Connect with us
Advertise with Giraya

BUSINESS

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන තීරණය කිරීම බැසිල්ට බාරයි – ඇමති ගම්මන්පිල

Published

on

පවතින තත්වය හමුවේ යළිත් වරක් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව ආරංචි මාර්ග පවසනවා. මේ සම්බන්ධයෙන් අද (නොවැම්බර් 09) පැවති මාධ්‍ය හමුවක දී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා පවසා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන තීරණය මුදල් අමාත්‍යවරයා විසින් ගනු ඇති බවයි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද පවසා සිටියා. “පහුගිය කාලයේ භූමිතෙල් සඳහා තිබෙන ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒකට පළමු හේතුව තමයි ඩීසල් ලීටරයක් අපි රු 111කට විකුණන කොට භූමිතෙල් ලීටරයක් විකුණන්නේ රු 77කට. මේ නිසා කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර බෝට්ටු පමණක් නෙමෙයි බස්රථ පවා මේ දවස්වල භූමිතෙල්වලින් දුවන්න පටන් අරන් තියෙනවා. ගෑස් සහ භූමිතෙල් අතර පවතින දැවැන්ත මිල පරතරය නිසා ගෑස් උඳුන්වලින් ආහාර පිසීම වෙනුවට භූමිතෙල් උඳුන් ඒ සඳහා භාවිත කරන්න ජනතාව පෙළඹිලා. අපි මේ දිනවල ගොවි ප්‍රජාව හා ධීවර ප්‍රජාව නොමැති ප්‍රදේශවල භූමිතෙල් නිකුත් කිරීම පාලනයක් සහිතවයි කරන්නේ… ජනතාව දැවැන්ත පීඩාවකින් සිටින නිසා, ගහෙන් වැටුණ මිනිහා ට ගොනා ඇනීම සිදුනොවිය යුතුයි කියලා හිතලා තමයි දැවැන්ත පාඩුවක් දරමින් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොකළේ. නමුත් මේ අයවැය මාසයේ ඉන්ධන මිල තීරණය කිරීම මුදල් අමාත්‍යතුමා ට භාරයි.”

Giraya News Alerts

BUSINESS

කංසා අපනයනය නීතිගත කිරීමට මාස 3ක් ඇතුළත නව පනතක්

Published

on

By

ඖෂධීය කංසා සඳහා ඇති ගෝලීය ඉල්ලූම පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව කංසා අපනයනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය, නීතිඥ සිසිර ජයකොඩි සඳහන් කළා.

නොවැම්බර් 30 වැනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ කංසා අපනයනය නීතිගත කිරීම සඳහා ඉදිරි මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරන බවයි.

පසුගිය වසර තුළ COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ මරණ අවම කිරීම සඳහා රටේ දේශීය හා ආයුර්වේද පිළිවෙත් භාවිතා කළ බව ද සිසිර ජයකොඩි පාර්ලිමේන්තුවට පැවසීය.

Giraya News Alerts

Continue Reading

BUSINESS

කොරේ පිටට මරේ – ඉන්ධන මිල වැඩි කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථාව කියයි

Published

on

By

රට තුළ සියලුම භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ යමින් ඇති තත්වයක් තුළ ඉන්ධන මිල ද යළිත් වරක් ඉහළ දැමීම අවශ්‍ය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ සංස්ථාව මේ වනවිට රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බවයි. මෙවැනි අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව විෂයභාර අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ බව ද සංස්ථා සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමුවේ 2021 වසරේ ජුනි 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් , ඩීසල් ලීටරයක් රුපියල් 07 කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ,භූමිතෙල් රුපියල් 07 ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළා.

Giraya News Alerts

Continue Reading

BUSINESS

Exclusive: කෘතීම වාහන මිල පාලනයට රජයේ අවධානය!

Published

on

By

2020 මාර්තු මස 19 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් මෙරටට මෝටර් රථ ආනයනය කිරීම තහනම් කිරීමට රජය කටයුතු කළා. ඒ රට පළමුවරට ලොක්ඩවුන් කිරීමෙන් සතියකට පසුවයි. ඊට හේතු ලෙස රජය පෙන්වා දුන්නේ අපනයන ආදායම අඩුවී ආනයන වියදම වැඩිවීම නිසා ඒ වනවිට ලංකාව මුහුණ දී සිටි විදේශ විනිමය හිඟයට විසඳුම් ලෙස මෙම තීරණය ගත් බවයි.

ඒ සමගම දේශීය වෙළෙඳපොලේ වාහන මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම ආරම්භ වූ අතර වාහන ‌‌අලෙවිකරුවන් පැරණි වාහන රැස් කිරීම ද ආරම්භ විය.

කෙසේ වෙතත්, එලෙස කෙටි කාලයකට බව පවසමින් පනවා තිබූ වාහන ආනයන තහනම මේ වනවිට වසර එකහාමාරක් දක්වා දිගු වෙමින් පවතින අතර රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාහන ආනයනකරුවන් පවසන්නේ තවත් වසර දෙක තුනකට වාහන ආනයනය සිදු නොවන බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මුදල් අමාත්‍යංශය සඳහන් කළේ එලෙස වසර 2, 3කට වාහන ගෙන්වීමේ තීරණය දීර්ග කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. නමුත් දැනට වාහන ගෙන්වීම සඳහා සූදානමක් නැති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.

Giraya News Alerts

අයවැයෙන් වාහන මිල නියාමනයට නව නීති

මේ අතර, මෙවර අයවැයෙන් වාහන ගෙන්වීමට අවසර දීමට සූදානමක් ඇත්දැයි කළ විමසීමේ දී අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට අවසර දීමට සූදානමක් නොමැති වුවත් දේශීය වෙළෙඳපොලේ වාහන මිල නියාමනය කිරීමට සූදානමක් ඇති බවයි. වාහන මිල දී ගැනීමේ දී ලීසිං පහසුකම් සැපයීම හරහා කෘතීම මිලක් නිර්මාණය කර ලීසිං පහසුකම් ලබාගත් විට වාහන ගෙන්වීමට අවසර දුන් පසු එම ලීසිං ආයතන ද කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළා.

ඒ අනුව, වාහනවල වර්ගය, නිෂ්පාදිත වර්ෂය, ධාවනය කර ඇති දුර ප්‍රමාණය මත එම වාහන සඳහා ලබා දිය හැකි උපරිම ලීසිං පහසුකම තීරණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළා.

මෙමගින් මූල්‍ය වෙළඳපොල ස්ථාවරව පවත්වා ගනිමින් වාහන සඳහා කෘතීම මිලක් නිර්මාණය කිරීම වැළැක්වීමට අපේක්ෂා කරන බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නා.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙලෙස කෘතීම මිලක් නිර්මාණය කරමින් ඒ සඳහා ලීසිං පහසුකම් ලබා දී වැඩි මිලට වාහන අලෙවියට ඉඩ ලබා දුනහොත් ඉදිරියේ දී එම මුදල් ආපසු ගෙවීම පැහැර හැරි විටෙක රටේ මූල්‍ය ස්ථායිතාවයට පවා බරපතල හානියක් සිදුවිය හැකි බවයි. වෙළෙඳපොලේ මිල කෘතීමව ඉහළ දැමීම වැළැක්වීම සඳහා ද උපරිම ලීසිං මුදලක් ඒ ඒ වාහනය මත තීරණය කිරීමේ ක්‍රමවේදය හරහා වාහන මිල නියාමනය කිරීමට රජයට හැකිවනු ඇති බව ද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub