා දවල් 12.30ට ඔහු නිදහස් කරන ලද්දේ පොලීසිය විසින් ලියන ලද ප්‍රකාශයකට අත්සන් ගෙන, කිසිදු රෝහලකට නොයන බවට සහ කිසිදු නීතිමය පියවරක් නොගන්නා බවට පොරොන්දු කරවා ගෙනය.

මෙයට පෙරද මහමඟදී රන්මල් කොඩිතුවක්කු රියදුරන් දෙදෙනෙකුට පහර දී ඇති බවටද වාර්තා වේ.

නිදහස් වි පැමිණි මිශාර රණසිංහට නියෝජ්‍ය පොලිස්පති රනමල් කොඩිතුවක්කු සහ ඔහුගේ හිතවතුන් දිගින් දිගටම දුර කථන ඇමතුම් දෙමින් සාමදානයට බල කරන බැවින් ඔහු සහ පවුලේ උදවිය ජීවත්වන්නේ බියෙන් බවද එම ලිපියෙහි සදහන් කරයි.”

හිටපු පොලිස්පතිවරයකුගේ පුත්‍රයෙකු වන රන්මල් කොඩිතුවක්කු ඉන්දියාවෙන් ලබා ගත් බව කියන උපාධි සහතිකයක් මගින් ‌කෙලින්ම සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පොලීසියට බැදුණු අයෙකි.”

NEWS

අසාද් සාලි නිදොස් කොට නිදහස්, මුසම්මිල් ඇතුළු පැමිණිලිකරුවන්ට නොතීසි

Published

on

By

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

දෙසැම්බර් 02 දින කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම තීන්දුව ලබා දී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ “විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව” ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවයි.

Giraya News Alerts

ඒ අනුව සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්තිකාර අසාද් සාලි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීන්දු කළේය.

ප්‍රශ්නගත ප්‍රකාශය මෙසේය.

“අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ”

2021 මාර්තු මස 09 දින කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර අසාද් සාලි මහතා විසින් ඉහත ප්‍රකාශය සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබුණි.

සිය සේවාදායකයා විසින් එකී මාධ්‍ය සාකච්ඡුාව පැවැත්වූ බව හා එකී ප‍්‍රකාශ සිදුකළ බව පිළිගන්නා නමුත් ඔහු කළ ප‍්‍රකාශ විකෘති කොට මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීම නිසා ඔහුට රක්‍ෂිත බන්ධනාගාර භාරයේ සහ රැඳවුම් නියෝග මත සිටීමට සිදුවී ඇති බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව, උක්ත ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා එල්ලකොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ එම අධිචෝදනා ගොනු කර තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා යි.

අසාද් සාලි අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට නීතිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වන අතර 2021 මැයි 26 වන දින සිට නීතිපති ධූරයේ කටයුතු කරනු ලබන්නේ ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා යි.

මේ අතර අසාත් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන අයට එරෙහිව එලෙස නොතීසි නිකුත් කරමින් මහාධිකරණය නියෝග කොට ඇත්තේ පෙබරවාරි මස 21 දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

විත්තිකාර අසාත් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේ එම නඩුවේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා තම සේවාදායකයාට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බැවින් ඊට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය යටතේ වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව, අදාළ ඉල්ලීම සලකා බැලීම සඳහා අදාළ නඩුව යළිත් පෙබරවාරි මස 21 දින කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා වෙත නොතීසි නිකුත් කළේය.

රිවිර

Continue Reading

NEWS

විදුලිය බිඳවැටීම් යථාතත්වයට පත් කරන්නේ වැඩ කරන පැය 8 දී පමණයි – විදුලි ඉංජිනේරුවන්

Published

on

By

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පිවිස සිටින ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කර තිබෙනවා. ඒ අනුව, පැය 8ක සේවා කාලයෙන් බාහිරව සිදුවන හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වය⁣ට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබෙනවා.

දෙසැම්බර් 01 දින පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා වැඩිදුරටත් කියා සිටියේ අද (01) සිට අකුරට වැඩ කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරන බවයි.

ඉල්ලීම් 06 ක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 25 දින පස්වරු 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ විය. ඒ නිව්ෆෝට්‍රස් ගනුදෙනුව අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් මුල් කරගෙනයි. එම ඉල්ලීම් මෙසේය.

Giraya News Alerts
  1. අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම.
  2. දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම.
  3. විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම.
  4. 1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම.
  5. සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම.
  6. ජ්‍යෙෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම.

මේ අතර පසුගිය දා සිදුවුන විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට චෝදනා කරමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

නොවැම්බර් 29 දින රාත්‍රියේ සිදුවූ විදුලිය බිඳවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොවැම්බර් 30 දින මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

– රිවිර

Continue Reading

NEWS

ජීවන වියදම දරන්න බෑ, රාජ්‍ය සේවයට රු.18000කවත් දීමනාවක් ඕනෑ – රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිතිය ජනපතිට ලිඛිතව දැනුම් දෙයි

Published

on

By

2022 වර්ෂය සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා. සමස්ත රාජ්‍ය සේවයටම සරිලන ආකාරයට අවම වශයෙන් රුපියල් 18,000ක වැටුප් හෝ දීමනා තමන් අපේක්ෂා කරන අතර එසේ නොමැතිවුවහොත් සමස්ත රාජ්‍ය සේවයම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.

නොවැම්බර් 13 දිනැතිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම වෘත්තීය සමිති සම්මේලනය පවසන්නේ 2022 අයවැය යෝජනාවලිය සමස්ථ රාජ්‍ය සේවයම අමතක කොට සාමාන්‍ය ජනතාව මෙන්ම කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුව ඇති බවයි. භාණ්ඩ මිල ඉහළ යාමට ප්‍රථමව පැවති ජීවන වියදමට සාපේක්ෂව ලැබුණු වැටුප ද සෑහීමකට පත්විය හැකි තත්වයේ නොතිබුණු බව පෙන්වා දෙන එම සංගමය පවසන්නේ රාජ්‍ය අංශයේ සංගණන අනුව 4 දෙනෙකුගෙන් සමන්විත පවුලකට මසකට රු. 58000ක වියදමක් යන බවයි.

වර්තමානයේ භාණ්ඩ මිල දැරිය නොහැකි තරම් ඉහළ මට්ටමකට රජය විසින් වැඩිකරනු ලැබීම සමස්ත සමාජයටම දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ඔවුන් පවසනවා. එවැනි තත්ත්වයක් තුළ මසකට වරක් වැටුප් ලබන රාජ්‍ය සේවකයින් 2022 අයවැයෙන් වැටුප් හෝ දීමනා වැඩිවීමක් දැඩිව අපේක්ෂා කරන ලද නමුත් අයවැය සභාගත කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවකයින් කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුකර ඇති බව මනාව පැහැදිලි වී ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Giraya News Alerts

ඒ අනුව, ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය සේවකයින් වෙත දීමනා ලබා දීමට කටයුතු නොකළහොත් නොදන්වාම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

එම ලිපිය පහතින්.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub