Connect with us
Advertise with Giraya

SPORTS

ලංකා ප්‍රිමියර් ලීග් ගහනවද? අගමැති පුත් රෝහිතගෙන් විශේෂ නිවේදනයක්

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ එක්වන බවට ඡායාරූපයක් ද සහිතව ඇතැම් මාධ්‍ය විසින් පළ කරන ලද පුවත සම්බන්ධයෙන් රෝහිත රාජපක්ෂ මහතා අදහස් පළ කර තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ තමන් මීට පෙරත් පැවසූ පරිදි ලංකා ප්‍රිමියර් ලීග් සඳහා තරඟ කිරීමට තමන්ට කිසිදු අදහසක් නැති බවයි.

එම පණිවුඩය සහ පරිවර්තනය පහතින්.

Giraya News Alerts

“As reiterated before, I do not have any intentions to play for the LPL tournament.”

“කලින් නැවත නැවතත් සඳහන් කළ පරිදි, LPL තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට මට කිසිදු අදහසක් නැත.”

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසන ඡායාරූප සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී තහවුරු නොකළ ආරංචි මාර්ග ඔස්සේ ‘ගිරය’ට වාර්තා වූයේ අදාළ ඡයාරූප රෝහිත රාජපක්ෂ සහ ටෙහානි ඉමාරා ගයන ක්‍රිකට් ගීතයක් සඳහා ලබාගෙන ඇති දර්ශන බවයි.

POLITICS

මම ඉම්රාන් ඛාන් කෙනෙක් වෙයි කියලා සමහරුන්ට බයක් තියෙනවා – අර්ජුන රණතුංග

Published

on

ක්‍රීඩාවේ දී මෙන්ම දේශපාලනයේ දී ද තමා නිවැරදි දේ කළ බවත් සොරකම් කිරීමට ඉඩ නොදුන් බවත් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. රට හදන්න තමාට අවස්ථාවත් ලැබුනොත් ඉදිරිපත් වෙන බව ද ඔහු පවසයි.

එමෙන්ම, ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැඟීමට තමාට අවශ්‍ය කරන්නේ මාස හයක කාලයක් පමණක් බව ද අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

ඔහු පළ කරන ලද අදහස් මෙසේය.

Giraya News Alerts

“අර්ජුන රණතුංගට සමහරුන් ළඟ තියෙන්නේ ලොකු බයක්.ඒක නිකන්ම නිකන් බයක් නොවෙයි .දේශපාලන බයක්.මොකද මම ඉම්රාන් ඛාන් කෙනෙක් වෙයි කියලා සමහරුන්ට බයක් තියෙනවා. ඉම්රාන් ඛාන් කෙනෙක් ඕන නම් මට ඒක වෙන්න පුළුවන්. මේ රටේ මිනිස්සුන්ට ඕන නම් එහෙම වුණාම මොකද වෙන්නේ. ක්‍රීඩාව කරනකොටත් දේශපාලනය කරන කොටත් මම හරි දේ කළා.හොරකම් කරන්න දුන්නේ නෑ. කරන්න දීපු ආයතන සුද්ද කළා. “

” මට අවස්ථාව ලැබුණොත් රට හදන්න එනවා.මම මෙච්චර කල් බෙල්ල දෙන්න ආවෙ නෑ. මේ ක්‍රීඩාවෙන් එළියට ගිහිල්ලා මම බෙල්ල දෙන්න එනවා. මම මේ දක්වාම හිතුවේ මේ රටේ ඕනෑතරම් නායකයෝ ඉන්නවා කියලයි.නමුත් මට දැන් පේනවා මේ රටට ආදරය කරන නායකයෝ නැහැ කියලා. රටට ආදරය කරලා රට හදන්න එන නායකයෝ “

” ඒ වගේම මම තවත් දෙයක් කියන්න ඕන. මේ වැටිල තියෙන ක්‍රිකට් හදන්න මට ඕන මාස හයයි. කිසිම කෙනෙකුට ඇඟිලි ගහන්න බෑ .මම කරල පෙන්නනවා. මට ඒකට සහයට හොඳ ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් ඕන . සනත්ලා ඉන්න ඕන අරවින්දලා ඉන්න ඕන . මම මහේලට කියනවා කණ්ඩායම අරගෙන කරන්න කියලා .එයාට බොම්බේ කරන්න පුළුවන් නම් ලංකාවට ඇවිල්ල කරන්න බැරි ඇයි. සංගක්කාරට කියනවා ක්‍රිකට් ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෙන්න කියලා.අපි ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕන. එයාලට ඒක දීලා බලමු. දැන් ඒවා කියවනවා විතරයි. චමින්ද වාස්ට කොච්චර ප්‍රශ්න ආවද . අන්තිමේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ දොර ඇරියේ නෑ ඒ ළමයාට ගිහිල්ලා ප්‍රශ්නේ කතා කරන්න.ඒ මේ රට නියෝජනය කරපු ක්‍රීඩකයෝ. ටෙස්ට් මැච් සියයක් ගහපු ක්‍රීඩකයෙක්. එහෙම කරලා කොහොමද මේක දුවන්නෙ.”

Continue Reading

SPORTS

ක්‍රිකට් කියන්නේ බෝලෙට බැට් එකෙන් ගහන එක විතරක් නෙමෙයි – හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග

Published

on

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ඉතාමත් අවමානයට ලක්ව ඇතැයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

තරඟ පරදාවීම මෙන්ම ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් ද මේ වන විට බොහෝ කතාබහක් ඇති ව තිබෙන බවත් තමන් නායකත්වය දරණ කාලයේ කණ්ඩායම තුළ සිටියේ රට වෙනුවෙන් සෙල්ලම් කළ ක්‍රීඩකයින් පමණක් බවත් අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

එවැනි කණ්ඩායමක් සිටි නිසාවෙන් තමන්ට ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වු බවත් පැවසු ඒ මහතා, දැන් සිටින ක්‍රීඩකයින්ගේ විනය පිරිහී ඇතැයි ද පැවසීය.

Giraya News Alerts

“අපිට එක කාලයක් තිබුණා තරඟ පැරදුනාම අපිට එළියට යන්න ලැජ්ජයි. මොකද අපි හිතනවා ඒ අයගේ මානසිකත්වය අපි වැට්ටුවා කියලා. අපි ඒ අයට ලැජ්ජා කළා කියලා. අද එහෙම දෙයක් නෑ. මේ තත්ත්වයක් යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න හම්බවෙන්නේ නෑ. අද ඉතාමත් කණගාටුයි දුකෙන් කතා කරන්නේ. අපේ කාලයේ ත් ක්‍රීඩකයින් එළියට ගියා. ඒ අය විනෝද වුණා. නමුත් ඒ අය දන්නවා ඒ අය යන්නේ විනෝද වෙන්න නෙමෙයි ක්‍රිඩා කරන්න කියලා. අපිට හිටියා මේ රටේ සැර දක්ෂ කළමනාකරුවෝ. මමත් සැරයි. මම දන්නවා මේ ළමයින්ව හසුරුවා ගන්න ඕනේ කොහොම ද කියලා. මම කියන්නේ නෑ මගේ කාලයේ කිසිම ක්‍රීඩකයෙක් එළියට ගියේ නෑ කියලා. සමහර ක්‍රීඩකයෝ මම ගෙදර එවලා තියෙනවා. සමහර අයව මම තහනම් කරලා තියෙනවා. සමහර අයට මගේ අතින් කනේ පාරවල් වැදිලා තියෙනවා. ක්‍රිකට් කියන්නේ බෝලෙට බැට් එකෙන් ගහන එක විතරක් නෙමෙයි. ක්‍රීකට් කියන්නේ මුළු ක්‍රීඩකයෙක්ම පරිපාලනය කරන එක. මම හැමෝගෙන්ම ඉල්ලනවා අපේ ක්‍රීඩකයින්ට ලැජ්ජා කරන්න එපා. විනය වැරදි අයව අපි ඒ විදියට හදා ගමු. හැම ක්‍රීඩකයාටම මේ තත්ත්වයට යන්න දෙන්න එපා.“

Continue Reading

SPORTS

ලකුණු 258ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තැනක

Published

on

By

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය මේ වනවිට බංගලාදේශයේ ඩකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙනවා.

කෙසේ නමුත් බංගලාදේශ කණ්ඩායම රැස්කළ ලකුණු 257ක ඉලක්කය පසුකර යෑමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිටිය මැද අසරණ කිරීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරු 07.15 වන විට පන්දුවාර 34 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 149ක් රැස් කර තිබෙනවා. මේ වනවිට දසුන් ශානක හා වනිඳු හසරංග පන්දුවට පහර දෙමින් සිටිනවා.

කඩුළු බිඳ වැටීම මෙසේය.

Giraya News Alerts

1-30 (ධනුෂ්ක ගුණතිලක, 4.6 ov), 2-41 (පැතුම් නිස්සංක, 7.4 ov), 3-82 (කුසල් මෙන්ඩිස්, 18.1 ov), 4-94 (කුසල් පෙරේරා, 21.3 ov), 5-97 (ධනංජය ද සිල්වා, 23.1 ov), 6-102 (අශේන් බණ්ඩාර, 27.3 ov)

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බංගලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 6කට ලකුණු 257ක් රැස් කරනු ලැබුවා.

පන්දුවට පහරදීමේ දී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් පන්දු 87ක දී ලකුණු 84ක් රැස් කළ අතර ඊට 6 පහර 1ක් සහ 4 පහර 4ක් සිය ඉනිමට එක් කළා. මොහොමඩ් මහමදුල්ලා පන්දු 76ක දී ලකුණු 54ක් රැස් කළ අතර ඊට 6 පහර 1ක් සහ 4 පහර 2ක් ඇතුළත්. ටමීම් ඉක්බාල් පන්දු 70ක දී ලකුණු 52ක් රැස් කළ අතර ඊට 6 පහර 1ක් සහ 4 පහර 6ක් එල්ල කළා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය සිරිවර්ධන සිය පන්දුවාර 10 අවසානයේ ලකුණු 45කට කඩුළු 3ක් බිඳ හෙලීමට සමත් වූ අතර දුෂ්මන්ත චමීර, ධනුෂ්ක ගුණතිලක හා ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub