විශේෂ අවස්ථා
- චරිත් අසලංකගෙන් අගනා ශතකයක්.
- ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් තරඟයේ අණසක පැතිරවිය.
- ඕස්ට්‍රේලියාව තරගය ජයග්‍රහණය කිරීමට ඉතා ආසන්න විය.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ සිවුවැනි එක්දින තරගය ලකුණු 4කින් ජය ගනිමින් තරගාවලියේ ජය ස්ථිර කළේය. වසර 30කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව සිය මව්බිමේදී ලැබූ පළමු එක්දින තරගාවලිය මෙයයි. ශ්‍රී ලංකාව අවසන් වරට ඔස්ට්‍රේලියාව සිය මව්බිමේදී ද්විපාර්ශ්වික තරගයකදී පරාජය කර ඇත්තේ 1992 වසරේදීය. එය තරඟ 3කින් සමන්විත වූ තරඟාවලියක් වූ අතර පළමු තරඟ දෙකම ශ්‍රී ලංකාව ජයගෙන තිබුණි. එසේම ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟාවලියකින් ශ්‍රී ලංකාව අවසන් වරට ජයගෙන ඇත්තේ 2010 වසරේ දී වීම ද විශේෂත්වයකි.
SL vs AUS | විශේෂ අවස්ථා
දසුන් ශානකගේ ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු පිතිකරණ තත්වයන් යටතේ සිය ඉණිම ක්‍රියාත්මක කළේ චරිත් අසලංකගේ අගනා ශතකය මත පදනම් වෙමින්. ඕස්ට්‍රේලියානුවන්ගේ දඟ පන්දු බලඇණිය තරඟාවලිය තුළ එතරම් දස්කම් පෑමට සමත් නොවුනත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 258කට සීමා කිරීමට එම කණ්ඩායම සමත් විය.
යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලේලාගේ කණ්ඩායමට නව වීරයෙකු වූ අතර ඔහු නොබියව වමතින් දඟ පන්දු යවමින් මිචෙල් මාෂ්ගේ තීරණාත්මක කඩුල්ල දවා ගත්තේය. 19 හැවිරිදි ක්‍රීඩකයාට අමතරව මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ධනංජය ද සිල්වා සහ චාමික කරුණාරත්න ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට නියම මොහොතේ ක්‍රියාත්මක විය.
ට්‍රැවිස් හෙඩ්ගේ සහ ඩේවිඩ් වෝනර්ගේ කඩුළු දවා ගැනීමට ධනන්ජය ද සිල්වා ක්‍රියාත්මක වීම, ග්ලේන් මැක්ස්වෙල් 1 ලකුණකට සීමා කිරීමට මහේෂ් තීක්ෂණ සමත්වීම, ග්‍රීන්ව වැන්ඩසේ විසින් දවා ගැනීම හා අවසන් මොහොතේ ශ්‍රී ලංකාවට හිසරදයක් ඇති කළ පැට් කමින්ස්ව චාමික කරුණාරත්න විසින් දවා ගැනීම තරඟය ශ්‍රී ලංකාව වෙත ඇද ගැනීමට සමත් වූ විශේෂ අවස්ථා විය.
නායක දසුන් ශානකගේ අවසන් අවස්ථාවේ මිලියන 22ක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ හෘදස්පන්දනය පරික්ෂා කරමින් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරමින් ප්‍රභල ප්‍රහාරයකට ලක්විය. එම පන්දුවාරය තුළ ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 19ක් අවශ්‍ය වී තිබූ 4 පහර 3ක් එල්ල කරමින් අවසන් පන්දුවට ලකුණු 5ක් අවශ්‍ය තත්වයක් දක්වා ලංකාව වෙත පීඩනයක් එල්ල කිරීමට කුනමන් සමත් උනා.
පන්දු යැවීමේ උපදේශක පුහුණුකරු ලසිත් මාලිංග 4 සීමාව ආසන්නයේ කෝපයට පත් වෙද්දී, අවසන් පන්දුවට දිගු වේලාවක් රැඳී සිටීමෙන් ශානක යැවූ ඕෆ් කටර් පන්දුව ජයග්‍රහණය සහතික කළේය. අවසන් පන්දුව වමත් පිතිකරුවා උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර එය වෙනත් කිසිවකු නොව චරිත් අසලංක විසින් අල්ලා ගත්තේය.
ආරම්භකයින්ගේ නරක වාසනාව
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට කණ්ඩායමක ආරම්භක පිතිකරුවන් 0 සහ 99 ලෙස භයානක ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේය. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ඒරොන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් යන දෙපළයි.