වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි නවතම කොරෝනා වෛරස් ප්‍රභේදයක් දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට හඳුනාගත් අතර එය ලොව පුරා යළිත් සංචාරණ සීමා පැනවීමට තරම් දරුණු වී තිබෙනවා.
මෙම භයානක වෛරස ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් නමින් පසුගිය සිකුරාදා නම් කරන ලද අතර, ලොව පුරා පර්යේෂකයින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කොට තිබෙනවා.
Omicron ප්‍රභේදය ගැන වැඩි වශයෙන් සැලකිලිමත් වීමට ප්‍රධාන හේතුව ලෙස විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එම ප්‍රභේදය විකෘතිතා 50කට අධික ප්‍රමාණයකට ලක්වීමත් එය දැනට ඇති දරුණුතම ප්‍රභේදවලට වඩා වැඩි පැතිරීමේ හා ඉක්මණින්ම ආසාදනය වීමේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් බවයි. විද්‍යාඥයින් අවධාරණය කරන්නේ “අප නොදන්නා බොහෝ දේ තවමත් ඇති” බවයි. “ප්‍රභේදය ඇත්ත වශයෙන්ම වැඩි වශයෙන් බෝවනවාද, එය වඩාත් දරුණු සංකූලතා ඇති කරන්නේද යන්න හෝ එන්නත් වල කාර්යක්ෂමතාවයට එහි බලපෑම් මොනවගේද යන්න” සම්බන්ධයෙන් මෙතෙක් පවතින දැනුම මෙම ප්‍රභේදය ගැන තීරණය ගැනීමට ප්‍රමාණවත් නැති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
රට අනුව ගමන් සීමා
නව ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානය යොමු වූ වහාම දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසකට සංචරණ සීමා පැනවීමට ඇමරිකාව ඇතුළු 70කට අධික රටවල් ප්‍රමාණයක් කටයුතු කළා. මෙය දකුණු අප්‍රිකානු නායකයින්ගේ කණස්සල්ලට හේතු වූ අතර ඔහු පවසන්නේ නව ප්‍රභේදය හඳුනාගෙන ලෝකයට දැනුම් දීම සම්බන්ධයෙන් තමන්ට ස්තූති කරනවා වෙනුවට ලෝකය තමන්ව තනි කිරීමට කටයුතු කිරීමක් ලෙසයි. ඔහු පවසන්නේ මෙම ප්‍රභේදය තම රට තුළින් හඳුනාගත්ත ද තම රට තුළ නිෂ්පාදනය වූවක් නොවන බවයි.
මේ අනුව දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසෝතෝ, ස්වාසිලන්තය, මලාවි, මොසැම්බික්, නැමීබියාව, ටැන්සානියාව සහ සිම්බාබ්වේ යන රටවල සිට තම රටට පැමිණීම බොහෝ රටවල් විසින් තාවකාලිකව තහනම් කරනු ලැබුවා. ශ්‍රී ලංකාව ද රටවල් 6ක සිට සංචාරකයින් පැමිණීම තහනම් කරනු ලැබුවා.
“මුල් සාක්ෂි වලට අනුව එය වේගයෙන් සම්ප්රේෂණය වේ”
“Omicron ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ ඉතා වේගයෙන් බෝවන තත්වයක් ඇති විය. නමුත් රටකම එවැනි පැතිරීමක් ඇතිවනු ඇතැයි එයින් අදහස් නොවේ.” ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් CNN වෙත පවසා තිබුණි.
මේ වනවිට ඔමික්‍රෝන් පැතිර ගොස් ඇති රටවල්
එක්සත් රාජධානිය, ජපානය ඕස්ට්‍රේලියා, ඔස්ට්රියාව, බෙල්ජියම, බොට්ස්වානා, කැනඩාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ජර්මනිය, හොංකොං, ඊශ්‍රායලය, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය යන රටවලින් මෙතෙක් නව ආසාදිතයින් හඳුනාගෙන ඇත.
දකුණු අප්‍රිකානු වෛද්‍යවරියක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ ඇය මෙතෙක් හසුරුවා ඇති Omicron ආසාදිතයින් මෘදු තත්වයේ ඇති බවයි.
“එය ආරම්භ වූයේ වයස අවුරුදු 40 සහ ඊට අඩු තරුණ පිරිස අතරින්. වඩාත් ප්‍රමුඛතම සායනික පැමිණිල්ල වන්නේ දින එකක් හෝ දෙකක් දැඩි තෙහෙට්ටුවක් දැනීම, පසුව හිසරදය සහ ශරීරයේ කැක්කුම සහ වේදනාව ඇති වීමයි”. වෛද්‍යවරිය පැවසීය.
නව ප්‍රභේදයට සමඟ කටයුතු කිරීමට හොඳම ක්‍රමය එන්නත් බව විශේෂඥයින් පවසයි.
නව ප්‍රභේදය සමඟ කටයුතු කිරීම සඳහා හොඳම උපදෙස වන්නේ එන්නත් ලබා ගැනීම සහ පසුව බූස්ටරයක් ලබා ගැනීමයි. ඩෙල්ටාවට එරෙහිව ඔබේ හොඳම ආරක්ෂාව වූයේ ද එන්නත් ලබා ගැනීමයි, ඔබ දැනටමත් එන්නත් කර ඇත්නම් සහ ඔබ Pfizer හෝ Moderna ලබා මාස හයක් ගත වී ඇත්නම්, ඔබේ බූස්ටරය ලබා ගන්න.” යැයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
එන්නත් නිෂ්පාදකයින් Omicron ගැන පවසන්නේ කුමක්ද?
Omicron ප්‍රභේදයට එරෙහිව තම එන්නත් කෙතරම් ඵලදායීදැයි Moderna ඉදිරි සති දෙක තුළ දැනගන්නා බව එම ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීයා පැවසීය.
“අපට Omicron ප්‍රභේදය සඳහා විශේෂිත එන්නතක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වුවහොත්, එයට සති කිහිපයක් ගතවනු ඇත, එය පරීක්ෂා කර නිෂ්පාදනය කිරීමට පටන් ගැනීමට අප බලාපොරොත්තු වන්නේ. ඊට මාස දෙක තුනක් ගත විය හැකිය,” මොඩර්නා ආයතනයේ වෙෙද්‍යවරයා පැවසීය.
AstraZeneca ආයතනය ද Omicron ප්‍රභේදය තම එන්නත කෙරෙහි ඇති බලපෑම අධ්‍යයනය කරමින් සිටින බව සමාගමේ ප්‍රකාශකයෙකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත.
Pfizer එන්නත නිපදවන BioNTech හි විද්‍යාඥයින් ද, ඉදිරි සති දෙක තුළ තම එන්නතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සිදුකරන ලද පර්යේෂණවල දත්ත අපේක්ෂා කරන බව මාධ්‍ය වෙත පවසා ඇති අතර ශ්‍රී ලංකාවේ භාවිතා නොවන Johnson & Johnson එන්නත නිෂ්පාදනය කරන සමාගම ද Omicron වලට එරෙහිව තම එන්නතෙහි සඵලතාවය පරීක්ෂා කරමින් සිටින බව පවසා ඇත.
නව ප්‍රභේදය සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයින් චෝදනා කර සිටින්නේ මෙවැනි ප්‍රභේද ඇති වීමට හේතුව එන්නත් බෙදී යාමේ විෂමතාවය බවයි. පොහොසත් රටවල්, දුප්පත් රටවල් වෙත එන්නත් ලබා දීම ප්‍රමාද කිරීම මීට හේතු වී ඇති බව ඔවුන්ගේ මතය යි.
