Connect with us
Advertise with Giraya

NEWS

අධික මිල නිසා වාහන ගැනීමෙන් පාරිභෝගිකයින් වැළකෙයි, ගන්න කලින් අනිවාර්යෙන් කියවන්න

Published

on

වසංගත තත්වය හමුවේ ආණ්ඩුව විසින් ආනයන අත්හිටුවීමට ගත් තීරණයත් සමග දේශීය වාහන වෙළෙඳපොලේ වාහන මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබුණි. නමුත් මේ වනවිට කෘතීම ලෙස ඉහළ දැමූ මිල යම් ස්ථාවර කෘතීම මිලක පවතින බව වෙළෙඳපොල නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි.

වාහන ආයනයකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ ද පවසන්නේ වාහන මිල ස්ථාවර තත්වයකට පත්ව ඇති බවයි. නමුත් එලෙස ස්ථාවර වී ඇත්තේ කෘතීම ලෙස ඉහළ දැමු මිලක වන අතර මේ වනවිට පාරිභෝගිකයින් වාහන මිල දී ගැනීම බොහෝ දුරට අඩු කර තිබීම හේතුවෙන් වාහන විකිණීම දැඩි ලෙස මන්දගාමී වී තිබෙනවා. එය වාහන අලෙවිකරුවන්ට හා වාහන අලෙවිකරණයේ යෙදෙන සමාගම්වලට දැඩි ලෙස බලපෑම් කර ඇති බව ද පෙනෙන්නට තිබෙනවා. එම තත්වය සමනය කර ගැනීම සඳහා වෙළෙඳ සංගම් විසින් වාහන මිල පහළ ගොස් ස්ථාවර වී ඇති බව මහජනතාවට ඇඟවීමට උත්සාහ කරන අයුරු මාධ්‍ය වාර්තා මගින් පෙනී යනවා.

කෙසේ වෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව, ලියාපදිංචි වාහන පැවරීම බොහෝ දුරට අඩු වී ඇති අතර වාහන මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් වාහන මිල දි ගැනීම පමා කර ඇති බව එමගින් පෙනෙන්නට තිබෙනවා. මහබැංකු අධිපතිවරයා විසින් වාහන ආනයනය කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව පැවසූ අතර දෙසැම්බර් මාසය වනවිට එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවෙනු ඇතැයි මහබැංකු ආරංචි මාර්ග පෙන්වා දෙනවා. එම තත්වය මත විශ්වාසය තබා වාහන මිල දී ගැනීම ප්‍රමාද කිරීම සිදුවී ඇති අතර එම තත්වය හේතුවෙන් ලියාපදිංචි වාහන විකිණීම අතිශයින් මන්දගාමී වී තිබෙනවා.

Giraya News Alerts

මේ අතර පාරිභෝගිකයින් චෝදනා කර සිටින්නේ කුලියට දීමට තිබූ වාහන විකුණා දමමින් සිටින බව තමන්ට නිරීක්ෂණය වූ බවයි. එසේම එම තත්වය සමග වාහන කුලියට ගැනීම පවා අසීරු වී ඇති අතර කුලිය ද ඉහළ දැමීමට කුලී සමාගම් කටයුතු කර ඇති බවට ඔවුන් චෝදනා කර සිටිනවා. එම වාහන මිල දී ගත් පාරිභෝගිකයින් අනාගතයේ දී අසරණ වනු ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා. එම වාහනවල ධාවන සටහන් වෙනස් කර විකුණා ඇති බව බොහෝ දෙනෙකු සැක පළ කරනවා.

ඔබ වාහනයක් මිල දී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එම වාහනය මිල දී ගැනීමට පෙර නිවැරදි ස්ථානයකින් රථය පරීක්ෂා කිරීමට වග බලා ගත යුතුය. එසේම පහත කරුණු කෙරෙහිද අවධානය යොමු කිරීමෙන් හොඳ වාහනයක් ලබා ගැනීමට හැකියාව පවතී.

  1. වාහනය නිවැරදි ස්ථානයකින් තත්ව පරීක්ෂණයක් සිදු කිරීම
  2. වාහනය රක්ෂණය කර ඇති සියලු සමාගම් මගින් ලබාගෙන ඇති වන්දි පිළිබඳ සොයා බැලීම හා ඒ ඒ රක්ෂණ සමාගමේ සඳහන් ධාවන දුර පරීක්ෂා කිරීම
  3. වාහනය නඩත්තු කර ඇති සමාගම් මගින් සිදුකර ඇති නඩත්තු කටයුතු හා ධාවන දුර පිළිබඳ පරීක්ෂා කිරීම
  4. දුම් සහතික පරික්ෂා කිරීම

NEWS

අසාද් සාලි නිදොස් කොට නිදහස්, මුසම්මිල් ඇතුළු පැමිණිලිකරුවන්ට නොතීසි

Published

on

By

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

දෙසැම්බර් 02 දින කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම තීන්දුව ලබා දී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ “විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව” ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවයි.

Giraya News Alerts

ඒ අනුව සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්තිකාර අසාද් සාලි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීන්දු කළේය.

ප්‍රශ්නගත ප්‍රකාශය මෙසේය.

“අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ”

2021 මාර්තු මස 09 දින කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර අසාද් සාලි මහතා විසින් ඉහත ප්‍රකාශය සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබුණි.

සිය සේවාදායකයා විසින් එකී මාධ්‍ය සාකච්ඡුාව පැවැත්වූ බව හා එකී ප‍්‍රකාශ සිදුකළ බව පිළිගන්නා නමුත් ඔහු කළ ප‍්‍රකාශ විකෘති කොට මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීම නිසා ඔහුට රක්‍ෂිත බන්ධනාගාර භාරයේ සහ රැඳවුම් නියෝග මත සිටීමට සිදුවී ඇති බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව, උක්ත ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා එල්ලකොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ එම අධිචෝදනා ගොනු කර තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා යි.

අසාද් සාලි අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට නීතිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වන අතර 2021 මැයි 26 වන දින සිට නීතිපති ධූරයේ කටයුතු කරනු ලබන්නේ ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා යි.

මේ අතර අසාත් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන අයට එරෙහිව එලෙස නොතීසි නිකුත් කරමින් මහාධිකරණය නියෝග කොට ඇත්තේ පෙබරවාරි මස 21 දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

විත්තිකාර අසාත් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේ එම නඩුවේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා තම සේවාදායකයාට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බැවින් ඊට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය යටතේ වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව, අදාළ ඉල්ලීම සලකා බැලීම සඳහා අදාළ නඩුව යළිත් පෙබරවාරි මස 21 දින කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා වෙත නොතීසි නිකුත් කළේය.

රිවිර

Continue Reading

NEWS

විදුලිය බිඳවැටීම් යථාතත්වයට පත් කරන්නේ වැඩ කරන පැය 8 දී පමණයි – විදුලි ඉංජිනේරුවන්

Published

on

By

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පිවිස සිටින ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කර තිබෙනවා. ඒ අනුව, පැය 8ක සේවා කාලයෙන් බාහිරව සිදුවන හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වය⁣ට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබෙනවා.

දෙසැම්බර් 01 දින පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා වැඩිදුරටත් කියා සිටියේ අද (01) සිට අකුරට වැඩ කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරන බවයි.

ඉල්ලීම් 06 ක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 25 දින පස්වරු 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ විය. ඒ නිව්ෆෝට්‍රස් ගනුදෙනුව අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් මුල් කරගෙනයි. එම ඉල්ලීම් මෙසේය.

Giraya News Alerts
  1. අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම.
  2. දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම.
  3. විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම.
  4. 1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම.
  5. සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම.
  6. ජ්‍යෙෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම.

මේ අතර පසුගිය දා සිදුවුන විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට චෝදනා කරමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

නොවැම්බර් 29 දින රාත්‍රියේ සිදුවූ විදුලිය බිඳවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොවැම්බර් 30 දින මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

– රිවිර

Continue Reading

NEWS

ජීවන වියදම දරන්න බෑ, රාජ්‍ය සේවයට රු.18000කවත් දීමනාවක් ඕනෑ – රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිතිය ජනපතිට ලිඛිතව දැනුම් දෙයි

Published

on

By

2022 වර්ෂය සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා. සමස්ත රාජ්‍ය සේවයටම සරිලන ආකාරයට අවම වශයෙන් රුපියල් 18,000ක වැටුප් හෝ දීමනා තමන් අපේක්ෂා කරන අතර එසේ නොමැතිවුවහොත් සමස්ත රාජ්‍ය සේවයම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.

නොවැම්බර් 13 දිනැතිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම වෘත්තීය සමිති සම්මේලනය පවසන්නේ 2022 අයවැය යෝජනාවලිය සමස්ථ රාජ්‍ය සේවයම අමතක කොට සාමාන්‍ය ජනතාව මෙන්ම කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුව ඇති බවයි. භාණ්ඩ මිල ඉහළ යාමට ප්‍රථමව පැවති ජීවන වියදමට සාපේක්ෂව ලැබුණු වැටුප ද සෑහීමකට පත්විය හැකි තත්වයේ නොතිබුණු බව පෙන්වා දෙන එම සංගමය පවසන්නේ රාජ්‍ය අංශයේ සංගණන අනුව 4 දෙනෙකුගෙන් සමන්විත පවුලකට මසකට රු. 58000ක වියදමක් යන බවයි.

වර්තමානයේ භාණ්ඩ මිල දැරිය නොහැකි තරම් ඉහළ මට්ටමකට රජය විසින් වැඩිකරනු ලැබීම සමස්ත සමාජයටම දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ඔවුන් පවසනවා. එවැනි තත්ත්වයක් තුළ මසකට වරක් වැටුප් ලබන රාජ්‍ය සේවකයින් 2022 අයවැයෙන් වැටුප් හෝ දීමනා වැඩිවීමක් දැඩිව අපේක්ෂා කරන ලද නමුත් අයවැය සභාගත කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවකයින් කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුකර ඇති බව මනාව පැහැදිලි වී ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Giraya News Alerts

ඒ අනුව, ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය සේවකයින් වෙත දීමනා ලබා දීමට කටයුතු නොකළහොත් නොදන්වාම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

එම ලිපිය පහතින්.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub