Connect with us
Advertise with Giraya

NEWS

අරුන්දික ගුවන් හමුදාවේ ඉඳලම නෑ, යෝග්‍යතා පරීක්ෂණයක පමණක් පෙනී ඉඳලා අසමත් වෙලා – ගුවන් හමුදාව තහවුරු කරයි

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස හෝ කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියේ මන්ත්‍රීවරයා ගුවන් හමුදාවේ සේවය කළ බවට මෙතෙක් කිසිඳු වාර්තාවක් ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මන්ත්‍රීවරයා යම් අවස්ථාවක පියාසර යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගි වී ඇති බවත්, මන්ත්‍රීවරයා එහිදී අසමත් වී ඇති බවත් වාර්තා වී ඇතිය බවයි. එසේම අදාළ මන්ත්‍රීවරයා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ බවට ද කිසිඳු නිල වාර්තාවක් නොමැති බව ද ඔහු තහවුරු කළේය.

Giraya News Alerts

ඒ මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක් ලෙස කටයුතු කර ඇති බවයි. එහි තවදුරටත් සේවය කළා නම් මීට වඩා උසස් ලෙස ජීවත් වීමට හැකියාව තිබූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප්‍රනාන්දු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවෙකු ලෙස කටයුතු කර නොමැති බවත් ඒ බව තහවුරු කිරීමට කිසිදු තොරතුරක් නොමැති බවත් ය.

Advertisement Giraya News Alerts
Click to comment

Leave a Reply

Your email address will not be published.

NEWS

ව්‍යාපෘති 100කින් ණය ගන්න වැඩපිළිවෙලක් එක්ක එන ධම්මික පෙරේරා බැසිල්ගෙන් හිස්වූ ධූරයට පොහොට්ටුවෙන් නම් කෙරේ

Published

on

By

පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් විසින් ජූනි 10 දින ඊට අදාළ යෝජනාව මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජූනි 09 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.

Giraya News Alerts

මතුව තිබූ නෛතික කරුණු සැළකිල්ලට ගනිමින් මෙරට අංක 1 ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන ධම්මික පෙරේරා ඔහුට අයත් සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද පස්වරුවේ දී ඔහුගේ නම ගැසට් වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත අතර තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි.

ව්‍යාපෘති 100ක ආයෝජන වැඩපිළිවෙලක් සකස් කර එයින් රටට මුදල් ලැබෙන ආකාරය දක්වමින් රටට අවශ්‍ය මුදල් ණය වශයෙන් ලබා ගැනීම ධම්මික පෙරේරාගේ මූලික අරමුණ වී ඇති බව ද වාර්තා වේ.

Continue Reading

NEWS

ඩොලර් මිලියන 6 සොයා ගනී, හජ් වන්දනාවට මුස්ලිම්වරුන් 1585ම සහභාගී කරවීමට තීරණය කරයි

Published

on

By

ඩොලර් නොමැති වීම හේතුවෙන් මෙවර හජ් වන්දනාව සඳහා මෙරට මුස්ලිම්වරුන් සහභාගී නොකර සිටීමට මෙරට හජ් වන්දනා කමිටුව තීරණය කර ඇති බව පසුගිය සතියේ වාර්තා කෙරුණි.

නමුත් මේ වනවිට වාර්තා වන්නේ ඊට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයාගෙන ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවට අනුමත වී ඇති වන්දනාකරුවන් 1585 දෙනාම ඊට සහභාගී කරවීමට තීරණය කර තිබේ.

එම තීරණයට එළඹ ඇත්තේ ජාතික හජ් කමිටුව, හජ් සංචාරක සංවිධානය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව යි.

Giraya News Alerts

එම සංචාරය සඳහා අවශ්‍ය අවම ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 6.3ක් බව මීට පෙර වාර්තා කර තිබුණි. ඒ අනුව, එක් වන්දනාකරුවකු වෙනුවෙන් අවම වශයෙන් ඩොලර් 4000 සිට 6000 ක ප්‍රමාණයක් වැය වෙතැයි ගණන් බලා ඇත. මෙය ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.3කට අධිකයි.

ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ සම්පූර්ණ හජ් මෙහෙයුම සඳහා ඩොලර් මිලියන 10 ක් පමණ වැය වන බවත් එය රටේ වත්මන් ආර්ථික තත්ත්වය හා සසඳන විට විශාල මුදලක් බවයි ශ්‍රී ලංකා මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික හජ් කමිටුවේ සභාපති අහ්කාම් උවයිස් මීට පෙර සඳහන් කර තිබුණා. ඒ අනුව, ඔහු පවසා තිබුණේ මෙවර හජ් වන්දනාව අත්හැරීමට ත්‍යාගශීලී වූ බවයි. ඒ අනුව රට වෙනුවෙන් තම වන්දනාව කැප කිරීමට මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින් විසින් තීරණය කළ බවයි.

Continue Reading

NEWS

මුදල් ලේකම්ගේ වැටුප ලක්ෂ 14ක්? ලේකම්ගේ ලේකම්ටත් ලක්ෂ 4ක්?

Published

on

By

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍යධූරය දරන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ වැටුප හා දීමනා රුපියල් ලක්ෂ 14ක් බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ අනාවරණය කළා. එමෙන්ම ඔහුට අතිකාල දීමනා පවා හිමිව ඇති බව වාර්තා වේ.

අමාත්‍යංශ ලේකම්වරයාගේ පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ද ඒ සමගම පැමිණ ඇති අතර එම තනතුර සඳහා ද රුපියල් ලක්ෂ 4ක වැටුපක් ගෙවනු ලබන බව වැඩිදුරටත් එම වාර්තා පෙන්වා දෙනවා.

මුදල් අමාත්‍යංශ ලේකම්ධූරය සඳහා මහින්ද සිරිවර්ධන පත්කෙරුණේ අප්‍රේල් 07 වැනිදායි. එම තනතුරට පත්වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. එසේම මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ඔහු කටයුතු කර ඇති අතර ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ලෙස ඔහුව පත්කර තිබේ.

Giraya News Alerts

කෙසේ වෙතත් රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මොහොතක ජනතාවට දැඩි කැපකිරීම් කිරීමට සිදුවන බවට අගමැතිවරයා ද ප්‍රකාශකොට ඇති පසුබිමක මෙවන් අතිවිශාල වැටුප් ගෙවීමක් සිදුවන්නේ නම් එය අර්බුදය තවත් උත්සන්න කිරීමක් පමණක් වනු ඇත.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub