Connect with us
Advertise with Giraya

NEWS

අරලිය මැදුරේ ගැටුමේන් අරගලකරුවන් 10ක් රෝහලේ

Published

on

අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වී තිබෙන ගැටුමිකින් කාන්තාවක් ඇතුළු 10 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. මේ වනවිට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන්ගේ භාරයේ තිබෙන අතර ඔවුන් දිවා රාත්‍රිය එහි ගත කරමින් සිටිනවා.

ආරංචි මාර්ග පවසන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් සහ තවත් පිරිසක් අතර ගැටුම හටගෙන තිබෙන අතර පිරිසක් පවසන්නේ ආහාර බෙදීමේ ගැටළුවක් මුල්කරගෙන මෙම ගැටුම ඇති වූ බවයි. කෙසේ වෙතත් තවත් පිරිසක් පවසන්නේ එය අරලියගහ මන්දිරයේ වායුසමනය කළ කාමරයක් බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොල්ලුපිටිය පොලීසිය පවසනවා.

Giraya News Alerts

NEWS

දැනට ඩලස් ඉදිරියෙන්, ඩලස් වට්ටන්න බැසිල් සාගරට සම්පූර්ණ බලය පවරයි

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජනාධිපතිධූරය සඳහා තරඟ කිරීමට ඉදිරි වන බව ජූලි 15 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය. ඒ සමගම කලබලය පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, ජාතික ලැයිස්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිවේදනය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිධූරය සඳහා කිසිවෙක් ඉදිරිපත් නොකරන බවයි. එබැවින් ඩලස් අලහප්පෙරුම පක්ෂයේ තීරණයට එරෙහිව ඉදිරිපත් වී ඇති බැවින් තම පක්ෂය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ඩලස් – බැසිල් අන්දරය

මෙරට දේශපාලනය තුළ ප්‍රසිද්ධම දේශපාලන වෛරයක් ඇත්තේ ඩලස් අලහප්පෙරුම සහ බැසිල් රාජපක්ෂ අතරයි. එකම කඳවුරේ දේශපාලන කරන දෙදෙනෙකු අතර මෙම විරසකය පවතින්නේ දශක කිහිපයක සිටයි. නමුත් මහින්ද රාජපක්ෂ සමග කිට්ටු සම්බන්ධතාවය පවතින ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත් කිරීමත් සමග පොහොට්ටු ආණ්ඩුවට දෙහි කැපීමට පටන් ගත්තේය. ඒ අනුව, ඩලස් අලහප්පෙරුම විමල්-ගම්මන්පිල කණ්ඩායම සමග නැවුම් දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීම පසුගිය මාස කිහිපය තුළ සිදුවිය. මේ සමගම ඩලස් – මහින්ද සම්බන්ධතාවය ද දෙදෙරා ගොස් ඇති බව දේශපාලන ආරංචි අනාවරණය කර තිබුණා.

Giraya News Alerts

ඩලස්ගේ නායකත්වයෙන් නව කඳවුරක්

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ කණ්ඩායම, විමල්-ගම්මන්පිල ඇතුළු පක්ෂ 10 කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යළි සංවිධානය වෙමින් සිටි පසුබිමක ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස් වූ ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇත. එය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග එතෙක් නිහැඩියාවක සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කළේ තමන් රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බවත් ඩලස් අලහප්පෙරුම පක්ෂයේ තීරණයට පිටින් ගොස් ඇති බව දැනගන්නට ලැබුණු බවත් ය.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී වාර්තා වූයේ එම තීරණය පක්ෂ මහලේකම්වරයා පක්ෂයේ ජාතික සංවිධායකවරයාගෙන් පමණක් විමසා ගත් තීරණයක් බවයි. ආරංචි මාර්ග සඳහන් කළේ එහිදී මහලේකම්වරයාට ලැබී ඇති උපදෙස වී ඇත්තේ අවශ්‍ය ඕනෑම යමක් සිදුකර ඩලස්ව පරාජය කිරීමට පියවර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනෙකුත් ප්‍රධානීන් දැනුවත් කර නොතිබීම හා ඔවුන්ගේ එකඟත්වය ගෙන නොතිබීමෙන් පක්ෂය අභ්‍යන්තරයේ විශාල අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ සභාපති මහාචාර්ය ජීඇල් පීරිස් සඳහන් කර ඇත්තේ පක්ෂයේ සාමාජිකයෙකු වූ ඩලස් අලහප්පෙරුම තමන් ඉදිරිපත් වන බව දැනුම් දී ඇති බැවින් ඔහුට සහය පළ කිරීම පක්ෂයේ තීරණය විය යුතු බවයි. පක්ෂයේ නියෝජිතයෙකු ඉදිරිපත්ව සිටින විට වෙනත් අයෙකුට සහය දීමට පක්ෂය කටයුතු නොකළ යුතු බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

මේ අතර ප්‍රකාශයක් කරමින් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධූර විතාන පවසන්නේ රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීම පක්ෂයේ පොදු තීරණයක් නොවන බවත් එය මහලේකම්වරයාගේ පුද්ගලික තීරණයක් පමණක් බවත් ය.

දැනට ඩලස් ඉදිරියෙන්

කෙසේ වෙතත් මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව ඩලස් අලහප්පෙරුමට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 75 දෙනෙකු තහවුරු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඊට අමතරව විමල් ගම්මන්පිල කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 8 දෙනෙකු ද ඔහුට සහය පළ කරන බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින 97 දෙනෙකුගේ සහය ඩලස් අලහප්පෙරුමට ලබාදෙන බව තහවුරු කර ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා. මේ අතර ඩලස් අලහප්පරුමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ද සහය පළ කිරීමට සාකච්ඡාවක් පවතින ඒ සජිත් ප්‍රේමදාස අගමැතිධූරයට පත් කිරීමේ එකඟතාවය මතයි. දෙමළ ජාතික සන්ධානය ද බොහෝදුරට ඩලස් අලහප්පෙරුමට සහය පළ කිරීමට ඉඩ ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටියා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතුළු කොන්දේසි කිහිපයකට යටත්වයි.

මේ අතර, ඩලස් අලහප්පෙරුම සිය ආණ්ඩුවේ අගමැතිධූරයට පත් කිරීමට දැනටමත් යෝජනා කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසවයි. නමුත් මේ වනවිට සජිත් ප්‍රේමදාස ද ජනාධිපතිධූරය සඳහා තරඟ කරන බව ප්‍රකාශ කර ඇති අතර ඔහුට මේ වනවිට 65 දෙනෙකු සහය පළ කරන සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළා.

දැනට වාර්තා වන තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීම සඳහා ඉදිරිපත්ව ඇත්තේ බැසිල් රාජපක්ෂට හිතවත් මන්ත්‍රීවරු 35 දෙනෙකු පමණයි.

මෙම ඡන්ද විමසීමේ දී ජාතික ජනබලවේගය සහ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමේ සූදානමක් ද පවතිනවා.

Continue Reading

NEWS

Watch Live – ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බව කථානායක නිවේදනය කරයි

Published

on

By

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය තමන් වෙත යොමු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ජූලි 15 වැනිදා කථානායකවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (1) (ආ) අනුව්‍යවස්ථාව අනුව තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම් දී තිබේ. ජූනි 14 දින සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අදාළ ලිපිය මෙරටට ලැබී තිබූ අතර කථානායකවරයා විසින් එහි සත්‍යභාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව මෙම අස්වීම නිවේදනය කළේය.

Continue Reading

NEWS

වැඩ බලන ජනාධිපති රනිල්ගෙන් නියෝග රැසක්

Published

on

By

වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව කථානායක විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය. ජූලි 13 වැනිදා ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම අපේක්ෂාවෙන් සිටිය දී කථානායකවරයා පැවසුවේ ජනාධිපතිවරයා විදෙස්ගතව සිටින බැවින් එම පත් කිරීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් රට තුළ ඉන් ඇති වූ තත්වය හමුවේ කථානායකවරයා යළිත් ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ ජනාධිපතිවරයා අද දිනය තුළ සිය ඉල්ලා අස්වීම තමන් වෙත භාර දෙන බවට පොරොන්දු වූ බවයි.

ඒ අනුව, වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ රට තුළ පවතින තත්ත්වය පාලනය කරන ලෙස තමා ආරක්ෂක අංශ නිලධාරීන් ට උපදෙස් ලබාදුන් බවයි. එසේම සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන අවස්ථාවේදී තමන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සඳුදා පක්ෂ නායක හමුවේදී ප්‍රතිඥාවක් දී ඇති බවද වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

Giraya News Alerts

එසේම රට තුළ හදිසි නීතිය පැනවීමටත් බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවීමටත් වැඩ බලන ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub