Connect with us
Advertise with Giraya

Weather

ගිණිකොණදිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක්

Published

on

ඉදිරි පැය 24 තුළ ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් 08 දින නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මෙම අඩුපීඩන කලාපය හේතුවෙන් ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල තද වැසි සමග විටින් විට හමන සුළග පැයට කිලෝමීටර් හැටක් හැත්තෑවක් දක්වා ඉහළ හැකි බැවින් ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින මෙන් කාලගුණවිද්‍යා පාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව නිවේදනයේ සදහන් වේ.

එසේම ඉහත පද්ධතියේ බලපෑම හේත්වෙන් ඉදිරි දින කීපය තුළ ද දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්වය තවදුරටත් පැවැතිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් මාතලේ, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Giraya News Alerts

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන අතර පවතින කාලගුණික තත්වය හේතුවෙන් ඔබ ජීවත් වන පරිසරයේ නිර්මානය විය හැකි නායයාම පස් කණ්ඩි කඩවැටීම, අවදානම් ගස් කඩා වැටීම වැනි ආපදා අවදානම් තත්වයන් පිළිබදව සැලකිළිමත් වන ලෙසත් එවැනි ආපදා අවදානමක් ඇතිනම් ක්ෂණිකව එම ස්ථාන වලින් ඉවත් වන ලෙසත් ජනතාවට දැනුම් දෙයි.

එසේම ඇතිවිය හැකි ආපදා අවදානම් තත්වයක අවශ්‍ය සහයෝගය ලබාගැනීමට හෝ ආපදා තත්වයක් පිළිබද දැනුවත් කිරීමට හෝ 117 හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම පවතින අයහපත් කාලගුණ තත්වය පිළිබදව මෙන්ම ඇතිවිය හැති ආපදා අවදානම් පිළිබදව තාක්ෂණික ආයතන විසින් නිකුත් කරනු ලබන නිවේදන පිළිබදව අවධානය යොමු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට තවදුරටත් දැනුම් දේ.

Weather

දිස්ත්‍රික්ක 07ක නායයාමේ අවදානම හෙට සවස 02 තෙක්

Published

on

දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වලට පවතින වැසි සහිත කාලගුණ තත්වය ඉදිරියටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනූව බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් මිලි මීටර් 150 ඉක්මවූ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශ වලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තද සුළං අනතුරු අවම කරගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

Giraya News Alerts

අද පෙරවරුවෙන් අවසන් වූ ගතවු පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙනි. ඒ මිලිමීටර් 215ක් ලෙසය.

ඉදිරි පැය 6 ක කාලය තුළ අත්තනගලූ ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කළ යුතුයි.

මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 07 කට හෙට පස්වරු 02 දක්වා නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර / ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කුරුවිට, ඇහැලියගොඩ / ඇලපාත / රත්නපුර / කිරිඇල්ල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද මෙම නිවේදනය බල පැවැත්වෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටද මෙම නායයාම බලාත්මකයි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කුකුලේ ගග බුලත්සිංහල ප්‍රදේශයෙන් පිටාර ගැලීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් බුලත්සිංහල – මෝල්කාව ප්‍රධාන මාර්ගය ස්ථාන තුනකින් ජලයෙන් යටවී ඇතැයි සඳහන්.

අත්තනගලූ ඔය, කැලණි ගග, කළු ගග, ගිං ගග, නිල්වලා ගග ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ගංවතුර තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර පවතින අයහපත් කාළගුණය සමග දිවයින පුරා අතුරු මාර්ග බොහොමයක් ජලයෙන් යට වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍යය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් වඩාත් අවදානයෙන් කටයුතු කරන ලෙසද ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියා.

Continue Reading

Weather

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක්

Published

on

ඉදිරි පැය 6ක කාලය තුළ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට සැලකියයුතු මට්මමේ ගංවතුර තත්ත්වයක් (සුළු ගංවතුර තත්ත්වයක්) ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව දැනුම් දෙන්නේ එම ප්‍රදේශවල ජනතාව දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කළ යුතු බවය.

මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

Giraya News Alerts

අද උදෑසන 09.00 සිට ක්‍රියාත්මක වනපරිදි පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කුරුවිට, ඇහැලියගොඩ සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නිවේදනය බල පැවැත්වේ.

Continue Reading

Weather

කළු ගඟේ ජල මට්ටම ඉහළට, ගංවතුර ගැන අවධානයෙන් සිටින්න

Published

on

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව අ නතුරු අඟවනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඉදිරි පැය 3ක කාලය පිළිබඳව අවධානයෙන් පසුවිය විය යුතු බව ද එම දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub