Advertise with Giraya
NEWS

පියත් නිකේෂලට පහරදුන්නැයි කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට – පහරදීමට හේතුව බේරෙට එබූ වීඩියෝවක් පළ කිරීම!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති, චන්දික අබේරත්න පොලීසිය විසින් මැයි 10 රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල යන අයට පහරදීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව පොලීසිය පවසනවා.

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පියත් නිකේෂලට කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේ දී මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම අවස්ථාව සිය ජංගම දුරකතනයෙන් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ද පියත් නිකේෂල කටයුතු කර ඇති අතර ඔහුගේ වාහන රියදුරු අසුන ආසන්නේ වීදුරුව බිඳ පිරිසක් විසින් පහරදීමක් සිදුකරන අයුරු පටිගත වී තිබෙනවා.

පසුගිය වසරේ මැයි 09 වැනිදා ගාලුමුවදොරට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව බේරේ වැවට ඇද දැමූ කඩුවෙල උප නගරාධිපතිවරයා සිටින වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ පළ කිරීමට පලිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය තමන්ට එල්ල කළ බව ප්‍රහාරයට ලක් වූ පියත් නිකේෂල පවසනවා. එසේම එම ප්‍රහාරය සඳහා මන්නයක් ඇතුළු තියුණු ආයුධ භාවිතා කළ බවටත්, කඩුවෙල හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු පිරිසක් සහභාගි වූ බවටත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට පහරකෑමට ලක්ව සිටින පියත් නිකේෂල ද කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙම ප්‍රහාරයට විරෝධය පළ කරමින් මැයි 11 දින කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට ද සූදානම් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Giraya News Alerts

Trending

පුවත් ලෙලි ගසා සත්‍ය දැනගන්න

Copyright © 2016 Giraya News. Powered by Digital Hub

To Top