Connect with us
Advertise with Giraya

FEATURES

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරින්ගේ එකඟතාවයක්

Published

on

ලොව පැරණිතම වෘත්තියක් ලෙස ගණිකා වෘත්තිය සැළකේ. ගණිකා වෘත්තිය ද සැළකෙන්නේ වෙළඳාමක් වශයෙනි. වර්තමානයේ දී බොහෝ පාර්ශව “ගණිකාව” යන හැඳින්වීමට වඩා “ලිංගික ශ්‍රමිකයින්” ලෙස ඔවුන්ව හැඳින්වීමට කටයුතු කර ඇත. මෙහිදී සිය ශරීරය තවත් තැනැත්තෙකුගේ ලිංගික අවශ්‍යතා සන්තර්පනය කර ගැනීම සඳහා මූල්‍යමය ප්‍රතිලාභයක් මත ඉඩ දීම සිදුවේ.

ගණිකාවක්/ලිංගික ශ්‍රමිකයෙකු යනු කවුද?

වර්තමානයේ දී ලිංගික ශ්‍රමිකයින් කොටස් 3ක් යටතේ හඳුනාගනී.

  • ස්ත්‍රී ගණිකාවන්
  • පුරුෂ ගණිකාවන්
  • සමරිසි ගණිකාවන් වශයෙන් ප්‍රභේද 3ක් යටතේ දැක්විය හැක.

ශ්‍රී ලංකාවේ නීතිය කෙබඳුද?

  • 1889 අංක 5 දරන ගණිකා නිවාස ආඥාපනත
  • 1841 අංක 4 දරන පාදඩ ආඥාපනත
  • දණ්ඩ නීති සංග්‍රහය

මෙම අණපනත් මගින් ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදන හඳුනාගත හැක.

Giraya News Alerts

ශ්‍රී ලංකාවේ නීතිය අනුව, ගණිකා නිවාස පවත්වාගෙන යාම, කළමණාකරණය කිරීම, ගණිකාවන් සැපයීම අපරාධමය වරදකි. නීතිමය තත්වය එසේ වුවත් මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් පාදඩ අඥා පනත වැනි නීති යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට දඩ පැනවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් තිබූණි. ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධ ස්ථානවල සිටි කාන්තාවන් සතුව උපත් පාලන කොපු තිබීම මේ යටතේ අත්අඩංගුවට ගැනීම්වලට හේතු වී ඇති බව නීතිමය ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි.

කෙසේ වෙතත් ඓතිහාසික නඩු තීන්දුවක් දෙමින් 2021 වසරේ පෙබරවාරි මස 13 දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක ලබා දුන් තීන්දුවක් අනුව, මෙම තත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සැපයිනි. ඒ අනුව, ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක්, සිය ජීවිකාව උදෙසා ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් නොවන බව අධිකරණය අවධාරණය කළේය.

ලිංගික හැසිරීම් මෙරට නීතිය මගින් පාලනය කර තිබේද?

ලිංගිකව හැසිරීම යන්න සම්බන්ධයෙන් මෙරට නීතිය අනුව ‘වැරදි’ ලෙස පෙන්වා දී ඇත්තේ අඩු වයස් අයකු සමග ලිංගිකව හැසිරීම, මහජනයා අපහසුතාවට පත්වන ආකාරයට ලිංගිකව හැසිරීම, පුද්ගලික අයිතිවාසිකම් කඩ වන ආකාරයෙන් ලිංගිකව හැසිරීම යන වැරදි වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරින්ගේ මතය

පසුගිය දා ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ තුලාව වැඩසටහනකට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය, සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන යන මන්ත්‍රීවරියන් ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිබඳ එකඟතාවය පළ කරන ලදී.

