Connect with us
Advertise with Giraya

NEWS

2022 අයවැය යෝජනා සියල්ල මෙතැනින්

Published

on

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නොවැම්බර් 12 වන අද දින පස්වරු 2ට පමණ ආරම්භ කළේය. මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 76 වන අයවැය ලෙසය.

මෙතෙක් ඉදිරිපත් කළ අයවැය යෝජනා මෙසේය. (යෝජනා උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත)

Giraya News Alerts

04:50 PMමැතිසබය හෙටට කල් තබයි.

04:34 PMමහ ජනතාවට බරක් නොවී මහජන බදු මුදල් අය කිරීමට අප කටයුතු කර තිබෙනවා.

04:32 PMබැඳුම්කර සිද්ධියේ දී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයථා අයුරින් උපයන ලද රුපියල් බිලියන 8.5 ක මුදල මහා භාණ්ඩාගාරයට .

04:31 PMඅනතුරුවලට ලක්වන මෝටර් රථවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා කරනවා.

04:30 PMනිදහස් කර නොගත් ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලු වාහන නිදහස් කරනවා. මෙලෙස නිදහස් කරන්නේ අදාළ බදු සහ දඩ ගැනීමෙන් අනතුරුවයි.

04:28 PMබැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් අගය එකතු කිරීම මත අය කරන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.

04:27 PMවහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබද්ද වැඩි කරනවා.රුපියල් බිලියන 25 ක ආදායමක් මෙයින් අපේක්ෂා කරනවා.

04:26 PMසිගරට් නිෂ්පාදන බද්ද වැඩිකරනවා . සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කරනවා

04:26 PMවෘත්තියවේදීන්ගේ කාර්යභාරය ඉටුකිරීම පහසු කරලීම උදෙසා වෘත්තියවේදීන්ගේ සංගම්වලට රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන අයවැය යෝජනාවලට ඇතුළත් කිරීමට යෝජනා කරනවා

04:24 PMඑක් වරක් පමණක් අය කරන බදු රුපියල් මිලියන 2000 වඩා ආදායමක් ලබන පුද්ගලයන් හා සමාගම් මත 25% ක බද්දක් අයකරනවා .මෙයින් රුපියල් මිලියන සීයක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා.

04:23 PM2015 සිට  2019 කාලය තුළ දේශපාලන පලිගැනීමට ලක් වූවන්ට වන්දි ගෙවීම. පසුගිය පාලන සමයේ මෙරට තුළ ප්‍රතිවාදී දේශපාලන මතදාරීන්  ඉතා අමානුෂික ලෙස පීඩාවට ලක් කළා ඔවුන්ගේ පරපීඩක මානසිකත්වය අපට තේරුම් ගත නොහැකිය තරම්ය. එම යුගය තුළ අපට අසාධාරණයට ලක් වූවන්ට විවිධ පීඩාවන්ට ගොදුරු වූවන්ට සහන සැලසීම අපේ යුතුකමක්  ඒ සියල්ලන් වෙත සියල්ල  ඉටුකිරීම වෙනුවෙන් තවත් මිලියන සීයක් වෙන් කිරීමට කටයුතු කරනවා.

04:20 PMඅතුරුදහන් වුණු වූවන්ට වන්දි ගෙවීම සඳහා තවත් රුපියල් මිලියන තුන්සියයක් වෙන් කරනවා.  

04:19 PMබෞද්ධ විහාරස්ථාන නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

04:18 PMරාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබාදීම සඳහා රුපියල් මිලියන 500 ක් ද විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 500ක් ද වෙන් කරනවා.

04:18 PMදේශපාලන පළිගැනීමට ලක්වූවන් සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරනවා.

04:17 PMසියලූ උපාධිධාරීන්ට   ලබන ජනවාරියේ සිට ස්ථිර පත්වීම් දෙනවා.ඒ සඳහා මිලියන 7600 ක් වෙන් කරනවා.

04:17 PMගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන තිස් දහසක් වෙන් කරනවා.

04:16 PMදිළිඳු පවුල් සඳහා සහන මල්ලක්  ලබාදීමට රුපියල් මිලියන පහළොස් දාහක් වෙන් කිරීමට යෝජනා කරනවා.

04:16 PMරාජ්‍ය සේවය සඳහා සේවාලාභීන් කේන්ද්‍ර ගත රාජ්‍ය සේවය කිරීම සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 500, දැනට මිලියන 3500 කරල තියනවා. ඊට අමතරව ලබා දෙනවා

04:14 PMගෘහ ආරක්ෂිත සුරක්ෂිත කිරීම සඳහා රුපියල් මිලියන 3100 වෙන් කරනවා.ගැබිනි මාතාවන්  සඳහා මාස විසි හතරක් දක්වා පෝෂණ මල්ලක් ලබා දීමට මිලියන දහසක් දහසක් දෙනවා.

04:13 PMවිශේෂ අවශ්‍යතා සහිත ළමයින් ට සහ වැඩිහිටියන්ට පහසුකම් සැලසීමට තවත් රුපියල් මිලියන 200 වැඩි කිරීමට යෝජනා කරනවා.

04:12 PMමගී ප්‍රවාහනය දුම්රිය හා ලංගමට දැනට වෙන්කර තියන වාර්ෂික අයවැයෙන් වෙන් කරල තියන මුදලට අමතරව තවත් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා  

04:11 PMමහජන ආරක්ෂාව සඳහා පොලිසියට තවත් රුපියල් මිලියන 500 ක් ද, බන්ධනාගාර රැඳවියන්ගේ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා නමක් රුපියල් මිලියන දෙසීයක් ද වෙන් කිරීමට යෝජනා කරනවා.

04:11 PMවෘත්තීය හා තාක්ෂණික පුහුණු කටයුතු සඳහා තවත්  රුපියල් මිලියන දෙදහක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා

04:11 PMසුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සඳහා තවත් රුපියල් මිලියන 2000ක් ද වෘත්තීය සහ තාක්ෂණික පුහුණු කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 2000ක් ද දුම්රිය සහ ලංගම සඳහා  තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා.

04:09 PMහෙල වෙදකම දියුණු කිරීම සඳහා රුපියල් මිලියන පන්දාහක් වෙන්කරනවා. ක්‍රීඩා පහසුකම් දියුණු කිරීම සඳහා තවත් රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා.

04:08 PMජාතික පාසල් දහසක් ඇති කිරීමේ කටයුත්ත සඳහා දැනටමත් මිලියන 2,000 ක් වෙන් කර තිබෙනවා.එය කටයුතු කිරීම සඳහා තවත් මිලියන 5300 ක ප්‍රතිපාදන වෙන් කරනවා.

04:08 PMගංගා නිම්න  පරිසර සංරක්ෂිත ලෙස සංරක්ෂණය කරනවා.පරිසර සංරක්ෂණය සඳහා රුපියල් මිලියන දෙදහසක් වෙන් කරනවා.වනජීවි ආරක්ෂණය සඳහා තවත් රුපියල් මිලියන දහසක් වෙන් කරනවා.

04:07 PMපාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි

පැය එකහාමාරකට පමණ පසු අයවැය ඉදිරිපත් කරමින් සිටි මුදල් අමාත්‍යවරයා අසුන්ගෙන අයවැය කතාව ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර පස්වරු 3.38ට කතානායකවරයා විසින් හදිසියේම සභාව විනාඩි 10කට කල් තැබීමට කටයුතු කළේය.

03:38 PMසභාවේ කටයුතු විනාඩි දහයකට 10කට කල්තබයි

03:36 PMපාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් බිලියන 400ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

03:34 PMසෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට  විමධ්‍යගත අයවැය සඳහා මිලියන 5 ක් වැඩි කරනවා.ඒ අනුව මිලියන 3 375ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

03:33 PMඒ වගේම කුඩාම පළාත් පාලන ආයතන ඒකකය තමයි කොට්ඨාසය. කොට්ඨාස අර්ධ සමිතිය දාහක් ලංකාවේ කියනවා ඒ හැම කොට්ඨාසයකටම මිලියන හතරක් නැත්තං ලක්ෂ හතළිහක් 

03:33 PMවාරි සෞභාග්‍ය වැඩසටහන සඳහා දැනට වෙන් කළ මුදලට අමතරව රුපියල් මිලියන විසි දහසක් වෙන් කිරීමට යෝජනා කරනවා.වතු නිවාස දියුණු කිරීම සඳහා රුපියල් මිලියන පන්සීයක් වෙන් කිරීමට යෝජනා කරනවා.

03:28 PMඅපනයන නිෂ්පාදන සංවර්ධනය යටිතල පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.  කර්මාන්ත නගරයෙන් ගමට ගෙන යනවා.කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රුපියල් මිලියන 5000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

03:23 PM2021 වසරේදී කුකුල් මස් අපනයන කිරීමට අපිට හැකි වුණා. ඒත් කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් තවදුරටත් අපි වෙහෙසිය යුතු බව හැඟෙනවා. විශාල ධනස්කන්ධයක් කිරිපිටි ආනයනය සඳහා වැය කරනවා. ඒ නිසා කිරි නිෂ්පාදනය ඉහළ නංවා දියර කිරි පරිභෝජනය වැඩි කිරීම සඳහා දැනට විසර්ජන පනතින් වෙන්කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

03:22 PMඅපනයන බෝග වගාවන්ට සිදුවී ඇති පසුබෑම හදුනාගෙන එය නැවත සංවර්ධනය සඳහා වෙන් කළ මුදලට අමතරව තවත්  රුපියල් මිලියන දස දහසක් වෙන් කිරීමට යෝජනා කරනවා..

03:18 PMවල් පැලෑටි මර්දනය සඳහා හෙක්ටයාර් දෙකකට නොවැඩි උපරිමයකට යටත්ව හෙක්ටයාරයකට රුපියල් 5000 ක ආධාර මුදලක් ලබාදීමට යෝජනා කරනවා.

03:16 PMඅධික විෂ රසායනයන්ගෙන් තොරව නාශක ක්‍රමවේදයන් වෙනුවෙන් රුපියල් මිලියන 4000ක් වෙන් කෙරේ.

03:15 PMරාජ්‍ය නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනා මසකට ලීටර් 5 කින් අඩු කෙරේ.

03:14 PM එළඹෙන 2022 මුදල් වර්ෂය සඳහා රජයේ මූල්‍ය කළමණාකාර වැඩ සටහනේ වියදම් යෝජනාවලිය හෙවත් ආයෝජන සැලැස්ම මෙතන සිට ඉදිරිපත් කිරීම.

03:14 PMවෙනත් වෘත්තිය සමිතියක සාමාජිකුව සිටිය දී රජයේ වෘතීය සංගමයක  සාමාජිකත්වයට ලබා දී ඇති සීමා ඉවත් කරනවා.කෘෂිකර්මාන්තයට වැඩි ආයෝජනයක් කරනවා

03:13 PMකෘෂිකාර්මික නිෂ්පාදනවලට හොඳ මිලක් ලැබෙන කෘෂි කර්මාන්තයේ අවදානම අවම කරන ජාතික වැඩ පිළිවෙළක් සකස් කරනවා.හරිත කෘෂිකර්ම පනතක් ඉදිරිපත් කරනවා.

03:10 PMවිදේශ සහ දේශීය අපනයන කරුවන්ගේ අපනයනකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීති කෙටුම්පත් කරනවා.

03:09 PMවිදේශ සේවා නියුක්තිගෙන් ලැබෙන විදේශ විනිමය ඉහළ නැංවීමේදී රැකියා සඳහා විදේශගත වීමට අවශ්‍ය දැනුම පුහුණුව සහ අනෙකුත් අවශ්‍යතා ලබා දීමට දැනට පවතින රජයේ පහසුකම් වැඩි දියුණු කරන අතර විදේශ රටවල විදේශ රටවල තානාපතිවරුන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා පවතින අවස්ථා  වැඩි කිරීමට යෝජනා කරනවා

03:09 PMදුම්රිය දෙපාර්තමේන්තුවේ ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නවා.

03:09 PMකොළඹ වරාය අන්තරාල වරායක් ලෙස ද ත්‍රිකුණාමලය වරාය කර්මාන්ත වරායක් ලෙස ද ගාලු වරාය සංචාරක වරායක් ලෙස ද හම්බන්තොට වරාය සේවා වරායක් ලෙස ද සංවර්ධනය කරනවා.

03:08 PMදුම්රිය දෙපාර්තමේන්තුවේ ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නවා.සෑම දිස්ත්‍රික්කයකම නවීන පන්නයේ රෝහලක් සහ පාසලක් ඇරඹීමට ආයෝජකයන් දිරි ගන්වනවා.

03:07 PMකෘෂිකාර්මික නිෂ්පාදන වලට හොඳ මිලක් ලැබෙන, කෘෂි කර්මාන්තයේ අවදානම අවම කරන ජාතික වැඩ පිළිවෙළක් සකස් කරනවා.හරිත කෘෂිකර්ම පනතක් ඉදිරිපත් කරනවා.

03:06 PMකාන්තාවන්ට සහ තරුණයන්ට වගා නොකළ ඉඩම් ලබා දී නව කෘෂි  ව්‍යවසායකයින් බිහි කරනවා.ඉඩම් උපරිම පරිභෝජනය කිරීම සඳහා නව නීති හඳුන්වා දෙනවා.

03:03 PMකාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම ගම් මට්ටමින් සිදු කරනවා.

03:03 PMසුවතා සංචාරක කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සකසනවා.පාරම්පරික හෙළ වෙදකම ප්‍රවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කරනවා

03:02 PMවිදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණ  නිෂ්පාදන  අමුද්‍රව්‍ය අඩුකරනවා. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන මෙවලම් දේශීයව නිෂ්පාදනය කිරීමට යෝජනා කරනවා

03:00 PMරබර්  ආශ්‍රීත නිශ්පාදන  ආනයනය සීමා කිරීමටත්,රබර් ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත දිරිගැන්වීමටත් යෝජනා කරනවා.

03:00 PMමැණික් හා ස්වභාවික ඛනිජ සම්පත්වල ලෝක වෙළෙඳ පොළේ පංගු කාරිත්වය වැඩි කිරීමට  කටයුතු කරනවා.ශ්‍රී ලංකාව මැණික් මිලදී ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්කිරීම අපේ අරමුණයි.

03:00 PMඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය සහ එම නිෂ්පාදන ප්‍රවර්ධනය තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ නව ව්‍යාපාර කිරීමට යෝජනා කරනවා

02:59 PMඖෂධ නිෂ්පාදනය සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් සහිත සමාගම් සමඟ එකතු වී ඉහළ ප්‍රමිතියෙන් යුතු ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශයට පහසුකම් ලබා දෙනවා.ඖෂධ මිල සඳහා පත් කර ඇති කමිටුවේ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරනවා.

02:57 PMතරුණ පරපුර රැකියා සොයන්නන් බවට පත් නොකර ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් සකස් කරනවා.

02:57 PMපලතුරු, එළවළු, මත්ස්‍ය නිෂ්පාදන ,දියර කිරි ,නිෂ්පාදනය හා වාණිජ බෝග වගාවන් ඇතුළු වගාවන් ගැටළු අවශ්‍යතා වූණ සමාලෝචනය කර දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක නිෂ්පාදනය කිරීමට කටයුතු කළ යුතුය යෝජනා කරනවා

02:57 PMනව විවසාය ඇරඹුම් වලට 2022 වසරේ පමණක් ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ

02:56 PMවිශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා පනතක් හඳුන්වා දෙනවා .ඔවුන්ගේ ව්‍යසායකත්වය හා කුසලතා සංවර්ධනය කරන්නට වැඩසටහනක් සකස් කරනවා.

