ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා තිබෙනවා. ඔහු අපරාධ සහ රථවාහන දිසාව, සංවිධානාත්මක අපරාධ, කාන්තා සහ ළමා අපචාර කාර්යාංශය, මත්ද්‍රව්‍ය දිසාව, මැතිවරණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි එම්.ඩී.ආර්.එස්. දමින්ද නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති අතර නැගෙනහිර පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද ස්ථාන මාරුවීම් කර ඇති බව වාර්තා වේ.
ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් පසු එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එස්. හෙට්ටිආරච්චි පත්වීම් ලැබුවා. ඒ අනුව, අමාත්‍යාංශ ලේකම්ගේ 2022.05.27 දිනැති ලිපියට අනුව රාජ්ය්ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් නියෝගය නිකුත් කරන බව පොලිස්පතිවරයා පවසනවා.
බත්තරමුල්ලේ, සුහුරුපායේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ බ්‍රහස්පතින්දා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් තමන් වෙත පැවරී ඇති රාජකාරිය නීත්‍යානුකූලව සිදු කළ යුතු අතර එලෙස කටයුතු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම ඇමතිවරයා ලෙස තමන් රැකවරණය ලබාදෙන බවයි.