රට තුළ පවතින වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් හා කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා අදහස් දක්වා තිබෙනවා.
දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකළ ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ මේ වනවිට රටේ නීතියක් පවතිනවා ද යනුවෙනි. එලෙස නීතියක් තිබුණා නම් එම නීතිය සැමට එක හා සමානව තිබීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නා.
මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද අනාවැකි පළ කරමින් ජනාධිපති නීතිඥවරයා පවසා සිටියේ සියලු දේශපාලන පක්ෂ අසාර්ථක වී ඇති බවත් ඒ තුළින් මහජනතාව දැඩි කලකිරීමකින් සිටින බවයි. එබැවින් වැඩි පිරිසක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමත් ඉතිරි සිංහල ඡන්ද පක්ෂ අතර බෙදීමත් මගින් සුමන්තිරන් වැනි ද්‍රවිඩ ජාතික සන්ධානයේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමේ හැකියාවක් පවතින බව ද ඔහු ඒ සාකච්ඡාවේ දී පෙන්වා දුන්නේය.
එසේම කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ද ජනාධිපති නීතිඥවරයා අදහස් දක්වා තිබුණා.
අදාළ සාකච්ඡාව පහතින්.