02:55 PMඉහළ යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැකගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කරනවා .විශ්‍රාම වැටුප් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරනවා.

02:55 PMත්‍රීරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීමට යෝජනා කරනවා.ත්‍රීරෝද රථ ලක්ෂ 7 කට වඩා තිබෙනවා.

02:52 PMගුවන් විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීම විවෘත වෙන්දේසියක් යටතේ පමණක් සිදු කරනවා

02:51 PMරුපියල් බිලියන දෙදහකට වැඩි මුදලක් බදු ආදායම් ලෙස එකතු වන්නේ නැහැ.

02:50 PMමුළු රටම රට ම ආවරණය වන පරිදි විදුලි සංදේශ ජාලයක් ආරම්භ කරනවා.

02:50 PMබදු නියමිත පරිදි අයකරගෙන රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීමට කටයුතු කරනවා .

02:49 PMආනයන අපනයන ක්‍රමවේදය පහසු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරනවා.ඒ සඳහා ඊට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා.

02:48 PMසමාජ තත්ත්වයන් මත පදනම්ව සමෘද්ධි ව්‍යාපාරය නවීකරණය කිරීමට යෝජනා කරනවා

02:48 PMරක්ෂණ සංස්ථාවේ  දේපළ සහ ජීවිත රක්ෂණ ඒකාබද්ධව පවත්වාගෙන යෑමට නීති සංශෝධනය කරනවා

02:47 PMසමුපකාර හා ග්‍රාමීය බැංකු තැන්පත්කරුවන්ට සිදුවී ඇති මූල්‍ය හානි ප්‍රතිපූර්ණය කර සහන ලබාදීමට සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කරනවා.

02:45 PMසමෘද්ධි ව්‍යාපාරය නවීකරණයට.සමෘද්ධි ව්‍යාපාරය ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරීම අරමුණයි

02:44 PMරාජ්‍ය ආයතනවල දුරකථන වියදම සියයට 25 කින් කපා හරිනවා.

02:43 PMරාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ආරම්භ කරනවා.වැටුප් වර්ධක නියම කාලයට ලබාදීමට කටයුතු කරනවා.

02:42 PMසෑම රාජ්‍ය ආයතනයක් සඳහාම පාරිභෝගික සේවා පොරොන්දු පත්‍රයක් සකස් කිරීමට කටයුතු කරනවා

02:41 PMපාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම විශ්‍රාම කාලය වසර 10 දක්වා දික් කිරීමට යෝජනා කරනවා.

02:39 PMදැනට ඉදිකරමින් පවතින කාර්යාලය හැර නව කාර්යාලය ඉදිරි කිරීම වසර පහකට අත්හිටුවනවා.

02:38 PMකෙටිකාලීන අපහසුතා ඇති වූවත්  මැදි හා දිගුකාලීන  පරමාර්ථයන් සාක්ෂාත් කර ගැනීමට  හැකි වෙනවා.

02:37 PMරාජ්‍ය ව්‍යවසාය  පවත්වාගෙන යාමට කර ඇති වියදම රුපියල් බිලියන 670ක්. අයවැය යෝජනා ලබා ගත්තේ සමාජයේ සියලු පාර්ශ්ව සමඟ  සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි 

02:36 PMවැඩිහිටි ජනගහනය ඉහළ යාම ඉදිරි දශකයේ අභියෝගයක්

02:32 PMවෙළෙඳ භාණ්ඩ අපනයනයට සුවිශේෂි වැඩ පිළිවෙළක් සකසා තිබෙනවා.

02:31 PMවිදේශ විනිමය ලබා ගැනීමට නව ප්‍රවේශයක් අවශ්‍යයි.

02:30 PMවිදේශ සංචිත හැකිලෙමින් තිබෙනවා. රුපියලේ අගය පහළ යමින් තිබෙනවා.

02:28 PMතොරතුරු තාක්ෂණ සේවය පුළුල් කළ යුතුයි. 

02:27 PMමිත්‍රශීලි ද්විපාර්ෂික  හා බහු පාර්ශ්වික සබඳතා ඇති කරගෙන තිබෙනවා.

02:24 PMනිෂ්පාදික ආර්ථිකයට වැඩි බරක් ලබාදීමට කටයුතු කරනවා.

02:22 PMකුඩා නිෂ්පාදකයාගේ සිට මහා පරිමාණ නිෂ්පාදකයා දක්වා පහසුක් නැංවිය යුතුයි

02:20 PMජනගහණයට සාපෙක්ෂව නිෂ්පාදනය වැඩි  කිරීමට අප සමත්වී නැහැ.

02:17 PMඑන්නත්කරණය ඉහළින්ම සපුරා අවසන් ජන ජීවිතය නඟා සිටුවීමත් සංචාර ඇතුළු ක්ෂේත්‍ර නගා සිටුවීමටත් හැකියාව  තිබෙනවා.

02:15 PMනාස්තියෙන් දූෂණයෙන් තොර පාලනයක් ගෙන යාමට පියවර ගන්නවා.

02:14 PMඅය වැය අහන්න ජනපති ගෝඨාභය රාජපක්ෂ මැති සබයට පැමිණෙයි 

02:14 PMජාතික ආරක්ෂාව ස්ථිර කරන්න හැකි වුණා.  

02:14 PMආසියාවේ ශක්තිමත්ම සහ ස්තාවරම දේශපාලන නායක්වය ඇති රට ලංකාවයි

02:09 PMගෝලීය අර්බුද පහක් අභියසට අය වැය ඉදිරිපත් කරන බව මුදල් ඇමති පාර්ලිමේන්තුවේදී පවසයි.

NEWS

අසාද් සාලි නිදොස් කොට නිදහස්, මුසම්මිල් ඇතුළු පැමිණිලිකරුවන්ට නොතීසි

Published

on

By

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

දෙසැම්බර් 02 දින කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම තීන්දුව ලබා දී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ “විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව” ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවයි.

Giraya News Alerts

ඒ අනුව සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්තිකාර අසාද් සාලි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීන්දු කළේය.

ප්‍රශ්නගත ප්‍රකාශය මෙසේය.

“අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ”

2021 මාර්තු මස 09 දින කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර අසාද් සාලි මහතා විසින් ඉහත ප්‍රකාශය සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබුණි.

සිය සේවාදායකයා විසින් එකී මාධ්‍ය සාකච්ඡුාව පැවැත්වූ බව හා එකී ප‍්‍රකාශ සිදුකළ බව පිළිගන්නා නමුත් ඔහු කළ ප‍්‍රකාශ විකෘති කොට මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීම නිසා ඔහුට රක්‍ෂිත බන්ධනාගාර භාරයේ සහ රැඳවුම් නියෝග මත සිටීමට සිදුවී ඇති බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව, උක්ත ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා එල්ලකොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ එම අධිචෝදනා ගොනු කර තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා යි.

අසාද් සාලි අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට නීතිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වන අතර 2021 මැයි 26 වන දින සිට නීතිපති ධූරයේ කටයුතු කරනු ලබන්නේ ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා යි.

මේ අතර අසාත් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන අයට එරෙහිව එලෙස නොතීසි නිකුත් කරමින් මහාධිකරණය නියෝග කොට ඇත්තේ පෙබරවාරි මස 21 දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

විත්තිකාර අසාත් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේ එම නඩුවේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා තම සේවාදායකයාට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බැවින් ඊට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය යටතේ වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව, අදාළ ඉල්ලීම සලකා බැලීම සඳහා අදාළ නඩුව යළිත් පෙබරවාරි මස 21 දින කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා වෙත නොතීසි නිකුත් කළේය.

රිවිර

Continue Reading

NEWS

විදුලිය බිඳවැටීම් යථාතත්වයට පත් කරන්නේ වැඩ කරන පැය 8 දී පමණයි – විදුලි ඉංජිනේරුවන්

Published

on

By

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පිවිස සිටින ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කර තිබෙනවා. ඒ අනුව, පැය 8ක සේවා කාලයෙන් බාහිරව සිදුවන හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වය⁣ට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබෙනවා.

දෙසැම්බර් 01 දින පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා වැඩිදුරටත් කියා සිටියේ අද (01) සිට අකුරට වැඩ කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරන බවයි.

ඉල්ලීම් 06 ක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 25 දින පස්වරු 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ විය. ඒ නිව්ෆෝට්‍රස් ගනුදෙනුව අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් මුල් කරගෙනයි. එම ඉල්ලීම් මෙසේය.

Giraya News Alerts
  1. අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම.
  2. දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම.
  3. විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම.
  4. 1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම.
  5. සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම.
  6. ජ්‍යෙෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම.

මේ අතර පසුගිය දා සිදුවුන විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට චෝදනා කරමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

නොවැම්බර් 29 දින රාත්‍රියේ සිදුවූ විදුලිය බිඳවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොවැම්බර් 30 දින මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

– රිවිර

Continue Reading

NEWS

ජීවන වියදම දරන්න බෑ, රාජ්‍ය සේවයට රු.18000කවත් දීමනාවක් ඕනෑ – රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිතිය ජනපතිට ලිඛිතව දැනුම් දෙයි

Published

on

By

2022 වර්ෂය සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා. සමස්ත රාජ්‍ය සේවයටම සරිලන ආකාරයට අවම වශයෙන් රුපියල් 18,000ක වැටුප් හෝ දීමනා තමන් අපේක්ෂා කරන අතර එසේ නොමැතිවුවහොත් සමස්ත රාජ්‍ය සේවයම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.

නොවැම්බර් 13 දිනැතිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම වෘත්තීය සමිති සම්මේලනය පවසන්නේ 2022 අයවැය යෝජනාවලිය සමස්ථ රාජ්‍ය සේවයම අමතක කොට සාමාන්‍ය ජනතාව මෙන්ම කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුව ඇති බවයි. භාණ්ඩ මිල ඉහළ යාමට ප්‍රථමව පැවති ජීවන වියදමට සාපේක්ෂව ලැබුණු වැටුප ද සෑහීමකට පත්විය හැකි තත්වයේ නොතිබුණු බව පෙන්වා දෙන එම සංගමය පවසන්නේ රාජ්‍ය අංශයේ සංගණන අනුව 4 දෙනෙකුගෙන් සමන්විත පවුලකට මසකට රු. 58000ක වියදමක් යන බවයි.

වර්තමානයේ භාණ්ඩ මිල දැරිය නොහැකි තරම් ඉහළ මට්ටමකට රජය විසින් වැඩිකරනු ලැබීම සමස්ත සමාජයටම දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ඔවුන් පවසනවා. එවැනි තත්ත්වයක් තුළ මසකට වරක් වැටුප් ලබන රාජ්‍ය සේවකයින් 2022 අයවැයෙන් වැටුප් හෝ දීමනා වැඩිවීමක් දැඩිව අපේක්ෂා කරන ලද නමුත් අයවැය සභාගත කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවකයින් කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුකර ඇති බව මනාව පැහැදිලි වී ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Giraya News Alerts

ඒ අනුව, ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය සේවකයින් වෙත දීමනා ලබා දීමට කටයුතු නොකළහොත් නොදන්වාම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

එම ලිපිය පහතින්.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub