Advertise with Giraya
NEWS

නීතිමය ප්‍රතිපාදන නොමැතිව පැනවූ “පොලිස් ඇඳිරි නීතිය” ඉවත් කරගනී

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ “පොලිස් ඇඳිරි නීතිය” පොලිස්පතිවරයා විසින් ඉවත් කරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා පවසන්නේ ජූලි 09 වැනිදා පෙරවරු 8 සිට එය ඉවත් කරගන්නා බවයි.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ජූලි 08 වැනිදා පස්වරු 9 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් බලප්‍රදේශ 7කට “පොලිස් ඇඳිරි නීතිය” පැනවූ බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය ඊයේ ප්‍රකාශ කළා. ඒ “රටම කොළඹට” දැවැන්ත විරෝධතා ව්‍යාපාරය ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙරයි.

කෙසේ වෙතත් මෙවැනි “පොලිස් ඇඳිරි නීතිය” පැනවීමේ බලයක් පොලිස් ආඥාපනතින් ලබා දී නොමැති බවත් මෙය බලය අතික්‍රමණය කිරීමක් බවටත් නීතිවේදීන්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් පෙන්වා දෙනු ලැබුවා.

පොලිස්පතිවරයා විසින් හිටිහැටියේම මෙලෙස ප්‍රදේශ කිහිපයකට පැනවූ බව කියන “පොලිස් ඇඳිරි නීතිය” නිති විරෝධී බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කළා. ජූලි 08 රාත්‍රියේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් ඇඳිරි නීතිය පැනවීමට පොලිස් ආඥාපනතින් හෝ වෙනත් නීතියක් මගින් කිසිදු ප්‍රතිපාදනයක් ලබා දී නොමැති බව නීතිඥ සංගමය එම නිවේදනය මගින් අවධාරණය කළා. මේ අනුව, අදාළ ඇඳිරි නීති නිවේදනය ඉවත් කර ගැනීමෙන් රටට සිදුවිය හැකි බරපතල හානියක් වළක්වාගත හැකි බවයි එම නිවේදනයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළේ “ඍජුව කළ නොහැකි දේ වක්‍රව කිරීමට කටයුතු නොකරන” ලෙසයි. එසේම පොලිස්පතිවරයා විසින් මෙලෙස පනවා ඇති “පොලිස් ඇඳිරි නීතිය” නීති විරෝධී බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද තහවුරු කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිවේදීන් රැසක් ද ප්‍රකාශ නිකුත් කරමින් මෙම ඇඳිරි නීතිය නිති විරෝධී බව සඳහන් කර සිටියා. මේ අතර තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය මෙම ඇඳිරි නීති පැනවීම අධිකරණය හමුවේ ප්‍රශ්න කරන බව ද නිවේදනය කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Giraya News Alerts

Trending

පුවත් ලෙලි ගසා සත්‍ය දැනගන්න

Copyright © 2016 Giraya News. Powered by Digital Hub

To Top