ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව මේ වනවිට ගාළුමුවදොර මූලික කරගනිමින් රට පුරා පැවැත්වෙන දැවැන්ත නිර්පාක්ෂික අරගලයේ සැබෑ අරමුණු සම්බන්ධයෙන් නිමල් බෝපගේ මහතා අදහස් දක්වා තිබෙනවා.
සිය නිල ෆේස්බුක් පිටුවේ වීඩියෝ සටහනක් තබමින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්, නීතිඥ නිමල් බෝපගේ මහතා පවසන්නේ #GoHomeGota සහ 225+1 එපා කීම ගැඹුරු ලෙස විග්‍රහ කරගත යුතු බවයි. මේ සඳහා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම ඉවත් වී වෙනත් කණ්ඩායමක් බලය ගැනීම පමණක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් රට මේ අවස්ථාවේ ඉල්ලන්නේ ක්‍රම වෙනසක් බවත් ඔහු පවසනවා. මීට පෙර “ඔව් ගෝඨාභය, ඔයා තමයි හොඳටම කළේ” යන වැකිය යටතේ වීඩියෝවක් පළ කරමින් ඔහු සඳහන් කර තිබුණේ ක්‍රම වෙනසක් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් හෝ නොදැනුවත්ව ලබා දී ඇති දායකත්වය පිළිබඳවයි.
එම අදහස් පහතින්.
මීට පෙර පළ කළ අදහස් කීපයක්