ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබේ. ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ජනාධිපතිවරයා සහ බිරිඳ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට වේලාවෙන් 03:00ට මාලේ අගනුවරට ළඟා වූ බව වාර්තා විය.
මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පවතින රජයේ ඉල්ලීමට ආරක්ෂක මණ්ඩලයේ ද තීරණයක් අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ පුර්ණ අනුමැතියට යටත්ව කටුනායක ගුවන් තොටුපළේ ඇති ආගමන විමගමන, රේගු හා අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා ට සහ එම මැතිනියට මාලදිවයින බලා පිටත්ව යෑමට ගුවන් යානයක් ලබාදුන් බවයි.
ඒ අනුව අද අලුයම ආරක්ෂකයින් දෙදෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළෙන් ඔවුන් පිටත් වු බව ද ගුවන් හමුදාව නිවේදනය කරයි.