Advertise with Giraya
POLITICS

පාඨලී ආර්ථිකය හදන්න මුදල් අමාත්‍යංශයේ වගකීම භාර ගන්න සූදානමින්

සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව “ගිරය” පසුගිය දා අනාවරණය කළා.

ඒ අනුව, එම තීරණය පිළිබඳ ඔහු නැවත සිතා බැලීමට කටයුතු කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. ඒ රනිල් වික්‍රමසිංහ සිය ගජමිතුරු කල්ලිය මූලික කරමින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ කමිටුවක් නිර්මාණය කිරීමත් සමගයි. නමුත් එම කමිටුව තාවකාලික කමිටුවක් බවත්, අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙන් පසු එම වගකීම අමාත්‍ය මණ්ඩලය වෙත පවරන බවටත් අගමැතිවරයා දැනුම් දීමෙන් පසුව පාඨලී චම්පික රණවක සිය සහය ලබා දීම ස්ථිර කොට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග “ගිරය”ට අනාවරණය කළා.

ඒ අනුව, පාඨලී හා රනිල් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව රටේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය කළමණාකරණය කිරීමේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව පාඨලී චම්පික රණවක පවසා තිබෙන බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසනවා. එය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය ලෙස භාර ගැනීමට සූදානම් බව ද, එසේ ගන්නේ නම් ආර්ථික සංවර්ධන යනුවෙන් වෙනත් අමාත්‍යංශයක් නිර්මාණය නොවිය යුතු බවට ද සාකච්ඡා වී ඇතැයි එම ආරංචි මාර්ග පවසනවා.

එසේම, මුදල් අමාත්‍යධූරය භාර ගන්නේ නම් කිසිඳු බාහිර බලපෑමකින් තොරව කටයුතු කිරීමට අවස්ථාව අවශ්‍ය බව ද මන්ත්‍රීවරයා අගමැතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වන අතර මැයි 15 වැනිදා පත් කෙරෙන නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීමේ දී ම තම සැලැස්ම ඉදිරිපත් කරන බවට ද ප්‍රකාශ කොට ඇතැයි දැනගන්නට ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Giraya News Alerts

Trending

පුවත් ලෙලි ගසා සත්‍ය දැනගන්න

Copyright © 2016 Giraya News. Powered by Digital Hub

To Top