එහිදී අදහස් දැක්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සඳහන් කළේ රාත්‍රී ආර්ථිකයක් ද මෙරට තුළ ඇති කිරීම මගින් සංචාරක ව්‍යාපාර සංවර්ධනය කර විදේශ විනිමය ලබාගත යුතු බවයි. ඒ සඳහා දැනට නීත්‍යානුකූල නොවන පරිදි ක්‍රියාත්මක වන ගණිකා වෘත්තීය නීත්‍යානුකූල කිරීම සිදුකළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් සිය එකඟතාවය පළ කරමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය සඳහන් කළේ ස්ත්‍රියගේ ශරීරය පිළිබඳ අයිතිය ඇත්තේ ඇයටම බවයි. මේ තත්වය තුළ ගණිකා වෘත්තියක් ඇති බැවින් ඇයට ආරක්ෂාව ලැබීම සඳහා නීතිගත වීම පිළිබඳ තමන් ද එකඟ වන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය ද සඳහන් කළේ තමන්ගේ කැමැත්තෙන් ඇඟ විකුණනවා නම් එය නීත්‍යානුකූල කර දීමෙන් ආරක්ෂිතව එම වෘත්තියේ යෙදී තම දරුපවුලද රැකගෙන ජීවත්වීමට අවකාශ ලැබෙන බවයි.

“අද ගණිකාව සූරා කන්නේ නැද්ද කියන්න. ත්‍රීවිල් එකේ ඉන්න මනුස්සයා සූරා කනවා. එහෙම නැත්නම් ඒක කරවන අය තැරුව්කාරයෝ සූරාගෙන කනවා. ඊට වැඩිය මම විශ්වාස කරනවා තමන්ගේ කැමැත්තෙන් ඇඟ විකුණනවා නම් මේක නීතිගත කරලා දුන්නම අර අහිංසක ගැහැනු අමාරුවෙ වැටෙන්නෙත් නැහැ. හිරගෙවල්වල යන්නෙත් නැහැ. දරු පවුලක් රැකගෙන ඉඳීවි. මං පැහැදිලිවම විශ්වාස කරනවා සූරාකෑම නතර කරන්න පුළුවන් කියලා.”

– කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරියගේ ප්‍රකාශය

Advertisement Giraya News Alerts
Click to comment

Leave a Reply

Your email address will not be published.

FEATURES

සිංහලයෝ බෙදුනොත් සුමන්තිරන් ජනාධිපති වෙයි – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්දගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Published

on

By

රට තුළ පවතින වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් හා කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා අදහස් දක්වා තිබෙනවා.

දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකළ ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ මේ වනවිට රටේ නීතියක් පවතිනවා ද යනුවෙනි. එලෙස නීතියක් තිබුණා නම් එම නීතිය සැමට එක හා සමානව තිබීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නා.

මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද අනාවැකි පළ කරමින් ජනාධිපති නීතිඥවරයා පවසා සිටියේ සියලු දේශපාලන පක්ෂ අසාර්ථක වී ඇති බවත් ඒ තුළින් මහජනතාව දැඩි කලකිරීමකින් සිටින බවයි. එබැවින් වැඩි පිරිසක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමත් ඉතිරි සිංහල ඡන්ද පක්ෂ අතර බෙදීමත් මගින් සුමන්තිරන් වැනි ද්‍රවිඩ ජාතික සන්ධානයේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමේ හැකියාවක් පවතින බව ද ඔහු ඒ සාකච්ඡාවේ දී පෙන්වා දුන්නේය.

Giraya News Alerts

එසේම කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ද ජනාධිපති නීතිඥවරයා අදහස් දක්වා තිබුණා.

අදාළ සාකච්ඡාව පහතින්.

Continue Reading

FEATURES

ඔමික්‍රෝන් ගැන මෙතෙක් දන්නා කරුණු

Published

on

By

වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි නවතම කොරෝනා වෛරස් ප්‍රභේදයක් දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට හඳුනාගත් අතර එය ලොව පුරා යළිත් සංචාරණ සීමා පැනවීමට තරම් දරුණු වී තිබෙනවා.

මෙම භයානක වෛරස ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් නමින් පසුගිය සිකුරාදා නම් කරන ලද අතර, ලොව පුරා පර්යේෂකයින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කොට තිබෙනවා.

Omicron ප්‍රභේදය ගැන වැඩි වශයෙන් සැලකිලිමත් වීමට ප්‍රධාන හේතුව ලෙස විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එම ප්‍රභේදය විකෘතිතා 50කට අධික ප්‍රමාණයකට ලක්වීමත් එය දැනට ඇති දරුණුතම ප්‍රභේදවලට වඩා වැඩි පැතිරීමේ හා ඉක්මණින්ම ආසාදනය වීමේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් බවයි. විද්‍යාඥයින් අවධාරණය කරන්නේ “අප නොදන්නා බොහෝ දේ තවමත් ඇති” බවයි. “ප්‍රභේදය ඇත්ත වශයෙන්ම වැඩි වශයෙන් බෝවනවාද, එය වඩාත් දරුණු සංකූලතා ඇති කරන්නේද යන්න හෝ එන්නත් වල කාර්යක්ෂමතාවයට එහි බලපෑම් මොනවගේද යන්න” සම්බන්ධයෙන් මෙතෙක් පවතින දැනුම මෙම ප්‍රභේදය ගැන තීරණය ගැනීමට ප්‍රමාණවත් නැති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

Giraya News Alerts

රට අනුව ගමන් සීමා

නව ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානය යොමු වූ වහාම දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසකට සංචරණ සීමා පැනවීමට ඇමරිකාව ඇතුළු 70කට අධික රටවල් ප්‍රමාණයක් කටයුතු කළා. මෙය දකුණු අප්‍රිකානු නායකයින්ගේ කණස්සල්ලට හේතු වූ අතර ඔහු පවසන්නේ නව ප්‍රභේදය හඳුනාගෙන ලෝකයට දැනුම් දීම සම්බන්ධයෙන් තමන්ට ස්තූති කරනවා වෙනුවට ලෝකය තමන්ව තනි කිරීමට කටයුතු කිරීමක් ලෙසයි. ඔහු පවසන්නේ මෙම ප්‍රභේදය තම රට තුළින් හඳුනාගත්ත ද තම රට තුළ නිෂ්පාදනය වූවක් නොවන බවයි.

මේ අනුව දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසෝතෝ, ස්වාසිලන්තය, මලාවි, මොසැම්බික්, නැමීබියාව, ටැන්සානියාව සහ සිම්බාබ්වේ යන රටවල සිට තම රටට පැමිණීම බොහෝ රටවල් විසින් තාවකාලිකව තහනම් කරනු ලැබුවා. ශ්‍රී ලංකාව ද රටවල් 6ක සිට සංචාරකයින් පැමිණීම තහනම් කරනු ලැබුවා.

“මුල් සාක්ෂි වලට අනුව එය වේගයෙන් සම්ප්රේෂණය වේ”

“Omicron ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ ඉතා වේගයෙන් බෝවන තත්වයක් ඇති විය. නමුත් රටකම එවැනි පැතිරීමක් ඇතිවනු ඇතැයි එයින් අදහස් නොවේ.” ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් CNN වෙත පවසා තිබුණි.

මේ වනවිට ඔමික්‍රෝන් පැතිර ගොස් ඇති රටවල්

එක්සත් රාජධානිය, ජපානය ඕස්ට්‍රේලියා, ඔස්ට්රියාව, බෙල්ජියම, බොට්ස්වානා, කැනඩාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ජර්මනිය, හොංකොං, ඊශ්‍රායලය, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය යන රටවලින් මෙතෙක් නව ආසාදිතයින් හඳුනාගෙන ඇත.

දකුණු අප්‍රිකානු වෛද්‍යවරියක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ ඇය මෙතෙක් හසුරුවා ඇති Omicron ආසාදිතයින් මෘදු තත්වයේ ඇති බවයි.

“එය ආරම්භ වූයේ වයස අවුරුදු 40 සහ ඊට අඩු තරුණ පිරිස අතරින්. වඩාත් ප්‍රමුඛතම සායනික පැමිණිල්ල වන්නේ දින එකක් හෝ දෙකක් දැඩි තෙහෙට්ටුවක් දැනීම, පසුව හිසරදය සහ ශරීරයේ කැක්කුම සහ වේදනාව ඇති වීමයි”. වෛද්‍යවරිය පැවසීය.

නව ප්‍රභේදයට සමඟ කටයුතු කිරීමට හොඳම ක්‍රමය එන්නත් බව විශේෂඥයින් පවසයි.

නව ප්‍රභේදය සමඟ කටයුතු කිරීම සඳහා හොඳම උපදෙස වන්නේ එන්නත් ලබා ගැනීම සහ පසුව බූස්ටරයක් ​​ලබා ගැනීමයි. ඩෙල්ටාවට එරෙහිව ඔබේ හොඳම ආරක්ෂාව වූයේ ද එන්නත් ලබා ගැනීමයි, ඔබ දැනටමත් එන්නත් කර ඇත්නම් සහ ඔබ Pfizer හෝ Moderna ලබා මාස හයක් ගත වී ඇත්නම්, ඔබේ බූස්ටරය ලබා ගන්න.” යැයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

එන්නත් නිෂ්පාදකයින් Omicron ගැන පවසන්නේ කුමක්ද?

Omicron ප්‍රභේදයට එරෙහිව තම එන්නත් කෙතරම් ඵලදායීදැයි Moderna ඉදිරි සති දෙක තුළ දැනගන්නා බව එම ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීයා පැවසීය.

“අපට Omicron ප්‍රභේදය සඳහා විශේෂිත එන්නතක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වුවහොත්, එයට සති කිහිපයක් ගතවනු ඇත, එය පරීක්ෂා කර නිෂ්පාදනය කිරීමට පටන් ගැනීමට අප බලාපොරොත්තු වන්නේ. ඊට මාස දෙක තුනක් ගත විය හැකිය,” මොඩර්නා ආයතනයේ වෙෙද්‍යවරයා පැවසීය.

AstraZeneca ආයතනය ද Omicron ප්‍රභේදය තම එන්නත කෙරෙහි ඇති බලපෑම අධ්‍යයනය කරමින් සිටින බව සමාගමේ ප්‍රකාශකයෙකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත.

Pfizer එන්නත නිපදවන BioNTech හි විද්‍යාඥයින් ද, ඉදිරි සති දෙක තුළ තම එන්නතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සිදුකරන ලද පර්යේෂණවල දත්ත අපේක්ෂා කරන බව මාධ්‍ය වෙත පවසා ඇති අතර ශ්‍රී ලංකාවේ භාවිතා නොවන Johnson & Johnson එන්නත නිෂ්පාදනය කරන සමාගම ද Omicron වලට එරෙහිව තම එන්නතෙහි සඵලතාවය පරීක්ෂා කරමින් සිටින බව පවසා ඇත.

නව ප්‍රභේදය සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයින් චෝදනා කර සිටින්නේ මෙවැනි ප්‍රභේද ඇති වීමට හේතුව එන්නත් බෙදී යාමේ විෂමතාවය බවයි. පොහොසත් රටවල්, දුප්පත් රටවල් වෙත එන්නත් ලබා දීම ප්‍රමාද කිරීම මීට හේතු වී ඇති බව ඔවුන්ගේ මතය යි.

Continue Reading

FEATURES

එස් එල් – 1 වැටුප ගුරුවරුන්ට ලබා නොදිය යුතු බව අනෙකුත් රාජ්‍ය සේවා කියයි, දුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමටත් සූදානම්

Published

on

By

ගුරු-විදුහල්පති වෘත්තිය සමිති කිහිපයක් විසින් වසර ගණනාවක සිට ඉල්ලා සිටින්නේ “සුබෝධනී වාර්තාව” අනුව තමන්ට ද එස් එල් – 1 වැටුප් පරිමාණය ලබා දෙන ලෙසයි. මෙම වැටුප් පරිමාණය හිමිව ඇත්තේ රජයේ විධායක මට්ටමේ සේවා සඳහා ය.

ඒ අනුව, ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා සැළසුම් සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය වැනි සේවා සඳහා එස් එල් – 1 වැටුප් කේතය (ආරම්භක වැටුප – රු. 47,615යි) අනුව වැටප් ගෙවනු ලබයි. මෙම සේවා සඳහා බඳවා ගනු ලබන්නේ උපාධිය සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන අතිශය තරඟකාරී විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුවයි. මෙහි සේවා කිහිපයක් සඳහා පන්ති සාමාර්ථයක් තිබීම ද අවශ්‍ය වේ. මෙම සේවා සඳහා එක්වරක දී බඳවා ගනු ලබන්නේ ද 100-200 අතර ‌නිලධාරීන් ප්‍රමාණයකි.

මේ අනුව, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා ද මෙම අවශ්‍යතා අනුව බඳවා ගැනීම් සිදු කරන බැවින් ඔවුන් ද එස් එල් – 1 වැටුප් තලයේ පිහිටුවා තිබෙනවා.

Giraya News Alerts

ඒ අනුව, මෙරට ගුරු සේවය සඳහා වැටුප් තීරණය කර ඇත්තේ මෙසේය.

  1. ඩිප්ලෝමාධාරී ගුරු (ආරම්භක වැටුප) – රු. 27,740
  2. උපාධිධාරී ගුරු (ආරම්භක වැටුප) – රු. 33,300
  3. විදුහල්පති සේවයේ ආරම්භක වැටුප – රු. 35,280

ඒ අනුව, ගුරුවරුන් ඉල්ලා සිටින්නේ තමන් ද එස් එල් – 1 වැටුප් තලයේ පිහිටුවන ලෙසයි.

මෙහිදී ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රමවේදයන් රැසක් පවතින බව අවධානයට ගත යුතුය. ඒ අනුව,

  • අධ්‍යාපනවේදී උපාධීධාරීන් – 2 පන්තිය – ‌II ශ්‍රේණිය
  • උපාධිධාරීන් – 3 පන්තිය – ‌I (අ) ශ්‍රේණිය
  • ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් – 3 පන්තිය – ‌I (ආ) ශ්‍රේණිය
  • ඩිප්ලෝමාධාරීන් – 3 පන්තිය – ‌I (ඇ) ශ්‍රේණිය
  • උසස් පෙළින් සුදුසුකම් ලැබූවන් – 3 පන්තිය – ‌II ශ්‍රේණිය

ඔවුන්ට හිමි වැටුප මෙසේ ය,

GE – 1 – 2016

  • 3 පන්තිය – ‌II ශ්‍රේණිය – පියවර 1 – රු. 27,270
  • 3 පන්තිය – ‌I (ඇ) ශ්‍රේණිය – පියවර 7 – රු. 29,540
  • 3 පන්තිය – ‌I (ආ) ශ්‍රේණිය – පියවර 9 – රු. 30,300
  • 3 පන්තිය – ‌I (අ) ශ්‍රේණිය – පියවර 14 – රු. 32,200

GE – 2 – 2016

  • 2 පන්තිය – ‌II ශ්‍රේණිය – පියවර 1 – රු. 33,300
  • 2 පන්තිය – ‌I ශ්‍රේණිය – පියවර 11 – රු. 39,175
  • 1 පන්තිය – ‌පියවර 18 – රු. 44,950

ගුරු – විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට රජය සැරසෙන බව ඇතැම් අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ හරහා පැහැදිලි වේ. යම් හෙයකින් එවැනි තීරණයක් ගෙන ගුරුවරුන් එස් එල් – 1 වැටුප් පරිමාණයට සමාන වැටුප් පරිමාණයක පිහිටුවීමට රජය කටයුතු කළහොත් සමස්ත රාජ්‍ය සේවයේ දැවැන්ත වැටුප් අර්බුධයක් ඇති විය හැකි බව රාජ්‍ය නිලධාරීන් පෙන්වා දෙයි.

මේ වනවිට ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා සැළසුම් සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය ඇතුළු සේවාවල නිලධාරීන් මෙම තීරණය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව එම සේවා නියෝජනය කරන නිලධාරීන් මේ පිළිබඳ විමසීමේ දී සඳහන් කළා. ඔවුන් පවසන්නේ තමන් ද දැනට සිටින වැටුප් පරිමාණය සමග යම් යම් ගැටලුවලට මුහුණ දී ඇති බවයි. එවැනි තත්වයක් තුළ ගුරු වැටුප් තලය ද තම වැටුප් තලය හා සමාන කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් බරපතල අර්බුධයකට ලක්වන බව ඔවුන් පෙන්වා දෙයි.

රජය එවැනි තීරණයක් ගතහොත් තමන් ද සුදුසු වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව එම සේවාවන් නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් අවධාරණය කළා.

ගුරු-විදුහල්පති වැටුප පරිමාණය පිළිබඳ ඇති ගැටළුව තමන් පිළිගන්නා බවත් ඔවුන් දැනට සිටින වැටුප් පරිමාණයට වඩා ඉහළ වැටුප් පරිමාණයකට ඔසවා තැබිය යුතු වුවත් එය එස් එල් – 1 වැටුප් පරිමාණයට පහළ වැටුප් පරිමාණයක් විය යුතු බව රාජ්‍ය නිලධාරීන් පෙන්වා දෙයි.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub